ටිකක් සීතල දවසක් , ඊයේ Sundogs ලා දැකපු නිසා කවුරුත් අද දවස ටිකක් දරුණු දවසක් වේවි කියල බලාගෙන ඉන්නෙ , මොකද මේ කාළගුණ දෙපාර්තමේන්තුව , මාධ්‍යයට වඩා ගමේ වයසක වැඩිහිටියෝ “ටක්කෙටම“ කාළගුණේ කියනව .
“මයික් , හෙට ටිකක් උස ස්නෝ බූට් දාගෙන එන්න වේවි , දැක්කද Sundogs ලා “ දවල් කෑමට ගෙදර ඇවිත් වැඩට යන්න වාහනේ පාරට ගනිත්දි වැටට උඩින් ඔළුව දාපු හිප්කින්ස් මහත්තයා කියනවා . මාත් හිනාවෙලා ආව මිසක ඒ තරම්ම හිතුවේ නැහැ ,
“ටක් ටක් ටක් “ ....මයික් ඔයා බිසිද ? “ මිල්ඩ්‍රෙඩ් මහත්මිය ,
![]() |
මෙන්න Sundogs |
ඒකට අද , දවසම අඳුරුයි , ටික ටික ස්නෝ වැටෙනවා , අදයි හෙටයි , සෙන්ටිමීටර් 20-30ක් වැටෙයි කියලයි Weather network එක කියන්නේ . දැන් තමයි වින්ටර් එකේ නියම ලස්සන විඳින්න පුළුවන්.
අද දවස ටිකක් විවේකීයි , ඒ නිසාම බ්ලොග් එකට ගොඩ වෙලා බලන්න හිතුනා (විතරයි...) ,
“ටක් ටක් ටක් “ ....මයික් ඔයා බිසිද ? “ මිල්ඩ්‍රෙඩ් මහත්මිය ,
“නෑ මිල්ඩ්‍රෙඩ් , මම දැන් නං රෙස්ට් එකේ ඉන්නෙ , ලස්සන දවසනේ ! “
“හ්ම් ! ...ලස්සන , මම නං ආසනෑ මේ ස්නෝ වලට .., ඒක නෙවි මයික් , මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා , මගේ මේ කැස්සයි හෙම්බිරිස්සාවයි අඩුවක් නැහැනේ , දැන් මාසෙකටත් වැඩියි , අනේ මන්ද ඩොක්ටර්ට කිව්වම කියනවා ගනන් ගන්න දෙයක් නැහැ , බය වෙන්න එපා කියල , ඒ වුනාට මට අපේ තාත්ත හීනෙන් පෙනුන , එයා කැන්සර් එකෙන් නැති වෙන්න ඉස්සර වෙලත් මේ වගේම කැස්ස හෙම්බිරිස්සාව ඇඟේ පතේ ආමාරු කිය කිය හිටියනේ“ මිල්ඩ්‍රෙඩ් ටිකක් කාංසාවකින් බව පේනව .
“චුට්ටක් ඉන්න මං ඔයාගේ විස්තර ටික ගන්නකම් , මට මතක විදියට නම් ලොකු ප්‍රශ්නයක් තිබුණෙ නැහැ ආතරයිටිස් ප්‍රශ්නේ ඇරෙන්නට , හැබැයි ළඟදි ඩ්‍රග්ස් වෙනස් කළා නේද ?“
“බලමු , අන්තිමට කරපු රිපෝට්ස් වල ලොකු ගැටළුවක් නැහැනේ , ප්‍රෙශර් වැඩි නිසා අළුතින් තව බෙහෙතක් ඇඩ් කරලා , ඒ ඇරෙන්න කරපු බයෝප්සි , බ්ලඩ් ඔක්කොම වයසත් එක්ක බැළුවම සාමාන්‍යයි ,
හැබැයි මේ අළුතින් ඇඩ් කරපු පෙත්ත ගනිත්දි ඔය තියෙනවා වගේ පොඩි පොඩි අමාරුකම් එන්න නම් පුළුවන් “
“ඒ කිව්වේ අළුතින් එකතු කරල තියෙන Candesartan පෙත්තේ side effect එකක් විදියට කැස්ස , උගුරේ අමාරු, නිතර හොටු දියර ගලන ,අැඟේ පතේ අමාරුකම් , එන්න පුළුවන් , ඒක මේ බෙහෙත ක්‍රියාත්මක වෙත්දි බලාපොරොත්තු වෙන්න පුළුවන් එක අතුරුපලයක් , නමුත් මේ තත්ත්වය දිගටම තියේ නම් අයෙත් අපි ඩොක්ටර් එක්ක කතා කරමු , කෝකටත් අපි තව දවසක් දෙකක් බලමු , මොකද මේ දවස් වල ෆ්ලූ එකත් වටේ යනවනේ , අනෙක වෙන ලොකු ප්‍රශ්නයක් කියලත් නැහැ, ප්‍රෙශරුත් දැන් කොන්ට්‍රෝල් වෙලා , ඒ නිසා මේ දවස් දෙක තුන බලමු , හොඳට බොන්න , ජූස් හරි වතුර හරි , ලෙමන් ටී ට්‍රයි කරල බලන්න , ‘‘
“හ්ම් ලෙමන් ටී නම් හොඳයි තමා , බලමු , ඒක නෙවි ඔයාගෙ දුවලට කියන්න ලොකු ස්නෝමෑන් කෙනෙක් හදන්න , අපි එනවා කියන්න ඒක බලන්න , මං දැක්ක පොඩි කෙල්ල ඉස්කෝලේ ගාව ස්නෝවල දඟලනව මේ දැං “
ටික වෙලාවකට පස්සෙ මිල්ඩ්‍රෙඩ් මහත්මිය යන්න ගියා , ඒ මට අද දවසට ලියන්න පොඩි කතාවක් එකතු කරලා මෙන්න මේ විදියට .
අධීරුධිර පීඩනය පාලනයට (සහ වකුගඩු ආශ්‍රිත රෝග තත්ත්ව වලදී) දෙන Losartan , Candesartan , (හුඟක් වෙලාවට නම ඉවර වෙන්නෙ “සාර්ටන්“ වගේ කොටසකින් ) ඔෟෂධයේ එක්තරා අතුරු ප්‍රතිපලයක් තමයි , දිගින් දිගටම කැස්ස හෙම්බිරිස්සාව , උගුරේ අමාරු වගේ මතු වෙන්න පටන් ගන්න එක , හැමෝටම නෙවි සමහර අයෙකුට. මේක හුඟක් කළබල විය යුතු අතුරු ආබාධයක් විදියට ගන්නෙ නැහැ , නමුත් දිගින් දිගටම මේ තත්ත්වය තිබෙනවා නම් , නැතොත් කැස්ස හුඟක් තදින් ඇති වෙනවා නම් වෛද්‍යවරයා හමුවෙලා ඒ ගැන කතා කරන්න.
නමුත් බෙහෙත ගනිත්දි ඇඟේ පළු දාල කසන , හුස්ම ගන්න අමාරු වෙන තත්ත්වයක් , බිබිළි මතු වෙලා හම යන්න වගේ පටන් ගත්තොත් බල බල ඉන්න එපා , ඉක්මණින්ම පහසුකම් සහිත රෝහලකට , සෞඛ්‍ය ආයතනයකට ගිහින් දොස්තර මහත්තයට පෙන්න ගන්න , මතක ඇතිව ගන්න බෙහෙත් ටිකත් අරගෙනම යන්න. ( මේ ටික නම් ඕනම බෙහෙතකද ඇති වන මෙවන් ලක්ෂණයකදි පොදුයි)
වැදගත්ම දෙයක් තියෙනවා , මෙම xxසාර්ටන් ඖෂධ ගර්භණී අවස්ථාවේ ඉන්න රෝගියෙකුට (කිරි දෙන මවකට) නම් දෙන්නෙ නැහැ , ඒත් මෙම ඖෂධය ගන්නා අතරේ ගර්භණී තත්ත්වයට පත්වුනා යැයි සැකයක් ඇත්නම් ඉක්මණින්ම වෛද්‍යවරයා හමු වෙලා ඒ බව පවසන්න , මොකද මෙම ඖෂධය ගර්භයේ ඉන්න පැටියට යම් කරදර කරන්නට ඉඩ තිබෙන නිසා.
වාසනාවට අපේ මිල්ඩ්‍රෙඩ්ට නම් මේ අන්තිමට කීව ප්‍රශ්නය නම් එන එකක් නැහැ මොකද දැන් ඇය වයසින් අවුරුදු පනහක් විතර වුනු විශ්‍රාමික සුවයෙන් කල් ගත කරන ගුරුතුමියක් .
අදට අවසන් කතාව , හෙට ආයෙත් පොඩි කතාවකින් හමුවෙමු.