Quantcast
Channel: සොඳුරු සුව අසපුව
Viewing all articles
Browse latest Browse all 245

142) හැංගි හැංගි රස විඳිනා තව මැජික් එකක්

$
0
0
www.stickylearning.com.au

අද දවසේ සමාජ ජාලා ජීවිතේ කොටසක් වන තරමට එකතු වෙලා . මිතුරු මිතුරියන් හමුවෙන්න , දුක සතුට බෙදා ගන්න , ඒ විතරද දැනුම බෙදා ගන්නත් මේ සමාජ ජාලා යොදා ගන්න පුළුවන් . හැබැයි ඉතින් මේ කීව ඒවාට වඩා භයානක දේවල් වලටත් මේ වෙබ් පිටුම යොදා ගන්න අළුත් ප්‍රවණතාවයක් තිබෙන නිසා මේ දැන ගෙනම ෆේස්බුක් හරි ටිව්ටර් හරි පාවිච්චි කරනවා නම් තමා හොඳ . මේ පැත්තේ නම් රැකියාවකට බඳවා ගැනීමෙදිත් අදාල ඉල්ලුම්කරුගේ සමාජ ජාල භාවිතය ගැන සොයා බැලීමක් කෙරෙනවා . සමහර විට ඔහුත් නොදැනුවත්වම. 

මේ සමාජ ජාලා ගැන කතාව මතක් වුනේ , අද දවල් ෆේස්බුක් චැට් එකකින් , වසර එකොළහකට විතර පස්සේ මිතුරියක මුණ ගැහුණූ නිසා . ඇය “මැස්ටි“ .. එදා අපට මුණ ගැහුණේ මහරගම පිළිකායතනයේ තිබුණු විශේෂ පුහුණුවකදි . එදා රටේ තිබුණූ තත්ත්වයත් එක්ක අපේ කණ්ඩායමට ඇය “වෙනස් කෙනෙක්“ විදියට මුලින්ම දැනුනත් , මාසය අවසාන වෙත්දි ඇය අපේම එකියක් වුනා , නුවර , ගාල්ල , කොළඹ , මඩකළපුව වගේ රට වටෙන්ම ආපු අපට ඇය , අපේම සොහොයුරියක් වුනත් , “කොටි කෙල්ලෙක්ද දන්නේ නැහැ“ කියන කසුකුසුව නොතිබුණම නොවේ . අදටත් ඇය යාපනයේ රජයේ රෝහලේ සේවය කරන හෙද නිලධාරිනියක් .  විනාඩි කිහිපයක චැටු එකකදි ඔක්කොම පරණ මිතුරු මිතුරියන් ගැන කතා වුනු දෙබස නිමා වුනේ , ඒ වෙනකොට ලංකාවේ වෙලාව මැදියමත් පහුවෙලා තිබුණු නිසා . ඒත් ඇය අපේ කණ්ඩායමට කවදාවත් අමතක නොවෙන සිදුවීමක් තිබුණා . 

කතාව මෙහෙමයි , මේ කෙල්ල හැමදාමත් දේශනශාලාවේ ඉදිරිපසින්ම අසුන් ගත්තේ භාෂාව ගැන පොඩි පොඩි ගැටළු තිබුණු නිසාමයි . ඒත් දේශනය අතරේ , අපේ ගුරුතුමා දිසාවට යන හැම “චිට් කෑල්ලක්ම“ බාර ගන්න අන්තිමය වුනේ ඇයි ...

“සර් ...චිට් එකක් .“ අපේ මිතුරිය , දේශනය කරන නිළධාරියාට  මතක් කරනවා ...
“කියවන්න ළමයෝ ..මට ඔය කුරුමිණි අකුරු පේන්නේ නැහැ ..අනෙක ඔය ළමයට සිංහල අකුරු ටිකත් මතක් වෙන්න එක්ක කියවන්න ..“ ....තව ටික කළකින් විශ්‍රාම යන්න හිටය , ඒත් දක්ෂ කථිකයෙක් වුනු අපේ දේශකයා කියනවා .
“සර්...මේකේ තියෙනවා ......සිටී (පිළිකා නාශක ඖෂධ ගනිත්දි) ..ගනිත්දි ස් ස් ස්වයං .වි වි ..“ කෙල්ල තටමනවා ...
“ආ....අහන්න දෙයක් නැහැ ස්වයං වින්දනේ ගැන වෙන්න ඇති  දන්නවනේ Masturbation “ අපේ දේශකතුමා පොඩි මනමාල හිනාවකුත් දාල වවනේ සම්පුර්ණ කළා ... හැමෝටම හිනා 
“හ්ම් ..ඉතිරි ටික ....“
“ කරන්න ...හොඳ...ද ...ඒවත් .......එක්ක ...සී.ටී එනවද ....“ කෙල්ල කොහොම හරි ගලපගත්තා ..ඒත් කෙල්ල ලැජ්ජාවේ ඇඹරෙනවා ...
ඔය වගේ කරදර වුනේ එකපාරක් නොවෙයි , මොනව වුනත් මේ නිසා කෙල්ලට නමක් වැටුනා , ඒ මැස්ටි  “මැට්ටි නොවෙයි , අර මැස්ටර්බේෂන් එකේ මුල් කෑල්ල ඇයට හයි කළා“ ....අදත් ඒ මැස්ටි එදා වගේ සහෘද මිතුරියක් විදියට කතා කරනව දැනුනම හිතට දැනුනේ සතුටක් ...මොකද පහුගිය කාළේ ඒ පළාත්වල තිබුණූ තත්ත්වය අනුව ඇය තවමත් එහි ඉන්නවා යැයි විශ්වාසයක් තිබුණේ නැහැ .

මේ අතිත කතාව මකත් කරමින් ඉඳත්දි මතක් වුනේ මේ ගැනත් යමක් ලියන එක හොඳයි නේද කියලා , මොකද කොච්චර කීවත් “තාමත් මේක සෙක්ස් මැජික් එකක් වගේ“ හිතාගෙන ඉන්න පිරිසක් ඉන්න නිසා . ඒ වගේම මේ ගැන ලියන්න කියල සුව විමසුම පිටුවට කාළයකට පෙර ඉල්ලීමකුත් ඇවිත් තිබුණා මතකයි .

එහෙම නම් අද කතා කරන්නේ “ස්වයං වින්දනය“ හෙවත් Masturbation ගැන ....

ඇත්තටම මොකක්ද මේ ස්වය වින්දනේ කියන්නේ ...කියන්න ඕන නැති වුනත් ලිපියේ පිළිවෙලක් තිබෙන්න ඕන නිසා ...කෙටියෙන්ම කීවොත් , යම් උපක්‍රමයක් මඟින් තමන්ගේ ලිංගික ඉන්ද්‍රියේ ස්නායු අග්‍ර බහුල ස්ථානයක් (ශිෂ්ණය ,  භගමණිය හෝ ආශ්‍රිතව )  , පිරිමැදීම , තෙරපීම , හෝ වෙනත් ලිංගික උපකරණයක් ආධාරයෙන් රිදමයානුකූලව සම්බාහනය කිරීම මඟින් ලිංගික තෘප්තියට පත්වීම කියල කියන්න පුළුවන් .

මෙතන වැදගත්ම දේ මේ ක්‍රියාව මහ අසාමාන්‍ය සිදුවීමක් නොවෙයි , පුංචි කාළෙ දිවට පැණීරස දැනුනට පස්සේ , සීනි වල රස බලන එක සාමාන්‍ය දෙයක් වගේම , මෙතන සිදුවන්නේත් ස්නායු අග්‍ර උත්තේජනය කිරිමක් , ඒ උත්තේජනය කිරීම මඟින් ලැබෙන සංවේදනයට හැම ජීවියෙක්ම කැමතියි . තමන්ගේ සාමාන්‍ය ජීවිතේ කටයුතු වලට , එදිනෙදා කටයුතු වලට බාධාවක් නොවි , ඇබ්බැහි වීමක් නැතිව මේ තත්ත්වය සිදු කිරීම තවත් එක් සිදුවිමක් පමණයි .  හැබැයි මේ කටයුත්ත විකෘති කාමයෙන් කරන්න ගිහින් වාහන වල රේසර් , ශිෂ්ණයේ හිර කරගත්තු , පරික්ෂණ නල ,  ගර්භාෂය තුල හිර කරගත් අය අපට හමුවෙලා තිබෙන නිසා , සාමාන්‍ය ජීව සීමාව තුල මෙය කරදරයක් හානියක් නොවන බව කියන එක පරිස්සම් .  

හැබැයි මේ කටයුත්තට ඇබ්බැහි වීම පොඩි පොඩි කරදර වලට හේතු වෙන්න පුළුවන් බව පර්යේෂකයන් කියනවා . විශේෂයෙන්ම යුග දිවියේ සිටින අයෙක්  මෙයට “ඇබ්බැහි වෙලා“ නම් , එය අනෙක් පාර්ශවය වෙත පීඩාවක ගෙන දෙමින් , සාමාන්‍ය ලිංගික ජීවිතය බිඳ දමනවා නම් , එහෙම නැත්නම් , මේ කටයුත්ත ගැනම හිත යනවා නම් , පාළනය කරගන්නට බැරි තරමට මේ ක්‍රියාවේ යෙදෙනවා නම්  ඒක චර්යාත්මක ප්‍රතිකාරයකට යොමු විය යුතු මානසික වදයක් බවට පත්වෙන්න පුළුවන් .( මානසික රෝගයක් නොවෙයි හරියට , සිගරට්ටුවට ඇබ්බැහි වුනා වගේම) . ඒ හැර , ස්වයං වින්දවය නිසා කෙට්ටු වීම , අන්ධවිම , ඇඟ දුර්වල වීම , පුර්ෂ ශක්තිය නැතිය යාම වගේ කතා කිසිවක් වෛද්‍ය පර්යේෂකයන් පිළිගන්නේ නැහැ , ඒ එයට ජීව විද්‍යාත්මක සාධක නැති නිසා . හැබැයි මේ කටයුත්ත ප්‍රසිද්ධියේ කරනවා නම් , තවත් කෙනෙක්ට අපහසුතාවයක් ඇති කරන ආකාරයට කෙරෙනවා නම් ඔහුගේ මානසික තත්ත්වය ගැන ටිකක හොයල බලන්න වෙනවා . මේ ගැන  ලියු ලිපියක් ඇති“ග්‍රීස් යකා“ නමින් , ගිහින් බලන්න .  http://www.nursinglk.com/2011/08/41-paraphillia.html

-------------------------------
මේ තවත් දේශනයක් ... දේශකයා අපේ ගම් පළාතෙන් ඇවිත් මුළු ලංකාවටම අමිල සේවයක් කළ , නන්දදාස කෝදගොඩ මැතිතුමා , ....
දේශනය මේ වගේම මාතෘකාවක් ගැන .. දේශනශාලාවේ හිටි කොළුවෙක් නැගිට්ට ...
“සර් ...මේ ස්වයං වින්දනය කළාට කෙට්ටු වෙනවද ? .....“ ...
කොදගොඩ මහත්තය බලාගෙන හිටිය කොළුව දිහා ...
“මේ දරුවට මාව පේනවද ? ........“ ...
“ඔව් සර් මට හොඳට පේනවා ....“
“හොඳට බලන්න ...ඇත්තටම මාව පේනවද ...? ..කෝදගොඩ මහත්තයා කණ්ණාඩි දෙක ගලවල මේසේ උඩින් තියන ගමන් අහනවා ...
“ඔව් ....“ කොල්ලට තේරෙන්නෙ නැහැ මේ අපබ්‍රංසේ ..
“ළමයෝ ..ඔය ළමය කියන දේ වෙනවා නම් ., ඒ කීවේ ස්වයංවින්දනය කළාම කෙට්ටු වෙනව නම් ..ඔය ළමයට මාව කොහෙත්ම පේන්න විදියක් නැහැ ....මොකද එහෙම නම් මම නොපෙනෙන තරමට කෙට්ටු වෙලා නොවැ ..මොකද ඒ තරමට ...........“.....
කෝදගොඩ මහත්තයා ඉතිරි ටික නොකියා අසුන්ගනිත්දි මුළු සභාවම විනාඩි කිහිපයක් සිනා සයුරේ ගිල්වුනා

ඊළඟට වෙනත් කතාවක් ..මේ දවස් වල කැනඩාවේ , වැන්කුවර් ප්‍රාන්තයේ පැවැත්වෙනවා Science of sexuality  කියන ප්‍රදර්ශනය (http://www.scienceworld.ca/sexuality) , එහිදි ලිංගිකත්වය , ඒ ආශ්‍රිත සිදුවීම වල විද්‍යාත්මක පදනම ගැන දැනුමක් ලබා දෙන්නට කටයුතු කරල තිබෙනවා . කතාව මේකයි , මේ වැඩසටහනට පෙර පුර්ව ප්‍රචාරක පෝස්ටර් පළ කළා . සාමාන්‍යෙයන් මේ වගේ අවස්ථාවල ප්‍රචාරක පුවරු , පෝස්ටර් , බස් නැවතුම් වල තමයි රඳවන්නේ , නමුත් මේ අවස්ථාවේ අදාල ආයතනය මඟින් ප්‍රසිද්ධ කරන්නට ගිය සමහර පෝස්ටර් ගැන වාද විවාද ඇතිවුනා , ඒ නිසාම ඉන් කිහිපයක් ප්‍රසිද්ධ කරන එක තහනම් කරන්නත් බලධාරින්ට සිදුවුනා . හැබැයි මේ පෝස්ටර් වලින් කියැවුනේ නවීන පර්යේෂණ අනුව හඳුනාගත් , ලිංගික කාර්යන්ට අදාල කරුණූ කිහිපයක් . (http://news.nationalpost.com/2013/08/14/vancouver-science-world-ads-for-sexuality-exhibit-pulled-from-bus-stops-for-being-too-racy/)

These ads for Vancouver Science World's sexuality exhibit were banned from Vancouver busses.අපි දැන් කතා කරමු , මේ ලිංගික චර්යාව මඟින් ලැබෙන වාසි කිහිපයක් ගැන . මොකද අපි හැමෝම හිතාගෙන ඉන්නේ ස්වයං වින්දනය කියන්නේ මහ භයානක අපරාධයක් වගේ නේ .. මේ වාසි ටික ගැන දැන ගත්තට පස්සේ ...... ??? .... කොහොම වුනත් ආයෙත් කියන්නේ , ඕනම දෙයක් ඕනවාට වඩා ඕනෑ නැත කියන එක ..

මොනවද මේ වාසි ...

පළමු වන වැදගත්ම දේ , ස්වයං වින්දනය මඟින් , හිතේ ඇතිවී තිබෙන ,ලිංගික ආශාව මුදා හැරෙනවා, කාටවත් අනර්ථයක් නොකර එය ලැබීම එක විදියක ජයග්‍රහණයක් , ආරක්ෂිතව ලිංගික සංතෘප්තිය ලබන මේ ක්‍රමයේ යෙදීමෙන් තමන්ගේ මානසික ඕනෑකම ඉටු කරගන්න එක එක අතකින් “වැදගත් දෙයක්“ , , ඒ එක්කම මෙම තීව්‍ර ස්නායු සංවේදනයන් නිසා හෝමෝන පද්ධතියේ ඇතිවන වෙනස්වීම වල ප්‍රතිපලයක් විදියට , මානසික වශයෙන් උද්දාමයකට පත්වෙන බව , නැත්නම් තාවකාළිකව අවපීඩන තත්ත්වයක , කාංසා තත්ත්වයක (රෝගී තත්ත්වය නොවේ) සිටින්නෙක් ඉන් මුදා ගන්නට මෙම ක්‍රියාව වැදගත් වෙන බවය කියැවෙන්නේ . මෙය ඒ තරම්ම බලවත් .

 තවත් , මේ කටයුත්ත යුවල අතරේ ලිංගික එක්වීමට පෙර සිදුකිරිම මඟින් Mutual masturbation ගැබ් ගැනීම සාර්ථක වීමේ හැකියාව වැඩි කරන බවත් දන්නවද ? මෙයට හේතුව මෙම කටයුත්ත අතරේ දෙදෙනාගේම ලිංගික හෝමෝන මට්ටම ඉහළ යනවා , ප්‍රජනක පද්ධතිය ආශ්‍රිතව පැවතිය යුතු “ස්නේහක ස්‍රාවීන්“ නිශ්පාදනය ඉක්මන් කරනවා , මේ වගේ කරුණු  ගණනාවක් මේ සිදුවෙමින් , මීළඟ “තරඟයට“ පෙර සූදානමක් (http://www.nursinglk.com/2013/04/132.html) ලෙසින් මේ ක්‍රියාව කෙරෙන්නේ . මේ ගැන මීට පෙර කතා කරලා තිබෙන නිසා නැවත අවශ්‍ය වෙන එකක් නැහැ කියල හිතනවා  . 

මේ ජීව විද්‍යාත්මක සංසිද්ධි  නිසාම , අදාල පුද්ගලයාගේ ප්‍රතිශක්තිකරණ හැකියාව වර්ධනය කරන්නත් ස්වයං වින්දනයට පුළුවන් . විශේෂයෙන්ම වයිරස අසාදන ( හෙම්බිරිසාව වගේ බෙහෙත් නැති ලෙඩ ) පාලනය කරගන්න මේ කාර්යය මඟින් සිදුවන ජීව ක්‍රියාවන්ට පුළුවන් බව පර්යේෂකයන් ස්ථිරව සොයාගෙන තිබෙනවා.  
ඒ විතරක් නොවෙයි , පිරිමි අයගේ පුර්ස්ථ ග්‍රන්ථි වල ඇති වන ආසාදන , පිළිකා අවදානම අඩු කරන්නත් , කාන්තාවගේ ගැබ්ගෙල ආශ්‍රිත ආසාදන සීමා කරගන්නත් මෙය උදව්වක් . කාන්තාවගේ පැත්තෙන් ගත්තොත් ආර්තවය සමඟ එන වේදනාවන් , කොන්ද ආශ්‍රිත වේදනාවන් , පොදුවේ වේදනාවන් සමනය කිරීමේ හැකියාවක් ස්වයංවින්දනයෙන් එන ස්නායු ආවේග වල බලපෑමෙන් ස්‍රාවය වන එන්ඩොර්ෆීන් කියන රසායනිකයට  තිබෙනවා . ( මේ එන්ඩොෆින් ගැන කතාව http://www.nursinglk.com/2012/09/119.html) ඒ විතරක් නොවෙයි , මේ මඟින් ඇයගේ ගර්භාෂ්‍ය ආශ්‍රිත පේෂි ශක්තිමත් වන බවත් ඒ මඟින් , සාමාන්‍ය ලිංගික ක්‍රියාවලිය සාර්ථක කරගන්නට වගේම , වයස් ගත වෙත්දි ඇතිවන මුත්‍රා පාලනය කරගැනීමේ ප්‍රශ්න එහෙම ඇති වන ඉඩකඩත් අඩුවෙනවා.  

මේ විතරද ? ....සාමාන්‍ය අයුරින් ස්වයං වින්දනයේ යෙදීම මඟින් දියවැඩියාව ඇතිවීමේ අවදානම අඩු කරන්න පුළුවන් බවත් අද සොයාගෙන ,  (ඒ ගැන Human Reproduction, Vol 12, 2200-2207, Copyright 1997 by Oxford University Press පොතෙන් තොරතුරු ගන්න පුළුවන්)  .

දැන් මේවිදියට බලාගෙන ගියාම සෑහෙන හොඳ ප්‍රථීපල තිබෙන “නරක නොවන“ වැඩක් තමයි මේ .  හැබැයි මේ හැමතැනදිම මුලින් කී “සීමාවට“ අදාලව තමයි මේ ඔක්කොම කතා . 

එහෙම නම් අද කතාව මෙතනින් අවසන් කරන්නට පුළුවන් වගෙයි , මොකද කියන්න ඕන වුනු කරුණූ ටික ඉක්මණට කියල දැම්මේ , මේ දවස් ටිකේ විවේකය හුඟක්ම අඩු නිසා .ආයෙත් විවේක පාඩුවේ හමුවෙන බලාපොරොත්තුවෙන් , සමුගනිමි , සුව සතුට පිරි දිනයක් පතමින් .

යන්න ඉස්සර වෙලා මෙන්න මේ පැත්තටත් ටිකක් ගොඩවැදිල යන්න බලන්න ...පොඩ්ඩො දෙන්නෙක්ගේ වැඩ ..

http://dinithimithili.blogspot.ca/2013/08/bonjour-les-amis.html

Viewing all articles
Browse latest Browse all 245

Trending Articles