“පුතේ අපි වෙන දවසක ගනිමු අද මා ගාව මේව ගන්න සල්ලි නෑ “ ...
“නෑ ! .මට අද මේක ඕනමයි “
ගෙදරට ඕන කරන අඩුම කුඩුම ටික ගන්න අතරේ අම්ම කෙනෙක්ගෙයි , පොඩි කොළු පැටියෙක්ගෙයි දෙබසක් කණට වැටුන .
පොඩි එකා මොකක්දෝ පෙට්ටියක් උස්සෙගන , බදාගෙන ඒක ඉල්ලනව , පේන විදියට සෙල්ලම් බඩුවක් , ..
“මම කිව්වනේ ! අද බැහැ . , වෙන දවසක තමයි ගන්න පුළුවන් . ඔයාට එන්න බැරි නම් ඉන්න මම යනවා “ අම්ම පොඩි සැරක් පෙන්නල ටික දුරකට ගියා .
එක යුද්දයයි , පොඩි එකා එතන තිබුණු ඔක්කොම සෙල්ලම් බඩු විසි කරනවා . විසි කරපු කාර් එකක් මගේ කණ ගාවින් ගිහින් ඉස්සරහ තිබුණු පෙට්ටියක වැදුන . .. තව ... අම්ම දුවල ගියා පොඩි එකාගාවට .
පේන විදියට ටිකක් සැර කරනවා . ම්හ් ...පොඩි එකා පෙරළි පෙරළි අඬනවා , වටේම බඩු පොළොවෙ ගහනවා එතන යුද්දයක් . වටේ හිටපු අම්මල දෙන්නෙක් “යුද්දේ සාමදාන කරන්න ඇවිත් දරුණූ ප්‍රහාරයකට ලක්වෙනව“ බලාගෙන ඉන්නව ඇරෙන්න අපට කරන්න තරම් දෙයක් නැහැ . මොකද අම්ම , දරුවගේ තත්තවේ ගැන දැනුවත් වගේ. ටික වෙලාවක් ගියා , ආයතනයේ ආරක්ෂක අංශයේ නිළධාරිනියන් දෙදෙනෙක් අම්මගේ උදව්වට ආවත් වාහනේට යනකම්ම කොළුව අසාමාන්‍ය විදියට දැඟලුවේ.
“මොකද තාත්තේ අර මල්ලිට වෙලා තියෙන්නෙ ? එයා නරක වචනත් කිව්වනේද ? , එතනින් යත්දි ඒ මල්ලි අපි දිහාත් සැරෙන් වගෙ බැළුවේ , “ මෙච්චර වෙලා අම්මගේ වටේ කරකැවෙමින් හිටපු , අපේ පොඩි කෙළී අහනව .
“ඒ මල්ලිට ඔටිස්ටික් වෙන්න ඇති “ අක්කගෙන් උත්තරේ.
“වෙන්න බෑ , එයාට ඔටිස්ටික් වෙන්න බෑ , ඊට වැඩිය මොකක් හරි ප්‍රශ්නයක් . ඔටිස්ටික් අයට , හොදට මූණ දිහා බලල චුට්ටක් හිනා වෙලා , ආදරෙන් කීවම කියන දේ අහනව“ ඕටිසම් තත්ත්වය ඇති මිතුරන්ට සාත්තු සප්පායම් කිරීම පිළිබඳව අවුරුදු දෙකක විතර පළපුරුද්දක් තිබෙන පොඩි නංගි , අක්කගේ කතාවට එකඟ නැහැ වගේ . (මේ පාසල් වල සුළු මට්ටමේ ඔටිසම් තත්ත්වය ඇති අය වෙන් කරන්නේ නැති තරම් , සාමාන්‍ය පාසල් පන්ති කාමර තුලම , විශේෂ සහායක ගුරුවරු මඟින් ඒ දරුවන් හැකි තරම් සාමාන්‍ය සමාජය සමඟ එක් කරන්නට හොඳ උත්සාහයක් ගන්නවා. )
මොඩ් නැති ODD බබා
“අපි දන්නේ නැහැ පුතේ මොකක්ද කියල හරියටම , සමහර විට මල්ලිට ටිකක් වැඩි පුර තරහ ගියාද දන්නෙත් නැහැ , මොකද එහෙමත් වෙන්න පුළුවන්නේ ? හැබැයි වැඩි ටිකක් දුර ගිය නිසා පොඩි වෙනසක් නම් ඇති කියල හිතන්න පුළුවන් . ADHD වගේ වෙන්නත් පුළුවන් , නැත්නම් ඔටිසම් වලම අවස්ථාවක් වෙන්නත් පුළුවන් . හැබැයි ODD තියෙන බබාලට නම් ඔහොම දරුණුම තත්ත්වයේ Tempur tantrum (හුඟක් තරහ ගිහින් කළබල කරන ගතිය) එනවා .“
“ඔටිසම් ගැන හරි , A.D.H.D. ගැන පහුගිය දවසක කියල දුන්නා එතකොට මොකක්ද ODD කියන්නේ තාත්තේ ? ....“ ලොකු අක්කගෙන් ප්‍රශ්නයක් .
“අයියෝ ඔයා ODD කියන එකවත් දන්නේ නැත්ද ?“ නංගි , අක්කට පොඩි හිනාවක් දාගනමන් අහනවා .

“මේ වගේ ලෙඩ හඳුනගන්න , වර්ග කරන්න ඒතරම් ලේසි නැහැ , බොහොම ඉවසීමෙන් , සැලකිල්ලෙන් ටික කාළයක් දරුවගේ චර්යාව ගැන සෙවිල්ලෙන් ඉන්න ඕන , එහෙම ඉඳිත්දි මේ කළබලකාර බව , ඉක්මණින්ම තරහ ගිහින් කළබල කරන ගතිය වැඩි නම් , නැත්නම් මාස හයක් විතර කාළෙක ඉඳළ එහෙම වෙන වාර ගණන වැඩි නම් , හැම තිස්සෙම තරහින් වගේ , පැටලෙන්න බලාගෙනම නම් ඉන්නෙ , සතුටක් ඇත්තෙම නැහැ වගේනම් පැටියගේ මුහුණේ ටිකක් විතර අවධානය වැඩියෙන් යොමු කරන එක හොඳයි වගේ . මේව විතරක් නොවෙයි පොඩි එකා දැන් කියන කිසිම දෙයක් අහන්නේ නැහැ , කිව්වොත් ඊට විරුද්ධ දේම තමයි කරන්නේ . හැම තිස්සේම ලොකු අයත් එක්කත් එකට එක තියාගෙන එන මේ දරුව හුඟක් ඉක්මණට කළබල වෙලා පාළනයක් නැතිව ආවේගශීලීව දඟළන්න පටන් ගනීවි . ගෙදර තව සහෝදරයෙක් , සහෝදරියෙක් ඉන්නවා නම් එයාට හැම තිස්සේම අරියාදුකම් කරමින් “කරදරකාරයෙක්“ වෙන්නමයි බලන්නේ . එයාට මොනවද ඕන , ඒක ඕනමයි , අම්ම තාත්ත මොනව කීවත් රණ්ඩු වෙලා තමන්ට ඕන දේම කරගන්න හදල බැරි වුනාම එතන යුද්දයක් . “
සාමාන්‍යය අසාමාන්‍යවීම
“හැබැයි මෙහෙමයි , හුඟක් පොඩි අය අතරේ මේ ලක්ෂණ එක දෙකක් සමහර වෙලාවට එන්න පුළුවන්. ඒක සාමාන්‍යයි , හැබැයි එක දිගටම මේ ලක්ෂණ වැඩි ගණනක් ඇති වෙනවා නම් , ඒ ලක්ෂණ පෙන්වන වාර ගණන දැන් වෙනදට වඩා වැඩි නම් , සම වයසේ තවත් දරුවන් පිරිසක් එක්ක සැසඳුවොත් මේ දරුවගේ වෙනසක් පේන්න තිබෙනවා නම් , අන්න පොඩි “රතු ඉරක් “ ගහන්න ඕන තැනක් .“
“හුඟක් අවස්ථා වල මේ ලක්ෂණ හඳුගන්න පුළුවන් ඉස්කෝළෙ යන්න පටන් ගත්තම( අවුරුද 5-10 වගේ කාළේ) . මොකද මෙයාලට යාළුවෝ හදාගන්න අමාරුයි , හැමෝටම සැර කරනවා , රණ්ඩු කරනවනේ , අනෙක සෙල්ලම් කරන්න ගියොත් හොරට හරි දිනන්න විතරයි ඕනේ , පැරදුනොත් ඔක්කොම ඉවරයි , ඉතින් පන්තියේ මිස්ගෙන් ගෙදරට පණිවිඩක් එන එක අහන්න දෙයක්ද? යාළුවෝ නැතිවෙන එක අහන්න දෙයක්ද ?
“ඇයි මේ මේ විිදියට වෙන්නේ ? , අර ජාන වල ප්‍රශ්නයක්ද තාත්තේ ? “
“තවමත් හරියටම හේතුවක් හඳුනගෙන නැතත් , මොළයේ ඇතුලේ තිබෙන රසායනික වල වෙනසක් මේකට බලපාන්න පුළුවන් කියන මතයේ පර්යේෂකයෝ ඉන්නව. ඒ විතරක් නොවෙයි , ඒ දරුව ඉන්න පරිසරයේ , ගෙදර තිබෙන දරුවට කායිකව හරි මානසිකව හරි දැඩි වේදනාවක් දෙන දිගු කාළීන ප්‍රශ්න ,අම්ම තාත්තගෙන් ලැබෙන ආදරය රැකවරණය අඩුවීම වගේම , දරුව පොඩි කාළෙ නොගැලපෙන ප්‍රමාණයට දඩුවම් දීම, නොගැපෙන නීති රිති වලින් ගැට ගහල තියන්න හදන එකත් මේකට “විය හැකි “ අවදානමක් විදියට හඳුනගෙන තිබෙනවා. ඊට අමතරව දරුවගේ මානසික වර්ධනයේ අඩුවක් තිබේනම් එයත් මේකට තවත් හේතුවක් වෙන්න පුළුවන් .
කළ යුතුදේ කුමක්ද ?
“හරි මෙහෙම ළමයෙක් හඳුනගත්තොත් , එයාට කොහොමද ප්‍රතිකාර කරන්නේ ? “
“මේ තත්ත්වයේදි බෙහෙත් වලින් ප්‍රතිකාර කිරීමට වඩා සිද්ද වෙන්නේ දෙමාපියන්ව දැනුවත් කිරීම , දෙමාපියන්ට උපදේශනය ලබා දීම තමයි මුලින්ම කෙරෙන්නේ .
දරුවගේ වයසට , තත්ත්වයට ගැලපෙන ආකාරයට මේ ලක්ෂණ නැවත නැවත මතුවීම පාලනය කරගන්න විදිය මානසික වෛද්‍යවරයෙක් , නැත්නම් ළමා මනෝ වෛද්‍ය විශේෂඥයෙක් , එහෙම නැත්නම් ළමා මනෝ චිකිත්සකවරයෙක් මේ දෙමාපිය උපදේශනය කටයුත්ත ආරම්භ කරාවි . ඊට අමතරව පවුල් උපදේශනය වගේ උපදේශනමය හමුවීම් කිහිපයකටත් දෙමාපියන්ට සම්බන්ධ වෙන්නට වේවි .
එතැනදි දරුවගේ ගැටළු වගේම මේ දරුවත් එක්ක වැඩ කරත්දි දෙමාපියන්ට එන ගැටළුත් කතා කරල , දෙපාර්ශවයටම හොඳ සැළසුමක් හදාගන්න පුළුවන් . විශේෂයෙන්ම දෙමාපියන්ගේ ආවේග පාළනය , මානසික ආතිතය තත්ත්වය පාළනය කර ගැනීම හුඟක් වැදගත් . ඒ විතරක් නොවෙයි දරුවට , වසයට ගැලපෙන උපදෙස් , නීති රීති පද්ධතියක් හදාගන්නත් වෙනවා . ඒ ගැන දරුවට ක්‍රමයෙන් , කළබල නැතිව කියල දෙන්නත් සිදුවෙනවා .
විශේෂයෙන්ම දවසේ කටයුතු වල පිළීවෙල , පාසලේදී , තැනකට ගියාම කටයුතු කළ යුතු හැසිරිය යුතු ආකාරය බොහොම ආදරෙන් කියල දෙන එක දෙමාපියන්ගේ භාරදූර රාජකාරියක් මේ අවස්ථාවේ . ඒ එක්කම , මේ දෙ උපදෙස් පිළිනොගත්තොත් තමන්ට ලැබෙන “නරක ප්‍රතිපල“ ගැනත් කියල දෙන්න අවශ්‍යයි , මේ නරක ප්‍රතිපල කියන්නේ දරුවට “ගහන්න බණින්න“ කියන එක නොවෙයි , යම් ආකාරයක දඬුවමක් . ඒක සමහර විට දරුව ආසම කරන කාටුන් එක බලන එක තාවකාළිකව තහනම් කරන එක, එහෙම නැත්නම් එයා ආසම කරන සෙල්ලම් බඩුව යම් කාළ සීමාවකට ගන්න බැරි වෙන විදියට අයින් කරන එක , නැත්නම් .... ඔය විදියට දරුවගේ තත්ත්වය පරිසරය එක්ක ගැලපෙන නිතිරීති වගේම සීමාවන් ගැනත් ක්‍රමයෙන් දරුවව දැනුවත් කරන්න ඕන.
![]()
හැබැයි වැදගත්ම දේ මේ කටයුත්තේද දෙමාපියන් බොහොම ඉවසීමෙන් , දරුවට කතා කරන්න කාළය දෙමින් සෙමින් කළ යුතු වැඩක් . මොකද මේ විදියට වැඩේ පාළනය කරගන්න බැරි වුනොත් වෛද්‍යවරයාට සිදුවේවි , යම් ඖෂධ වර්ගයක් මඟින් දරුවගේ මේ කළබලකාරී බව අඩු කරන්නට . නමුත් එබඳු අවස්ථා ඉතාමත් විරළයි.
මේ ටික නොකළොත් ? ..
අහන්න දෙයක්ද ? මේ ළමයාගේ පාසල් වැඩකටයුතු බිඳවැටෙනවා , යාළු මිතුරු කම් බිඳ වැටෙනවා , එයා හැමෝටම කරදරකාරයෙක් බවට පත්වෙනවා . ඒ විතරක් නොවෙයි මෙ මානසික තත්ත්වය නිසා මත්ද්‍රවය වලට ඇබ්බැහි වීම වගේම සමාජ විරෝදී අපරාධකරුවෙක් බිහිවෙන්නත් පුළුවන් තත්ත්වය දිගින් දිගටම ගියොත් , නැතොත් ප්‍රබල මානසික රෝගයක් ඇති කෙනෙක් බවට පත්වෙන්නත් පුළුවන් මේ සුළු දේ නිසා.
දෙමාපියන්ට මෙන්න මේ ටික හුඟක් වැදගත් වේවි ,
1.දරුවගේ මේ කළබලකාරි බව පිළිබඳ ඉවසීමෙන් සහ දැනුවත්ව කටයුතු කරන්න ,
2.ඔබෙන් දරුවාට ලැබෙන ආදරය , උණුසුම අඩු බවක් වැටහේනම් වෙනදට වඩා දරුවත් එක්ක ආදරෙන් ඉන්න. ආදරය දෙන්න ( තවත් දරුවෙක් පවුලට එකුවුනා නම් මේ අළුත් දරුවට වැඩි අවධානයක් යොමු වෙන නිසා, ලොකු දරුවට මේ වගේ තත්ත්වයක් තාවකාළිකව එන්න පුළුවන් , එය ODD ම නොවනුනත් සැළකිල්ලෙන් ඉන්න එක වටිනවනේ)
3.දරුවට සවන් දෙන්න , කළබල වෙලාවක වුනත් දරුව කියන දේට , කෑගහන දේට , හඬමින් කියන දේට සවන් දෙන්න , සමහර විට මේ හැම දේටම හේතුව එ් “සවන්දීම“ මඟින් හඳුනාගන්න පුළුවන් වේවි
4.දරුව කරන හොඳ වැඩකදි ප්‍රශංසාව කිරීම , සමහර විටක තෑග්ගත් දීම වගේ උපක්‍රමයකට යන්න.
5.හැකි හැම අවස්ථාවකම දරුවා , සමාජයත් එක්ක එකතු කරන්න , මිතුරන් එක්ක එක්වන්නට දිරිමත් කරන්න. පාසලේ ගුරුවරුන් සමඟින් දරුවගේ තත්ත්වය පිළිබඳ සාකච්ඡා කරන්න .
6.හැම අවස්ථා වකදිම දරුවට උපදෙස් දීමෙදි , පැහැදිලිව , කළබල නැතිව ඒ උපදෙස දෙන්න . ඒ සමඟින්ම අදාල උපදෙස ක්‍රියාත්මක නොකලොත් සිදුවන “අවාසිය“ ගැනත් කියල දෙන්න .
7.කිසිම අවස්ථාවක දෝෂාරෝපණය කිරීම , කායික දඩුවම් කිරීම කරන්න එපා .
8. දරුවාගේ ප්‍රගතිය ගැන හඳුනගන්න , සටහනක් තබා ගන්න , මුල් අවස්ථාව සහ දැන් තත්ත්වය පිළිබඳ අගයුමක් කරගන්න .මෙහි ප්‍රතිපල පිළිබඳව ඔබේ වෛද්‍යවරයා සමඟත් සාකච්ඡා කරමින් ඉවසීමෙන් ඉදිරියට යන්න.
තව දුරටත් මේ ගැන දැන ගන්න කැමති ඔබට http://www.aacap.org/ වෙබ් අඩවිය මඟින් මීටත් වඩා විස්තර දැන ගන්නට පුළුවන් .
නමුත් මේ ඔක්කෝම විස්තර කියවුවත් , ඔබේ දරුවගේ මේ කියන ලක්ෂණ වැඩි ගණනක් , දැනට මාස හයකට වඩා තිබෙනවා නම් ක්‍රියාත්මක වෙන්න. ඔබටම මේ ක්‍රියාත්මක වීම ආරම්භ කරන්න පුළුවන් , නමුත් හැකියාවක් ඇත්නම් රජයේ රෝහලේ මානසික සෞඛ්‍ය සායනයේ හෝ පෞද්ගලික රෝහලකදි ළමා මානසික සෞඛ්‍ය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයා , ළමා රෝග විශේෂඥවරයා හෝ ඔබේ පවුලේ වෛද්‍යවරයා හමුවී උපදෙසක් ලබා ගන්න එක වැදගත් වේවි.
එහෙම නම් අදට සමුගන්නවා , නැවත හමුවෙන පැතුමින් .
ඔබට සුව සතුට පිරි දිනයක් .
ADHD ගැන ලිපියට http://www.nursinglk.com/2011/07/27-adhd.html
ඔය ඔටිසම් ඔටිසම් කියල කිව්වට , ඒ ගැන කියවල නැත්නම් මෙන්න මේ ලිංක් එකෙන් ඒ ලිපි බලන්නත් පුළුවන් .
http://www.nursinglk.com/search/label/Autism%20Spectrum%20Disorders
Tempur tantrum අවස්ථාවට පත්වුනු දරුවෙක්