Quantcast
Channel: සොඳුරු සුව අසපුව
Viewing all articles
Browse latest Browse all 245

“ලස්සෙට කොඩි දාන්න“ එන්න මෙන්න ආරාධනා ...

$
0
0
සොඳුරු සුව අසපුව ගිය අවුරුද්දේ මැයි මාසේ මැද හරියෙදි පටන් ගත්තේ මගෙන් ඈත් වෙලා යන “දරුවන්ට“ ඈත ඉඳන් හරි යමක් දෙන්නට හිතාගෙන . 



ඒත් ටික දවසක් යත්දි ඒ අරමුණ ඊට වඩා පුළුල් අරමුණක් සහිතව සිංහල බ්ලොග් පරිශ්‍රය තුල පැතිරුණා. ඒ “සොඳුරු සුව අසපුව“ අද සුවිශේෂී ඉමක් පසු කළා . ඒ පිටු 100 000 , ලක්ෂයක් දිග හැරුණූ බව සටහන් කරමින් . 

 ඒ කියන්නේ අඩුම තරමේ ඉන් දහයෙන් පංගුවක්වත් යමක් ගන්නට ඇති කියල හිතෙනවා . සතුට එයයි , 

ඒ වගේම මේ කාළ සීමාව තුල දෑසින් නොදුටු , හිත හොඳ මිතුරන් රැසක් හඳුනාගන්නට අවස්ථාව ලැබුණා ,එය තවත් සතුටක් . .. 

ඒ වගේම “සොඳුරු සුව අසපුව“ තුලින් අනතුරට යමින් තිබූ ජීවිතයක් , නැවතත් ගොඩගන්නට හැකියාව ලැබුණා ඔබ සැමගේ දායකත්වය සමඟින්. එයත් අපමණ සතුටක් ...

එමෙන්ම අද “සොඳුරු සුව අසපුව “ මට , මගේ එක් අරමුණක් ...එයම මට සතුටක් .. මේ සියළු සතුටු සිත් වල කොටස්කරුවන් වන්නේ , “සොඳුරු සුව අසපුවට“ ආ ඔබ සැමයි ..ඉතින් ඉදිරියටත් කාළය සමඟ සටන් කරමින් “සොඳුරු සුව අසපුව“ දැනුමින් පුරවන්නට උත්සාහ කරනවා , ඉතින් ....මෙතෙක් එක්ව ආ ඔබටත් ...ඉදිරියේදී එක්වන ඔබ සැමටත් හද පිරි සතුට බෙදා දෙමින් , ස්තුතියි පුද කරනවා ... 

 “සතුට අප ජීවත් කරවයි ...එන්න ඒ සතුටට එක්වන්න..“

Viewing all articles
Browse latest Browse all 245

Trending Articles