ඔබ කැනඩාවේ පදිංචියට එන්නට අපේක්ෂාවෙන් සිටින්නෙක් නම් මේ ආරංචිය ඔබට වැදගත් වේවි , 2014 වසරට අදාල සුදුසුකම් ලත් වෘත්තිය ලැයිස්තුව පසුගිය පළමු වනදා නිකුත් කළා.
එම අළුත් රැකියා ලැයිස්තුව තුල ඔබට අදාල රැකියාව ඇත්නම් , අළුත් ගමනක පළමු පියවර මෙය වන්නට පුළුවන් නිසා , මෙන්න මේ ලිංක් එක ඔස්සේ ඒ සියළු තොරතුරු ලබා ගන්නට පුළුවන් වේවි.
කැනඩාවේ රැකියා ලබා දෙන බව පවසන “වෙළෙන්දන්ගෙන්“ ආරක්ෂාවී , දැනුවත්ව , නිසි නීති අනුකූලව ඔබේ අපේකෂාව ඉටු කරගන්නට , මේ සංක්‍රමණික නීති රීති පිළිබඳව දැනුවත් විම වඩා වැදගත් නිසා , කැනඩාවට සංක්‍රමණය වීමට අදාල සියළු නීති රීති , අළුත් වෙනස්කම් ගැන www.cic.gc.ca වෙත යොමුවී දැන ගැනීම මේ අරමුණේ සිටිනවා නම් ඔබට වැදගත් වේවි .
සමුගනිමි , සුව සතුට පතමින්