අද සෙනසුරාදා , මොන තරම් වැඩ තිබුණත් , සෙනසුරාදට , ඉරිදට , ගේ ඇතුලට වෙලා ඉන්න පුළුවන්ද ? ...
![]()
වෙනද වගේම අදත් ටිකක් නිස්කලංක පරිසරයක රස විඳින්න හිතගෙන ගියා Credit river එක පැත්තට ...අද ටිකක් සෙනඟ , මොකද හොඳට රස්නේ තියෙන දවසක් අද ..
..අද වතුර අඩුයි , ...එවුනාට වතුර සීතලයි හොඳටම ....
“තාත්තේ ....අපි ගඟෙන් එහා පැත්තට යමුද .....? “ අක්කගෙන් යෝජනාවක් ....
අද වතුර පාරත් සැර නැති නිසා යෝජනාව ස්ථීර වුනා ....
තුන් දෙනා එක්ක දැන් ගඟ “දෙබෑ කරගෙන“ අනෙක් ඉවුර පැත්තට යනවා . ලොකු අක්ක වගේ නෙවි , පොඩි හරි පරිස්සමට තමයි වැඩ .
“පොඩී හොඳට කකුල තියල බලල ගල් වලට නඟින්න ....ලිස්සනවා ...මැද හරියේ වතුර පාර ටිකක් සැරයි .....“
“හරි තාත්තේ මම කකුල තදට තියන් හිටියට ..මේ .....මේ බලන්න මං ලිස්සල යන්න හදන්නේ ....අක්කී ....“
පොඩ්ඩි අක්කගේ අතේ එල්ලුනා ...හැබැයි ඉතින් එල්ලෙන කොට මුළු ඇඟම තෙමාගෙන ...
කොහොමින් කොහොම හරි කට්ටියම බාගෙට නාගෙන ආයෙත් ගොඩට පැන ගත්තා ... පැය හතරක් විතර ඒ පැත්තේ ගත කරලා ගෙදර ආවම වැඩ ගොඩයි .....හතර දෙනා එක්ක අර ලිස්ට් එකේ වැඩ ටික පටන් ගත්තා ...හිතුව තරං වෙලා ගියේ නැතුවම වැඩි ටික ඉවර වුන නිසා, මනෝජ ගියා එයාගේ පොත් ටික අතට ගන්න , පොඩ්ඩො දෙන්නට තව යාළුවෙක් එකතු වෙලා සෙල්ලම , මට මතක් වුනා ගිය සතියෙත් “සොඳුරු සුව අසපුව“ට ලිව්වේ නැහැනේ කියලා ....එහෙම නම් අද ලියන්න ඕනේ ............
....
අර අපේ චූටි නංගිට වුනු දේ ( ගඟේදි ලිස්සල ගිය සිද්ධීය ...) එක්කම , මේ ලිපි කියවන පාඨක මහත්මියකගේ ඉල්ලීමකුත් එක්ක , මට නම් මතක් වුනේ අද ලියන්න ඕන Miscarriage ගැන කියලා ...ඒ කියන්නේ , ගර්භණී අවස්ථාවේ ඉන්න කාන්තාවකගේ ගර්භයට සති 20කට පෙර ස්වභාවිකව ගබ්සාවට ලක්වීම ...ඒකත් එක විදියට ලිස්සා යාමක් නිසා අද කතාව ඒ පැත්තෙන්ම යන්න පුළුවන් .
මේ කතාවට ඉස්සර වෙලා දරු පිළීසිඳ ගැනීමක් වන විදිය ගැන අපි කතා කළ පෝස්ට් කිහිපය කියවලාම ආවොත් තමා පහසු .
මෙන්න ඒ ලිපි වලට පාර ..
![]() |
http://www.modernwomenworld.com |
අපි දන්නවනේ , සංසර්ගයේ ප්රථීපලයක් හැටියට ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය තුලට රිංගන ශුක්‍රාණු “සුන්දර පිහිනීමේ තරඟයකට“ මුහුණ දීලා , ප්‍රථමස්ථානය ලබා ගන්නා දක්ෂතම Sperm ට පුළුවන් කම ලැබෙනවා කියලා ස්ත්‍රි ජන්මාණුව , නැන්තම් ඩිම්බයක් එක්ක එකතු වෙන්නට ..ඒ ඉතින් ඒ වෙලාව වෙනකොට හොඳ ඩිම්බ සෛලයක් තිබුණොත් තමයි ..එහෙම හිටියේ නැතොත් මේ කතාව වෙනස් වෙනවා ... හරි අද අපේ මාතෘකාව විදයට අපි හිතමු ඔන්න දෙන්න මුණ ගැහුණ කියලා ...ඊට පස්සේ මේ සෛල දෙක එකතු වුනාට පස්සේ හැඳෙන යුත්කානුව Zygote , ටිකෙන් ටික ලොකු වෙනවා , ඒ අතරේ එක හිමින් සැරේ පෙරළිලා ඇවිත් , ලෝකේ තියෙන සුවදායකම , ආරක්ෂාකාරීම “මෙට්ටේ උඩට වැටෙනවා (මෙට්ටේ මොකක්ද කියල දැන ගන්න නම් යන්න වෙනවා 38 වන ලිපියට , නැත්නම් මෙතන ක්ලික් කරල බලන්න ) “ ...දැන් මෙයා හදන්නේ නිදාගන්න ....පොඩ්ඩක් ඉන්න ..මම මෙයා කීවේ අර අළුත හැදුන සෛල ගොණූව ගැන ....හුඟ කාළයක් මෙහෙම ඉන්න නිසාද මන්ද , මෙයා බොහොම තදින් “මෙට්ටේ “ අල්ලගෙන තමා නින්දට වැටෙන්නෙ ..හුඟක් වෙලාවට මේ “පැටියට“ මේ විදියට ‘‘මෙට්ටේ “අල්ලගෙන මාස නමයක් විතර පරිස්සමට ඉන්න පුළුවන් . එහෙම හිටපු අය තමයි සුදුසු කල පිරුනම “ලෝකේ වටිනම වස්තුව “ විදියට හඬාගෙන ලොවට වඩින්නෙ ..
නමුත් , සමහර “පැටවුන්ට“ මේ විදියට නිසි කාළය එනකම් “මෙට්ටේ “ අල්ලගෙන ඉන්න වෙන්නේ නැහැ , සති විස්සකවත් වෙන්න ඉස්සර වෙලා මෙට්ටෙන් අතඇරිලා ලිස්සල යනවා ..එහෙම ලිස්සල ගිහින් බිමට වැටෙන “පැටිය“ තව දුරටත් “පැටියෙක් “ වෙන්න වාසනා කරල නැහැ ..ඒ තත්ත්වය තමයි අද අපේ මාතෘකාව ..
මුලින්ම කියන්න ඕන මේ ස්වභාවික ගබ්සා වීමට හේතු සාධක වන දෙයක් ස්ථිරවම හොයාගෙන නැහැ , ඒත් විය හැකි සාධක විදියට සැළකෙන අවස්ථා කිහිපයක් තිබෙනවා , ඒ අතරේ මුලින්ම කියන්න පුළුවන් දේ තමයි මේ කළලයේ , පැටියාගේ තිබෙන යම් ජානමය හෝ වර්ණදේහ වල විකෘතිතාවයක් . අම්මගේ ඩිම්බයෙන් සහ තාත්තගේ ශ්රක්රාණූවෙන් ලැබෙන වර්ණදේහ මුසු වෙත්දි , බෙදෙත්දි සිදුවන යම් අක්‍රමිකතාවයක් ...බිඳවැටිමක් නිසා මේ තත්ත්වය වෙන්න පුළුවන් . එහි ප්‍රතිපලයක් විදියට කළලය නිසි ලෙස වැඩෙන්නෙ නැහැ , ලොකු වෙන එක සම්පුර්ණයෙන්ම නවතිනවා , ඊට පස්සේ තමයි මේ කළලය ගර්භාෂයේ නොරැඳී ඉක්මණින්ම ඉවත්ව යන්නේ ...
මීට අමතරව අම්මගේ ගර්භාෂයේ පවතින ව්‍යුහමය ගැටළු ඒ කීවේ සාමාන්‍යෙයන් තිබුය යුතු තත්වයටම වඩා වෙනස්වීම තිබීම ,උදාහරණයක් Incompetent cervix වැනි හේතු නිසාත් ස්වභාවික ගබ්සා වන්නට ඉඩ වැඩි බව හඳුනාගෙන තිබෙනවා.
එමෙන්ම , මවගේ වෙනත් රෝග තත්ත්ව ,අධීක උණ වැනි තත්ත්ව , වෙනත් ආසාදන, දියවැඩියාව (පාලනය නොකළ) , වකුගඩු රෝග , තයිරොයිඩ් ආබාධ , ප්‍රතිශක්ති කරණ පද්ධතියෙ ගැටළු , පෝෂණ දුර්වලතා වගේ ලොකු ලැයිස්තුවක් ලියාගෙන යන්නට පුළුවන් “විය හැකි“ හේතු ගණයට...ඒ වගේම මව රැකියාව කරන්නේ , රසායනික ද්‍රව්‍ය අධීකව භාවිත වන තැනක නම් , උදහරණ තීන්ත වර්ග , වාහන වලින් පිටවන දුම , නැත්නම් කෘෂී රසායන හෝ ඒවාට පහසුවෙන් ළඟා විය හැකි ස්ථානයක නම් එයත් අවදානම් අවස්ථාවක් , ඒ විතරක් නොවෙයි , අළුත සොයගෙන තිබෙන දෙයක් , ද්විතීක දුම්පානයත් මෙයට වියහැකි සාධකයක් ...ඒ කීවේ දරු පැටියෙක් හදල දීලා , එළියට එනකම් මඟ බලාගෙන ඉන්න , පැටියගේ තාත්ත උරළ පිට කරන සිගරට් දුම නිසාම පැටිය හරි කාළෙට ඉස්සර වෙලා එළියට එන්න පුළුවන් බවත් මතක් කරල දෙන්නම ඕන .......ඔව් ඔව් ...දුම ඉතින් පැටියගේ තාත්තගේ විතර නෙවි කාගේ උනත් සිගරට් දුම භයානකයි ..
තව දෙයක් , අම්මගේ වයස අවුරුදු 42ට වැඩි නම් මේ අනතුරට පත්වීමේ ඉඩ 50%ක් විතර , අවුරුදු තිහක අම්ම කෙනෙක්ට වුනත් 20%ක ඉඩක් තිබෙනවා , ඒ නිසාමයි අපි කීවේ හොඳම වැඩේම හොඳම වයස තෝරගන්න කියලා 35වන ලිපියෙදි .
සාමාන්‍යෙයන් කළලයට සති 20ක් වගේ කාළයකදි සිදුවන ( සමහර විට ඊට පසුව වුවත් වන්නට පුළුවන් late miscarriage) මේ ස්වභාවික ගබ්සා වීමක දැන ගන්නේ කොහොමද කියල. අපි දන්නවනේ ගර්භණීත්වයක් ලැබුණට පස්සේ පැවති ආර්තව චක්‍රය තාවකාළිකව නවතිනවා , මාසිකව සිදුවුනු ගර්භාෂ බිත්ති ගැළවී , ආර්ථව රුධීරය පිට වීමේ ක්‍රියාව දැන් සිදුවන්නේ නැහැ ,මොකද දැන් ගර්භාෂයට ඊට වඩා වැඩ තියෙනවා , “ලෝකේ ලොකුම වස්තුව පරිස්සම් “ කරගෙන ඉන්න ගර්භාෂය මේ චක්කරේ නවත්වන බව , නවතින බව හැම කාන්තාවක්ම දන්නවා . මේ නැවතුම සාමාන්‍යෙයන් දරුව බිහිවෙලා මාස කිහිපයක් යනතුරුම “නැවතිලා“ තිබෙන්නේ , ඊට පස්සේ තමයි නැවත සුපුරුදු රටාව පටන් ගන්නේ . නමුත් ස්වභාවික ගබ්සාවකදි , පිළීසිඳ ගැනීමක් සිදුවෙලා සති කිහිපයකට පස්සේ යෝනි මාර්ගයෙන් ලේ වැගිරීමක්(වැගිරීමක් කියන්නේ පොඩි ලේ බිංදුවක් ගෑවිලා තියෙන එක නොවෙයි ) වෙනවා . පිළිසිඳ ගත් මුල් දින හෝ පසු දින , යෝනි මාර්ගයෙන් රතු පැහැයට හුරු ශ්ලේශ්මලය ගලා ඒමක් වෙන්න පුළුවන් වුනත් සති කිහිපයකට පස්සේ එවන් ලේ ගලා යාමක් වෙනවා නම් එය අසාමාන්‍යයි , විශේෂයෙන්ම සති 20ට පෙර සිදුවන මෙවන් ලේ බැහැරවීමක් ස්වභාවික ගබ්සාවක ලක්ෂණ වෙන්නට පුළුවන් . (මේ ලේ එක්කම සමහර විට පුංචි පටක කොටස් පිට වීමක් වෙන්නත් පුළුවන් -මේ අවස්ථාව නම් ගබ්සාවක් වීමට ලොකු ඉඩක් තිබෙනවා) , ඒ එක්කම යටිබඩ හරියේ ඇතිවන තද වේදනාවකට ලොකු ඉඩක් තිබෙනවා . ඒ කැක්කුම හරියට යටි බඩ ඇතුලෙන් මිරිකනවා වගේ සැරින් සැරේට තද වෙන කැක්කුමක් විදියට තමයි අම්මල කියන්නේ .
කොහොම වුනත් මේ තත්ත්වයට මුහුණ දුන්නා නම් වඩාත්ම හොඳ දේ තමා තමන්ගේ පවුලේ වෛද්‍යවරයා හෝ , නාරි හා ප්‍රසව විශේෂඥවරයා හමුවෙන එක ..මොකද සිදුවුනේ ඇත්තටම ස්වභාවික ගබ්සාවක්ම දැයි තහවුරු කරගැනීම . ඒ වගේම ගබ්සාවක් නම් කළලයේ පටක කොටස් තවමත් ගර්භාෂය තුල රැඳී ඇත්දැයි දැන ගැනීමටත් එය වැදගත් , හේතුව එසේ රැඳී ඇත්නම් එම ඉතිරි වූ පටක කොටස් ඉවත් කිරීම අනිවාර්යයෙන්ම කළ යුත්තක් නැත්නම් එම පටක කොටස් වලින් ඇතිවන ආසාදනය වීම මවට ලොකු අනතුරක් ඇති කරන්නට පුළුවන් . ඒ සඳහා තමයි මෙවන් අවස්ථාවට පත්වූ කාන්තාවන්ගේ ගර්භාෂය පිරිසිදු කිරීමේ dilation and curettage (D&C) ශල්‍ය ප්‍රතිකාරය ලබා දෙන්නේ .
හරි අපි හිතමු වෛද්‍යවරයා තහවුරු කළා කියල රැධිර වහනයක් වුනත් ගබ්සාවක් වෙලා නැහැ කියලා ..දැන් මොකද වෙන්නේ ..එහෙම වෙන අවස්ථා තිබෙනවා ..එතකොට කරන්න වෙන්න ඇඳට වෙලා විවේක ගන්න එක . සමහර විට දවස් හතරක් පහක් , වැඩිම උනොත් සතියක් විතර රෝහලේ ඇඳක විවේක ගන්න පුළුවන් . ඒ අතරේ සෞඛ්‍ය කණ්ඩායම ඔබේ රැධීර පරික්ෂණ , ස්කෑනින් පරික්ෂණ කරමින් කළලයේ තත්ත්වය පිළිබදව විමසීමෙන් ඉන්නවා . කරදරයක් නැත්නම් සතියකට විතර පස්සේ ගෙදර ගිහින් සාමාන්‍ය වැඩ කටයුතු කරගෙන ඉන්න පුළුවන් .
![]() |
පිංතූරය ගත්තේ www.ivillage.ca |
හැබැයි සිද්ද වුනේ ස්වභාවික ගබ්සාවක් නම් වැඩිය කළබල නොවී විශේෂයෙන්ම හිත වැඩිය කළබල කරගන්නේ නැතිව ටික දවසක් ඉන්න . දන්නවද ගර්භණී කාන්තාවක් ගෙන් 80%කට යම් අවස්ථාවක මෙවන් අකරතැබ්බ ඇති වන්නට පුළුවන් දැන හෝ නොදැන. ඒ නිසා හොඳම දේ කළබලේට ආයෙත් ඉක්මණට ප්‍රෙග්නන්ට් වෙන එක නොවෙයි , අඩුම තරමේ මාස දෙකක් තුනක් වත් ඉන්න , ඊට පස්සේ දරු පැටියෙක් හදන්න උත්සාහ කළොත් වැඩිය හොඳ බව තමයි වෛද්‍ය මතය . ඒකට හේතුව මවගේ මානසික වගේම කායික සෞඛ්‍ය පැත්තෙත් යම් සුදුසු මට්ටමකට පැමිණීම අත්‍යවශ්‍ය නිසා .
නැවතත් කියන්නේ ...ස්වභාවික ගබ්සාවීම කාන්තාවන් අතර “විය හැකි “ දෙයක් , එය මහා භයානක දෙයක් නැත්නම් , කවදාවත් දරු පැටියෙක් හදාගන්න බැරිවෙන තත්ත්වයක් නොවෙයි , වැදගත්ම දේ මෙවන් අවස්ථාවකට මුහුණ දුන්නා නම් නිසි වෛද්‍ය උපදෙස් ලබා ගන්න එක , හේතුව එවිට පුළුවන් ගබ්සාව ඇතිවීමට යම් හඳුනාගත් හේතුවක් තිබුණා නම් ඊට ප්‍රතිකාර ලබාගන්නට ..
මේ ගැන කතා කරත්දි කියන්නම ඕන දෙයක් තිබෙනවා , ඒ තමයි සාමාන්‍ය ගර්භණී කාන්තාවක් රැකියාවක් කළ කියල ගෙදර දොරේ සරළ වැඩි කටයුතු කළා කියල ටිකක් ඇවිද්දට , එහෙම නැත්නම් සාමාන්‍ය ක්‍රමයට ලිංගික එක්වීමක් වුනා කියල ගබ්සාවක් ඇති වෙන්නේ නැහැ . හැබැයි පෙර වතාවක් හරි දෙකක් හරි ස්වභාවික ගබ්සාවක් වුනා නම් මේ කටයුතු වල සීමාවක් තියාගන්න එක වැදගත් වෙන්න පුළුවන් , ඒ සීමාව එකිනෙකාගෙන් වෙනස් වන නිසා , හොඳම දේ ඔබේ තත්ත්වය පිළිබඳ දන්නා පවුලේ වෛද්‍යවරයාගේ උපදෙස් අනුගමනය කරන එක ..එහෙම වුනොත් දරු සම්පතක් ලබා ගන්න එක තවත් හීනයක් වෙන එකක් නැහැ ..

එහෙම නම් ...මට හිතෙන විදියට ස්වභාවික ගබ්සාව ගැන කියන්න ඕන දේවල් සෑහෙන ප්‍රමාණයක් කියවුනා කියල හිතෙනවා . සමහර විට අඩු පාඩු තිබුණොත් ඔබ විමසන පැනයන් එක්ක අවශ්‍ය පිළිතුරු දෙන්නම් , මොකද දැන් වෙලාව රෑ ...නැහැ උදේ 1.30 .... හොඳටම නිදිමතයි ...
එහෙම නම් ආයෙත් හමුවෙමු ..සුව සතුට පිරි දිනයක් ඔබ සැමට ...
**********
ආ ...දැනුයි දැක්කේ ....මේ පෝස්ට් එකට එන ඔබ තමයි “සොඳුරු සුව අසපුවේ 50,000වන පැමිණෙන්නා වෙන්නේ ...අපි බලමු කවුද ඒ ..........කෙනා කියල නේද ?
එසේනම් , සොඳුරු සුව අසපුවට පැමිණී ඔබ හැම දෙනාටම මසිත නැගි සතුට බෙදා දෙන්නට මේ අවස්ථාව ...බොහොම පුංචි අරමුණක් ඔස්සේ ඇරඹුණූ මේ පිටුව , යම් පිරිසක් අතරට ගෙන යන්නට ඔබ දුන් සහයෝගය නොවන්නට මෙයත් මග නැවතුනු තවත් එක් බ්ලොග් සටහනක් වන්නට ඉඩ තිබුණා . ඒ නිසාවෙන්ම මේ සතුටේ හිමි කම ඔබ සැමටම වන්නේ ..
ස්තුතියි නැවතත් ...
**********
ආ ...දැනුයි දැක්කේ ....මේ පෝස්ට් එකට එන ඔබ තමයි “සොඳුරු සුව අසපුවේ 50,000වන පැමිණෙන්නා වෙන්නේ ...අපි බලමු කවුද ඒ ..........කෙනා කියල නේද ?
එසේනම් , සොඳුරු සුව අසපුවට පැමිණී ඔබ හැම දෙනාටම මසිත නැගි සතුට බෙදා දෙන්නට මේ අවස්ථාව ...බොහොම පුංචි අරමුණක් ඔස්සේ ඇරඹුණූ මේ පිටුව , යම් පිරිසක් අතරට ගෙන යන්නට ඔබ දුන් සහයෝගය නොවන්නට මෙයත් මග නැවතුනු තවත් එක් බ්ලොග් සටහනක් වන්නට ඉඩ තිබුණා . ඒ නිසාවෙන්ම මේ සතුටේ හිමි කම ඔබ සැමටම වන්නේ ..
ස්තුතියි නැවතත් ...