Quantcast
Channel: සොඳුරු සුව අසපුව
Viewing all articles
Browse latest Browse all 245

140)ගෝරිල්ලගේ ලොල් කතාව

$
0
0

“මොකක්ද ඔයාගේ රට ....“ 
         “ශ්‍රී ලංකාව “
“ශ්‍රී ලංකා .. ????? , කොයි පැත්තෙද තියෙන්නේ ?“ ...
         “අපේ රට දකුණූ ආසියාතික රටක් පොඩි දූපතක් , හැබැයි බොහොම ලස්සනයි , “ 
“ඔයා කොහෙන්ද ? ....“

          “මම ඝානා වල .....මෙඩිසින් තමා ප්‍රැක්ටිස් කළේ ....ඒ වුනාට හරියට දූෂණ , ඉගෙන ගත්තට කිසි කෙනෙක්ට ඉස්සරහට යන්න බෑ , මම නං ආවේ ළමයින්ට අනාගතයක් පේනමානෙක නැති නිසා ., ලොකුම කරදරේ ගිනි අවි ..දැන් ඒක සෙල්ලමක් වගේ වෙලා .“  ඇය ඇස් ලොකු කරගෙන කියවගෙන යනවා ..
ආදර රතදර ද ?
         “ඇත්තද ?  .... දැන් හුඟක් කල්ද මෙහෙට ඇවිත් ? ....“  කතාව වෙනතකට යොමු කරගන්නටයි මගේ උත්සාහය ..මොකද මේ කතාව ඉස්සරහට ගියොත් ..? (මේක ඇත්තටම සිදුවුනු කතාවක් , අපි හිතන් හිටියට ලංකාව ගැන හැමෝම දන්නව කියල , මෙහෙම රටක් , සිංහල කියල භාෂාවක් ඇති බව නොදන්න බටහිර ජාතීනුත් ඕන තරම්) 

සෞඛ්‍යය සම්බන්ධ වැඩි දුර පුහුණූවකදි හමුවුනු , අපේ පාටම තිබෙන මිත්‍රයෙක් සහ මා අතර විවේක කාළය තුලදි ඇතිවුනු කතාබහක් ..! මේ කතාව තව දුර ගියත් , දෙ රටවල් ගැන නම් තවත් කතා වුනේ නැහැ .. මාස හයක් විතර එකට හිටපු අපේ කණ්ඩායමේ සියල්ලන් , වැඩසටහන අවසානයේ විසිර ගියේ එකම රටක මිත්‍රයෝ හැටියට ....

මාස හත අටකට ඉස්සර වෙච්ච මේ කතාව ආයෙත් මතක් වුනේ මේ දවස් ටිකේ පත්තර වල මුල් පිටු බලත්දි . මොකද මේ දවස් ටිකේම .....................?????. 

එක්කෝ ඔය කතා ඕන නැහැ ...අපි දැන් මෙන්න මේ වීඩියෝව බලල ඉමු ....හැබැයි මතක ඇතිව Full screen දාගෙන බලන්න ...ඊට පස්සේ වීඩියෝව අතරේ අහන ප්‍රශ්න වලට උත්තරත් දෙන්න කෝ ... ඔව් වැඩි කතා නැතිව මෙන්න මේක බලන්න ..


දැන් කතාව ...බය වෙන්න එපා ..අද කතා කරන්නේ “ලෙඩක්“ ගැන නොවෙයි ...ලෙඩ ගොඩක් ඇති කරවන්න පුළුවන් අපේ මොළයේ හැසිරීමක් ගැන . Scotoma ලෙසින් උපදේශනයෙදි හඳුන්වා දෙන මේ සංකල්පයේ කතාව කෙටියෙන්ම මෙච්චරයි ....අපේ මොළය , යථාර්ථයේ තිබෙන එක දිශාවක හිරවෙන්නට කැමතියි ...ඒ හිරවෙත්දි , ඒ දිශාවෙන් බාහිර ඇති යථා ස්වභාවය ගැන හිතන්න කැමැත්තක් නැති තරම් .. බර වැඩියිනේ ....? හරි අපි මෙහෙම හිතමු , දරුවක් සාමාන්‍ය පෙළ සමත්වෙලා , උසස් පෙළට යන්න හදන්නේ ..
“දැන් මොන ෆීල්ඩ් එකද කරන්නේ ...බයෝද , මැත්ස්ද ? ...ආර්ට්ස්ද ....? “
 දැන් මේ දරුව , තමන් එක්ක ස්වයං කතාවක (Self talk) යෙදෙනව ...., “මගේ රිසල්ට් වල හැටියට ...ආර්ට්ස් තමා හොඳ ...., ඇත්තටම .......බයෝ කරනවද ?  බෑ .. බයෝ අමාරුයි ..........ආර්ස්ද ? .......??“  ..
තීරණකයකට එනවා ...“ආර්ට්ස් කරනවා .....!“ ....
“ආර්ට්ස් කරල මොනවටද ළමයෝ ...අනෙක ලැජ්ජ නැත්ද ? ...අයිය ඉංජිනේරුවෙක් ..මල්ලි ආරට්ස් කරනවා ....බයෝ කරන්න ...දැන්ම පන්ති යන්න පටන් ගන්න ...“ මේ ගැන අම්මට කීවම ලැබෙන උත්තරේ ...
www.sbnation.com
මොනව කරන්නද කොළුව “බයෝ“ කරන්න පටන් ගන්නවා ....ඒත් හිතේ තියෙන්නේ “බයෝ අමාරුයි මට කරන්න බෑ ...“ හිතේ මේ සංකල්පය පැල පදියම් වෙත්දි , “බයෝ කියන්නනේ බොහොම රසවත් විෂයක් , මුල ඉඳළ තේරුම් ගත්තම කරගන්න පුළුවන්“ කියන අදහස , පැදුරු කොට්ට් අකුලගෙන දරුවගේ මනසින් පිට වෙලා යනවා ...දැන් ඉතින් කොල්ල බයෝ කරනවා හැබැයි හිත lock-on වෙලා ඉන්නේ “මේක හරිම අමාරුයි“ කියන කතාවේ .... හුඟක් වෙලාවට මේ තත්ත්වයේ අවසාන ප්‍රතිපලය අපේක්ෂිත තත්ත්වය නොවෙන්න ඉඩ වැඩියි .... 

rapgenius.com
මේ වගේ නොවෙයි , “මට බැහැ “ , “වෙන ක්‍රමයක් නැහැ“ “ගොඩ එන්නම බැහැ“ .වගේ නැති බැරි සාධක වල අපේ මනස කම්මැලි කමින් හිර වෙන්න උත්සාහ කරන වෙලාවේ , එයින් එපිට ඇති “මට පුළුවන්“ , “තව ක්‍රම තියෙනව“ , “මට ගොඩ එන්නට පුළුවන් , මේ තියෙන්නේ ක්‍රම“ ...විදියට යථාර්ථයේ තිබෙන උත්තර පේන්නේ නැතිව යනවා . මේ තත්ත්වය Lock-on-Lock-out (LOLO ලොල් නෙවි නේ :) ) ලෙසින් මේ පිළීබඳව අධ්‍යයනය කරත්දි හඳුන්වා දෙන්නේ. හිර කර ගැනිම සහ එළියට දැමීම කියල අපට කියන්න පුළුවන් . 

මීට මාස හත අටකට ඉස්සර වෙලා PX2 පාඨමාලාවෙදි මේ ගැන බොහොම සංකීර්ණ සිද්ධාන්ත කාරණා ගැන කතා කළත් ඒ ඔක්කොම මෙතන ඕන නැහැ , දළ අදහස ගනිමුකෝ ..PX2 ගැන කැමැත්තක් තිබෙන අයට පුළුවන් මෙන්න මේ ලිංක් එක දිගේ ගිහින් තවත් දැන ගන්න , කැමති නම් පාඨමාලාව ඔන්ලයින් හදාරන්නත් පුළුවන් .http://www.thepacificinstitute.us/v2/index.php?name=education_px2   


ලස්සන මලක්ද ?
දැන් අර ගොරිල්ලගේ කතාවෙත් වෙන්න මේකනේ , අපි සුදු පාට ඇඳගත් අය බෝලේ පාස් කරන වාර ගණන ගැන හිතත්දි , අපේ මනසට අමතක වෙනවා , ගොරිල්ලෙක් ඇවිත් යන බව , පසුබිමේ වර්ණය වෙනස්වන බව ... (මේ වෙනස සමහර කෙනෙකුට හඳුනගන්නට පුළුවන් වෙන්න ඇති , ඒත් වැඩි පිරිසකට හඳුනගන්න බැරි වුනු බව ප්‍රායෝගිකව අප දැක්ක) 

දැන් නිකං කරකවල අතෑරල වගේ ඇති මොනව ගැන කියවනවද මන්ද කියලා ...

කතාවේ සාරාංශය මෙච්චරයි , අපේ හිතේ තිබෙන Scotoma ලක්ෂණය තේරුම් ගන්න , අපි යම් දෙයක හොඳ හිතත්දි , එහි තිබෙන නරක නොපෙනී යනවා , නරක ගැනම හිතුවොත් , හොඳ පැත්ත නොපෙනී යනවා ..ඒ තමයි සාමාන්‍ය ස්වාභාවය , ඒත් කරන්නට උත්සාහ කළ යුත්තේ මේ “වැසුනු කළාපය “ නැත්නම් Lock-out කරල අපේ හිතෙන් එළියට දාපු යථාර්ථය ගැනත් හිතන්න අපේ හිත පොළඹවන එක ... නියම ජයක් ලැබෙන්නේ මේ Lock-on සහ Lock-out පාර්ශව දෙකම ගැන , සිතා බැලීමෙන් . ඔච්චර ලොකු කතා ඕන නැහැ ..අපේ අම්මල තාත්තල වුනත් කියන්නේ “වැඩක් කරකොට හොඳට හිතල බලල කරන්න දරුවෝ “ කියල ..ඒකම තමයි මේ ..(Scotoma කියන පදයට දීල තිබෙන පැහැදිලි කිරීම නම් a mental blind spot; inability to understand or perceive certain matters. ජීව විද්‍යාත්මකව නම් අන්ධ බිංදුව කියන්නෙත් මේකම තමා )

දැන් ලංකාවේ ජනප්‍රිය මාතෘකා වල රැඳිල ඉන්න බොහෝ දෙනෙක් ටිකක් කල්පනා කළ යුතු තත්ත්වයක් මේ , නැත්නම් 
“  හිතනවාට වඩා සොඳුරු ලෝකෙක අප ජීවත් වන්නේ “ කියන ගී පදය වෙනස් කරන්නට වෙනවාමයි .

දැන් ඉතින් “සොඳුරු සුව අසපුව“ , දේශපාලන කටයුත්තක් , නැත්නම් ආගමකට සම්බන්ධ කටයුත්තක් හෙලා දකින්න හදනව කියල හිතන්න ඕන නැහැ, මේ කීවේ අපේ මනස ක්‍රියාකරන්න කැමැති විදියත් , එය නිවැරදි මාර්ගයට ගතයුතු බවත් විතරයි .නැත්නම් ඉතින් අප නොහිතන යමක් අපේ පසුබිමේ සිදුවන බව නොදැනෙන්නට පුළුවන්. ඒ නියම ඇත්ත දකිත්දි හුඟක් ප්‍රමාද වෙල වෙන්නත් පුළුවන් .

එහෙම නම් අදට සමුගන්නවා , මේ ටික කියවල කරකැවිල්ල වගේද මන්ද ? :)  ....

ආයෙත් හමුවෙමු , සුව සතුට පිරි දිනයක් .. යන ගමන් මෙන්න මේ ඔළුව නැති වෙන මනුස්සයාවත් බලාගෙනම යන්නකෝ ...හිතන්න යමක් එකතු කරගෙනම .


යන්න ඉස්සර වෙලා බෘනෝ මාර්ස් ගේ මේ ගීතයත් රස විඳින්න , ඒකත් Lock out ගැනමයි 

මේ කතාව වුනේ නම් පහුගිය දවසක ...
“මොකක්ද ඔයාගේ රට ....“ 
         “ශ්‍රී ලංකාව “
ලෝකේ කොහේ හිටියත් ,
අපේ රටට ඇති ආදරේ වැඩි කරගන්නට මිස
අඩුකරගන්නට හිතෙන්නේ නැහැ ,-
පිංතූරය holidayindiatravel.com
“ශ්‍රී ලංකා .. ඇත්තද හරිම ලස්සන රටක් , මමත් දෙපාරක් ගියා සමර් බ්‍රේක් එකට , ඒ වුනාට  මේ පාර නම් අපේ Travel advisory එකේ warning ටිකක් වෙනස් කරල තිබුණද කොහේද ? “ 
        “ඇත්තද ?... කොහොමද , මේ සබ්ජෙක්ට් එක අල්ලල යනවද ? “  කතාව වෙන පැත්තකට ගන්න බලමු ...නේද ?....

ගෙදර යන ගමන් ! 

ඇයි මීට කළින් දැකළ නැත්ද ....සොඳුරු සුව අසපුවේදි , ලෙඩ ගැන කතා කරල නැති පෝස්ට් , ? :) 
එහෙමනං මේ ලිංක් එකෙන් ගිහින් ඒවත් බලන්නකෝ ...

පිංතූරෙ ගැනත් ටිකක් හිතන්නකෝ ..


Viewing all articles
Browse latest Browse all 245

Trending Articles