Quantcast
Channel: සොඳුරු සුව අසපුව
Viewing all articles
Browse latest Browse all 245

182) පාර තියා යන නැව් සමඟින් සුපර් ගොනා

$
0
0
“පැචී , අද ස්නෝ ගොඩයි , ඉක්මණට ලෑස්ති වෙමු , “ අම්ම හදල යන උදේ කෑම එක රත් කරලා , හොඳට පිළීයෙල කරල , නංගිට හරියන විදියට සූදානම් කරන අක්ක , ඇඳටම ගිහින් නඟාවත් කැඳවගෙන එන්නෙ බොහොම ආදර හුරතල් බස් කියවමින් . අක්කට ඒ වැඩ ටික කරන්න දීල පැත්තකට වෙලා නිව්ස් බල බල ඒ සහෝදර ආදරය දකින විඳින එක මට සතුටක් , මොකද  මට නොලැබුණූ ඒ සුන්දරත්වය දකින එක වෙලාවකට හිත තෙත් කරන සුන්දර අත්දැකීමක් .

දෙන්න එක්ක කෑම එක රසවිඳින ගමන් , එළියේ ස්නෝ වැටෙන හැටි බලාගෙන ඉන්න එක පුරුද්දක්. ඇත්තටම ඒක ලස්සන දසුනක් ඇසට වගේම , හිතටත්.

සුදුපාට අහස , පොළව සමඟින් හැංගෙන හිරු 
“ඒයි අක්කි මේ බලන්න අදත් ඇවිත් , “ 
“කවුද අම්මද , තාත්තද බබත් එක්කද “ 
“නෑ අද නං තාත්ත විතරයි වගේ , සිතල නිසා බබයි අම්මයි නිදි ඇති “ තේ කෝප්පේ වීදුරුවට තද කරගෙන පොඩ්ඩි කෑගහනව .

“හ්ම් අද අඩි පාරවල හැටියටනම් තාත්ත , අපරාදේ ඊයෙ අපට අමතක වුනා නේද එයාලට කෑම දාන්න , කමක් නැහැ පදුරේ කොළ තවම තියෙනව නේ “ 

මේ දවස් වල සීතලත් එක්ක අවට තියෙන ගොවිබිම් වල කන්න දෙයක් නැති නිසා රෑට රෑට ගෙවල් වලට එන අමුත්තො (ඇත්තටම හිතවත්තු) කට්ටියක් , ඒ මුවන් රෑනක් . කොයි තරම් මේ කට්ටිය හඳුනනවද කිවොත් , අඩි පාරවල් කියවල මුව පවුලේ අය හඳුනගන්න තරම් අපේ අක්කයි නංගියි දන්නව දැනටමත් .


පුරුද්දක් විදියට නින්දට යන්න ඉස්සර වෙලා “කන්කුන් මිටියක“ කොළ කඩල එළීයෙන් තිබ්බත් ඊයේ අමතක වෙලා වගේ කට්ටියට 

දෙන්නගේ කතාව අස්සට මමත් ගියා බලන්න , එකම හැඩේකට පිළීවෙලකට තිබෙන අඩි සළකුණූ , තවම ස්නෝ වලට වැහිලා නැහැ , ඒ කියන්නේ පාන්දර තමයි කට්ටිය ඇවිත් තියෙන්නෙ . මේ  අඩි සළකුණු දිහා බලන් හිදිත්දි මට මතක් වුන කතා ටිකක් ,

“එක රටාවක අඩි සළකුණු“ 
“අපටත් හොරාමා ඇවිත් තියල යන අඩි සළකුණු“
“තව ටික වෙලාවකින් ස්නෝවලට වැහිල මැකිල යන අඩි සළකුණු“

මේ සමහර කතා වලට බැඳුනු කතා කළ යුතු මාතෘකාවකට අද පාර පෙන්නුවේ මේ සුන්දර මුව පවුල , කතාව “පාර තියා යන නැව්“ ගැන
මේ මුව අඩිපාර වල් 

මේ ගොනෝරියා බැක්ටීරියාවන්

මේ කියන  මුව අඩි සළකුණූ වගේම බොහොම ලස්සන හැඩේට ඉන්න එක්තරා බැක්ටීරියාවක් නිසා ඇති වන දරුණූ රෝග තත්ත්වයක් ගැනයි අද පොඩිකතාව.

රෝගයේ නම් ගොනෝරියාව ... හ්ම් දැන් හිතා ගන්න පුළුවන් මේ “මුහුදේ නැව් ගියාට පාරවල් “ නොහිටින කතාව මෙතැන ඈදුනේ කොහොමද කියන එක නේ.

ඔව් එහෙම පාරවල් නොහිටියට , ගොනෝරියාව කියන ලිංගාශ්‍රිතව බෝවන රෝගය හැදුනොත් කොහොමත් “පාර වල්“ හිටිනවා , නමුත් දැන් මේ කියන්න යන්නේ ඊටත් වඩා දරුණූ තත්ත්වයක් ගැන . මොකද මෙච්චර කළක් ගොනෝරියාවට ප්‍රතිජීවක මගින් ප්‍රතිකාර කරමින් සුව කරන්නට , පාලනය කරන්නට පුළුවන් කමක් තිබුණ. නමුත් මේ අතරේ යම් ප්‍රතිශතයකට වැලඳුනු ගොනෝරියාවට ප්‍රතිජෛවක ලබා දුන්නත් , එම ප්‍රතිජෛවක ඖෂධ වලට ඔරොත්තු දෙන බවක් හදුනාගනිමින් තිබුණා. ලංකවේ ගොනෝරියා රෝගීන්ට ලබාදුන් පෙනිසිලින් වල ශක්තිය විනාශ කරමින් ඖෂධ වලට ඔරොත්තු දෙන ප්‍රබල ගොනෝරියා බැක්ටීරියා කාණ්ඩයක් වර්ධනය වෙමින් පවතින බව 1980-85 වගේ කාළයේදිම හඳුනාගෙන තිබුණා , නමුත් අද දවස වන විට ඒ තත්ත්වය හුඟක් දරුණූ වෙලා , ලබා දිය හැකි ඉහළම ප්‍රතිජෛවකයන්ටත් ඔරොත්තු දෙන ගොනෝ්රියා බැක්ටිරියාවන්  ලොව පුරා හඳුනාගනිමින් ඉන්නවා .

ඒ රටවල් අතර ලංකාවත් ඉන්න නිසා කවුරුත් පරිස්සම් වෙන එක හොඳයි, මොකද මෙවන් ඖෂධ ප්‍රතිරෝධී ගොනෝරියා බැක්ටීරියාවක් අපේ ඇඟට  ඇතුළු වුනොත් , එමඟින් ගොනෝරියා තත්ත්වය ඇති වුනොත් “දෙවි පිහිටයි“ තමා , මොකද බෙහෙත් දුන්නට ලෙඩේ හොඳ වෙන එකක් නැහැ  . මේ නිසාම මෙම ඖෂධ ප්‍රතිරෝධී ගොනෝරියා තත්ත්වය ඒඩ්ස් තරමටම , ඊටත් වඩා දරුණූ විය හැකි බවයි පැවසෙන්නේ . ලංකාවේ ලිංගාශ්‍රිතව බෝවන රෝග අතරේ ඉහළ තැනක ගොනෝරියාව දැනට ඉන්න නිසා , අවදානම තවත් වැඩියි.

මේ නිසාම , තමන්ට ගොනෝරියාව ඇති බවට පරික්ෂණ මඟින් තහවුරු කොට , ඖෂධ ලබා දුන්නා නම් , එම ඖෂධ නිවැරදි ආකාරයෙන් ( ප්‍රමාණය , වෙලාවට , ගත යුතු කාළ සීමාව) ගැනීම වැදගත් ,නිසි පසු අගැයුම් පරික්ෂණ කරවා ගැනීමත් ඒ වගේම වැදගත් .  ඒ වගේම  තමන්ට රෝග තත්ත්වය ඇත්නම් එය තවත් අයෙකුට පැතිරීම වලක්වා ගන්නට කටයුතු කරනවා නම් එය යහපත් මිනිසෙක් ලෙස ‘යුතුකමක්‘ .

තමන්ට මෙවන් රෝග තත්ත්වයක් නැත්නම් “ලෙඩේ දා ගන්නේ නැතිව“ ජීවත් වන්නට උත්සාහ කරන එක සුබයි , අමාරුම නම් විශ්වාසදායක නොවන ලිංගික එක් වීමකදි කොන්ඩම් වැනි ආරක්ෂක උපක්‍රම යොදා ගන්නේ නම් පරිස්සම් . මතක තබා ගන්න ඕන දෙයක් අවදානම් සහිත මුඛ , ගුද හෝ යෝනි කියන ඕනම මගක් ඔස්සේ සිදුකරන ලිංගික එක්වීමකින් මෙවන් රෝග තත්ත්ව ඔබටත් ලබා ගැනීමේ හැකියාවක් තිබෙනවා ( මෙහෙම කිව්වේ  මුඛ ලිංගික එක්වීම මඟින් මෙවන් රෝග වල අවදානම අඩුවේ යැයි පවතින වැරදි විශ්වාසයනිසා)

අවදානම් සහිත එක්වීමක් වුනා නම් ටිකක් සැළකිල්ලෙන් ඉන්න , ලිංගික අවයව ආශ්‍රිතව කොළ-කහ පැහැයට හුරු ස්‍රාවීන් , මුත්‍රා දැවිල්ල , වෘෂණ කෝෂ ඉදිමී තව වේදනාවක් එනවා නම්  , ආර්තවයන් අතර අසාමාන්‍ය ලෙස වරින් වර රුධිර වහනයන් වනවා නම් ( විශේෂයෙන්ම අවදානම් ලිංගික එක්වීමකට පසුව) ,

ගුද මාර්ගයෙන් සැරව වැනි ස්‍රාවීන් සමඟ පුපුර ගසනවා වැනි තද වේදනාවක් ඇති වනවා නම් , රැධීර වහනයන් වරින් වර සිදුවනවා නම් ( මේ කියන්නේ අනාරක්ෂීත ගුද-ලිංගික ඇසුරක් පැවත්වූ පසුව ) , හෝ මල පහ කිරීමේ තද වේදනාවක් පවතිනවා නම් ,

හෝ අනාරක්ෂීත මුඛ-ලිංගික එක්වීමකින් පසුව දිගින් දිගට පවතින උගුරේ අමාරු  , කෑම ගිලින විට තව වේදනාව

වැනි ලක්ෂණ ඇත්නම් පමා නොකර වෛද්‍යවරයා හමුවන්න , ලැජ්ජ නොවී , හංගන්නෙ නැතිව වෙච්ච් දේ කියන්න , පුළුවන් නම් සම්බන්ධ වුනු අනක් පුද්ගලයාටත් වෛද්‍ය පරීක්ෂණයට යොමු වෙන්නට උපකාර කරන්න. මොකද මෙවන් අවස්ථාවක “පමාව නිමාවට“ හේතු වන්නට පුළුවන් නිසා. හැබැයි දැන් ලෙඩේට නම දෙන්න හදන්නෙත් “සුපර් ගොනෝරියාව“ කියල , මොනව උනත් “සුපර්“ නේ නේද ?

අදට කතාව නිමයි , හෙටත් “පොඩි කතාවකින් “ හමුවෙමු.

ඖෂධ ප්‍රතිරෝධී බව ගැන තව දැන ගන්න ඕන නම් කියවන්න
http://www.nursinglk.com/2011/06/5th-discussion.html

ගොනෝරියාව ගැන දිග විස්තරයක් ඕන නම් කියවන්න
http://www.nursinglk.com/2012/05/101.html



Viewing all articles
Browse latest Browse all 245

Trending Articles