“ඔව් මහේෂ් කතා කරනවා“ ...
“මේ අංක .....නිවසද?...“
“ඔව් ...ඔබ කවුද ? “
“මම ....සංවිධානයෙන් ...ඔබේ දරුවන් දෙදෙනාට නත්තල් තෑගි පාර්සල් දෙකක් අපි ගෙනත් තියෙනවා , අපිට එන්නට අවසරද ?...“
“ඔව් , එන්න ...“.....
“බොහොම ස්තුතියි ඔබටත් සුබ නත්තලක් වේවා ..“....
දෙසැම්බරය ලැබුව විතරයි , විවිධාකාර සංවිධාන , ආයතන මගින් දරුවන් වෙත තෑගි ලබා දෙන්නට පටන් අරගෙන ...අපේ දෙන්නත් බලාගෙන හිටිය දෙයක් තමා “නත්තල් සීයාගේ තෑගි “...දෙන්නටම සතුටුයි .....ලස්සනට සරසපු පෙට්ටි දෙකක් පුරවලා , තෑගි , දෙන්නගේ වයසට ගැලපෙන විදියටම , පොඩ්ඩිටහම්බවුනු තෑගි අස්සේ ලස්සන “බබාලා ගොඩක්“ ...කෙල්ලට නම් සතුටේ බැරුවා ..මොකද කෙල්ල “බෝනික්කන්ට“ හරිම ආසයි ..පොඩ්ඩි බබාල ඔක්කොම තුරුළු කරගෙන නලවන්න හදනවා ..ඇත්තම බබාල වගේම තමා ..මටත් ඒ දිහා බලාගෙන ඉන්න හිතුන ..කෝහේ නලවන්නද අත අස්සෙන් එක්කෙනා දෙන්න වැටෙනවා ...බලන් හිටපු අක්ක උඩ පැන පැන හිනා ...මෙයා මෙහෙම බබාල නැලෙව්වොත් අපිට හැමදාම ඉමර්ජන්සි යුනිට් එකේ තමා ඉන්න වෙන්නේ ...
එක වගේම මේ ප්ලාසිටික් බබාල දිහා බලාන හිටි මට මතක් වුනේ “වීදුරු බබාලා ...“ ..???????......
පොඩ්ඩක් ඉන්නකෝ ....මේ කතාව වෙන තැනට හරියටම කිලෝමීටර් 14155කට එහා , මීට අවුරුදු විස්සකට විතර වුනු කත බහකුත් මේ එක්ක එකතු කරන්න හිතුවා ....
“මද්දු ...පොඩ්ඩක් ඉන්න ....ගෙට ඇවිත් පොඩ්ඩක් වෙලා ඉඳල යන්න ...“
වඳ ගෑනී ...වද ගෑනී ! |
“ඇයි කියල අහන්නේ ..ඔය ඉස්සරහට එන්නේ කවුද ...? ..“ ...
“ ආ ..ඔය එන්නේ සුමන නැන්දනේ ..“ ...
“හ්ම් ...එයාව ඉස්සරහට හම්බවෙලා මේ වගේ ගමනක් යනවද ? ....“
“ඇයි පුංචි ... එයා පුංචිගෙත් යාළුවනේ ...“...
“යාළුව තමයි ..මහ මූසල ගෑනි ... දරුවෙක්වත් හදා ගන්න පිනක් නැති ...වඳ ....මුස්පේන්තු ගෑනි ...“ ...
මොකක්දෝ විභාගෙකට යන්න පුංචිලගේ ගෙදර ඉඳල උදේ පාන්දර ගාලු බස් නැවතුම් පලට යන්න පිටත් වෙන්න හදත්දි වෙච්ච කතාබහක් මේ ........
දැන් ඔබ අහවි මොකක්ද මේ කතා දෙකේ සම්බන්ධය කියලා ..
එහෙම නම් පරණ කතා නවතා මොහොතක් ....අපි පටන් ගනිමු අළුතින් ලිපියක් ...! ..
මේ වීදුරු බබාලගේ කතාවට දෙන්න සුදුසුම නම තමයි Assisted Reproductive Technology - ART කියන ජෛව විද්‍යාත්මක තාක්ෂණීක ක්‍රියාවලිය .අද අපේ කතා බව යොමුවෙන්නේ මේ අළුත් ..(අළුත් කීව්වට අළුත්ම නැති , එත් නිරන්තරයෙන් දියුණූ වන ) කටයුත්ත ගැනයි ..ඉතින් මේ වගේ boring කතාබහකට කැමති නැති මිතුරන්ට දැන් අවස්ථාව මෙයින් මිදිල වෙනත් බ්ලොග් පිටුවක් වෙත යොමු වන්නට ..මෙවන් දේ ගැන කතා කරන්නට , දැන ගන්නට , රසවිඳින්නට රිසි ඔබ පමණක් මෙතැනින් එහාට රැඳෙන බව මම දන්නවා ....
අද අපේ කතාව පටන් ගන්නට මුලින්ම මතක් කර ගන්නට වෙනවා , දරු පිළිසිඳගැනීමක් වෙන හැටි ....අපි මේ ගැන කතා කරල තියෙනවා , ඒත් අදත් පොඩ්ඩක් ඒ ගැන කතා කරන්න වෙනවා.
ඔබ දැනටමත් දන්නවා , දරුවෙක් පිළීසිඳ ගැනීමේ ක්‍රියාවලියේ මුල්ම පියවර සක්‍රිය ස්ත්‍රී ජන්මාණූවක් සහ සක්‍රිය පුරුෂ ජන්මාණුවක් එක් වීම කියල ..මේ එක් වීමේ ක්‍රියාවලිය සාමාන්‍යෙයන් සිදුවන්නේ ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ ඉහළ තියෙන ෆැලෝපියන් නාල තුලදී , මේ එක් වීම වුනාට පස්සේ හැදෙන “අළුත් කෙනා“ ...අපි කියන්නේ යුක්තාණූව කියල ...Zygote කියන්නෙත් එයාටමයි ..දැන් ටිකක් බෙදිලා සෛල ගොනුවක් බවට පත්වෙලා ...මේ සෛල බෝලේ පෙරළිලා එනවා ගර්භාෂය තුලට ..එහෙම පෙරළිලා ඇවිත් ගර්භාෂ බිත්තියේ , ඒ වෙනුවෙන්ම හදපු සුව පහසු එන්ඩොමෙට්‍රියමේ රිංගල “තැන්පත්“ implantation වුනාම තමයි ගර්භණීතවයක් Pregnancy ආරම්භ වෙන්නේ .. දැන් ඒ කිය්නනේ මේ කාන්තාව “අම්ම කෙනෙක්“ වෙන්නයි යන්නේ ...ඒත් ...මේ විදියට අම්ම කෙනෙක් වෙන්නට වරම් නැතිවන කාන්තාවන් කොතරම් ඉන්නවද ? ...විවාහයෙන් පස්සේ දරුවක් හදා ගන්නට බැරිව තැවෙන බිරින්දෑවරු , දරුවක් නැති වීමේ සෝකය විතරද හිතේ දරා ගන්නේ ...? නැහැ ..නැන්දම්මගෙන් ලැබෙන ඇනුම්පද , අල්ලපු ගෙවල් වල අක්කලාගෙන් ඇහෙන රහස් ( මොකද කසාද බැන්දම දරුවක් හැදෙනකම් බලාගෙනම ඉන්නෙ අල්ලපු ගෙවල් වල අයනේ ..) ඒ විතරද තවමත් සමාජයේ ඇටුවන් බැහැල තියෙන සමහර මත ....මේ හැමදේකින්ම විඳවන්න වෙන්නේ “ඇයට“ ...ඒත් “දරුවෙක් ලබන්නට නොහැකී වීමේ වරද“ ඇයටම පවරන එක සාධාරණද ? ....අපි කතාබහේ ඉදිරියට යත්දි මේ ගැන දැන ගන්නට පුළුවන් ..
කාන්තාවකගේ බැලුවොත් ඩිම්බ මුදාහැරීමේ ගැටළු , ( හෝමෝන ගැටළු , ඩිම්බකෝෂ වල රෝග තත්ත්ව) , ඊළඟට ෆැලෝපියන් නාලයේ අවහිරතා , එතැනින් ගියාම , ගර්භාෂයේ ගැටළු , විශේෂයෙන්ම ගර්භාෂ ඇතුළු බිත්තියේ ගැටළු ...සමහර විට යෝනි මාර්ගයේ පවතින සංයුතියේ වෙනස්කම් ..මේ වගේ හේතු සාධක ගණනාවක් නිසාවෙන් තමයි “මදසරුභාවයි“ ඇති වෙන්නේ ...
ඒත් අද කතාව මද සරුභාවය ගැන නොවෙයිනේ ..අද කතාව අර “වීදුරු බබාලා“ ගැන ...ඒ කියන්නේ “මදසරුභාවයෙන් “ පෙළෙන අයට දරු පැටියෙක් ලබා දෙන නවතම ජෛව තාක්ෂණීක ක්‍රියාදාමය ගැන ..
අද වෛද්‍ය විද්‍යාවේ ඉක්මණින්ම දියුණූ වන , පර්යේෂණ සිදුවන මේ අළුත් තාක්ෂණය නම් කරන්නේ Assisted Reproductive Technology නැත්නම් ART කියලා..
මේ “ආර්ට්“ එකේ ආකාර ගණනාවක් තිබෙනවා , අපි ඒ ඔක්කොම ගැන එකින් එක කතා කරන්න යන්නේ නැහැ , ඒත් දළ අදහසක් ගන්න එක හොඳයි , මොකද නව තාක්ෂණය ගැන වගේම වෛද්‍ය තාක්ෂණයේ අපූරු නැවුම් තතුත් දැන ගෙන ඉන්න එක වටින නිසා ,

ඊට පස්සේ ඒ විදියට ඒක් වෙලා හැදුනු “පැටියගේ පුංචිම අවස්ථාව - යුක්තාණුව Zygote“ කිහිපයක් ආයෙත් පරිස්සමින් ඇයගේ ගර්භාෂයට ඇතුළු කරන එක ...මේ විදියට “පුංචි පැටිත්තන් “ කිහිප දෙනෙක් ඇයගේ ගර්භාෂයේ තැන්පත් කළාම ටික දවසකින් “ අම්මගේ බඩේ පැටියෙක් “ , සමහර විට පැටවු දෙන්නෙක් විතර ඉන්නත් ඉඩ තියෙනවා ...තාක්ෂණයේ නිසි ප්‍රතිපල ලැබුනොත් “කාටද සන්තෝසේ...“
අනෙක් ක්‍රමය මුල් ක්‍රමය වගේමයි , ඒත් අර සෛල දෙක ගානෙ එකතු කරල හදා ගත්ත “යුක්තාණව නැත්නම් පැටියගේ පුංචිම අවස්ථාව“ ...තැන්පත් කරන්නේ ගර්භාෂයේ නොවෙයි , ඊට ටිකක් ඉහලට අරන් ගිහින් ෆැලෝපියන් නාලය තුල තමයි තැන්පත් කරන්නේ ..ඒ නිසා මේ ක්‍රමයට කියනවා Zygote intrafallopian transfer (ZIFT) කියලා ... මේ විදියටම හදා ගන්න “යුක්තාණුව“ අම්මගේ ගර්භාෂයේ “හොඳම කාළේ එනකම් Freeze කරලා තියලා පස්සේ තැන්පත් කරන්නටත් දැන් පුළුවන් Frozen embryo transfer (FET) කියනනේ ඒ විදියට නියමිත අවස්ථාව එනකම්ම සීතලේ Freeze වෙලා ඉන්න “සෛල ගොණූව“ ගර්භාෂයේ තැන්පත් කරන ක්‍රියාවලිය ...

අපි මේ විදියේ කතාවක් කියවමු , අපේ පළමු යුවලේ කාන්තාවට ඩිම්බ සෛල නිපදවන්නට බැරි තත්ත්වයක් , නැත්නම් අනතුරක් තියෙනවා ...ඒත් ඒ යුවලට දරුවෙක් හදා ගන්න ආසාවත් තියෙනවා ...දැන් මොකද කරන්නේ ...කරන්න තියෙන එකම දේ වෙන කාගෙන් හරි ඩිම්බ සෛලයක් ඉල්ල ගන්න එක ...ඒක පවුලේ වෙන නංගි කෙනෙක් ගෙන් හරි වෙනත් “පරිත්‍යාගශිලී කාන්තාවගෙන්“ හරි වෙන්න පුළුවන් ..දැන් යුවලේ මහත්තයගේ ශුක්‍රාණුවක්, මේ ඩිම්බ සෛලය එක්ක එකතු කරනවා විදුරු තැටියකදි ..හැදෙන “ පුංචි පැටියා, අපේ යුවලේ කාන්තාවගේ ගර්භාෂය “ ඇතුලේ තැන්පත් කරන්න පුළුවන් ..දැන් එයා අම්ම කෙනෙක් ..ඒත් “පැටියගේ ඇත්තම අම්ම එයාමද?....“...
මෙන්න මේ තත්ත්වයත් එක්ක Genetic parents නැත්නම් ජානමය බැඳිම ඇති මව හෝ පිය සහ Social parents සමාජමය වශයෙන් බැඳිම් ඇති මවක සහ පියෙක් කියන අළුත් “තනතුරු “ හැදිලා අවසන් ...
ඒ විතරද ..මේ ජන්මාණු සෛල “බැංකු වල“ දාල ( මේ වෙනුවෙන් විශේෂීත ජනමාණූ බැංකු අද තියෙනවා , යම් විශේෂීත තත්ත්වයකදි තමන්ගේ , නැත්නම් තමන්ගේ සැමියාගේ ජන්මාණූ සුරක්ෂිත කරලා තියා ගන්න පුළුවන් මේ තැන්වල) ...තියාගෙන කාළෙකට පස්සේ අරගෙන පැටියෙක් හදා ගන්නත් පුළුවන් ...හිතමුකෝ “මහචාර්ය සීය “ බැංකුවේ තැන්පත් කරල තියෙන ශුක්‍රාණූ අරගෙන තුන්වන පරම්පරාවි මිනිපිරියක් , කසාද බදින්නෙත් නැතිවම ART එකක් කර ගත්තොත් ...මේ වගේ අළුත් ප්‍රශ්න ගණනාවක් අද මතු වෙනවා , මෙතැනදි ජීව විද්‍යාත්මක වගේම සමාජයීය , නීතිය අනුකූල ගැටළු ඇති වෙනවා .
එහෙම නම් අදත් සටහන නිමා කරන්නටයි හදන්නේ ...මේ සටහන සමහර විට රසවත් ඇති , සමහරෙකුට එසේ නොවන්නටත් ඇති ...කෙසේ වුනත් මේ සටහනත් සොඳුරු සුව අසපුවේ රැඳිලා තියේවි ....ඒ වගේම මේ ලිපි තවත් අයෙකුට ප්‍රයෝජනවත් වේයැයි කියල හිතෙනවා නම් ඔබේ බ්ලොග් සටහනේ , නැත්නම් ෆේස්බුක් පිටුවේ පොඩි ඉඩක් ලබා දීලා “සොඳුරු සුව අසපුව“ තුලින් ඔබේ සෞඛ්‍යයට යමක් බෙදා දෙන්නට එකතු වෙන්න ... නමුත් “සොඳුරු සුව අසපුව“ කිසිම අයුරකින් වාණිජ අරමුණක් නොදරන නිසා මෙය තවත් පැතිරුණත් නැතත් පුළුවන් වෙලාවට සටහනක් එකතු කිරීමේ අරමුණ තවමත් තිබෙනවා ...
ඒ වගේම මේ දවස් ටිකේ විභාග , මෙන්ම රාජකාරිමය කටයුතු ටිකක් වැඩිවීම නිසා මේ පෝස්ට් එකත් එකතු වුනේ හුඟක් ප්‍රමාද වෙලා ..සමහර විට ඉදිරියේදිත් මේ ප්‍රශ්නේ එන්න පුළුවන් ..ඒත් මුලින් කීව වගේ ..ලැබෙන විවේකය “සොඳුරු සුව අසපුවට“ අළුත් පිටුවක් එක් කරනවාමයි ..තව දෙයක් ඔබ දන්නවද මේ පෝස්ට් එක තුලදි සොඳුරු සුව අසපුවේ පෙරළුනු පිටු ගණන ලක්ෂය පනින වග ..ඒක සතුටක් ...ඒ සතුටේ හිමිකරු මා පමණක් නොවේ . , ඔබත් එහි කොටස් කරුවෙක් ලෙසින් සතුටු වනවා නම් එයම සතුටක් මට ..
සුව සතුට පිරි දවසක් ඔබ සැමට ...
යන්න ඉස්සර වෙලා කැමති නම් මේ වීඩියෝ ටික බලන්න ..
(ART එකේ සුවය ලබන “මවක්)