.jpg)
“මට නං ඕන කට්ට සම්බල් ..ෂා ..රසායි........“ ...
ලොකු කෙලී පිට්ටු උඩටම කට්ට සම්බල් ගුලියක් දාගෙන නිදහසේ කන්න හිතාගෙනද කොහෙද එයාගෙ මේසෙට ගියා ...
පොඩ්ඩි නම් හොරෙන් හොරෙන් අම්මගෙ අස්සෙන් ගිහින් පැණි බෝතලේ උස්සගෙන ...(මේ දෙන්නගේ වැඩ දැකල ඇතිනේ මෙතැනින්)
“ආ ..මෙයා ඉතින් තාත්තගෙම දුව නේ ..... එහෙමනං තාත්තටත් ඕකෙන්ම පැණී ටිකක් දාල තියන්න ...දෙන්නම ඉතින් එක ජාතියේ කූඹිනේ ....“ ....
අද උදේට උණු උණු පිට්ටු රස ලැබෙන බව මම දැනගෙන හිටියත් අම්මල දූල කුස්සිය පැත්තේ කසු කුසු ගාන අතරෙ හැමදාම වගේ නොවුනත් අද සෙනසුරාදාව නිසා පරක්කු වෙලා නැගිටල අන්තර්ජාලේ පුරා ඇවිදින්නට පටන් ගත්ත ...මුහුණූ පොත , ලංකාවේ පත්තර ටික , ඊළඟට Weather network එක , ඊළඟට මේ පැත්තේ පත්තර ටික ...හැමදාමත් වගේ අවුස්සමින් බලන්නට පටන් ගත්තේ ..අද බොහොම නිදහස් ..කවුරුත් ගෙදර ......
“බීප් බීප් බී .....බීප් බීප් බී...බීප් බීප් බී“ ....ස්කයිප් පැත්තෙන් කවුදෝ එනවා .....
“ඉතින් සඳරු....කොහොමද ....“....
“වරදක් නෑ ...අපි නම් මේ දවස් වල බිසි ..ඒක නෙවි ....මිස්ට මහේෂ් ....මෙන්න ඔයාගේ ළමයි දෙන්නෙක් ඉන්නවා කතා කරන්න ....බලන්න කවුද කියලා ...“
...
පරිගණකේ තිරේ මත බොඳවෙච්ච රුවක් පෙනනවා ...එච්චර පැහැදිලි නැහැ ..ඒ අස්සෙන් කිචි කිචියකුත් ඇහෙනවා ....
“මේ තිෂාණි නේද ......ඔය අස්සෙ ඉන්නේ මාධවී නේද ...? .....ඒ පැත්තෙන් එන පිංතූරේ පැහැදිලි නැතත් “මගේ දරුවො“ මට හඳුනගන්න පුළුවන් ..අවුරුදු ගණනාවක් මේ පැටවුන්ට “හෙදකමේ රසය“ කියාදෙන්නට උත්සාහ කළ මට , අද මේ දරුවන් හුඟක් ඈතින් හිටියත් මගේ හදවගේ මේ පැටවු , පැටික්කියෝ හැමදාමත් රැඳිල ඉන්නවා ....(මෙන්න අපි එදා ඔවුන්ගෙන් සමුගන්නදා කළ සටහන ..).
“ඔව් සර් අපි දෙන්න තමා ....ඉතින් කොහොමද ....කෝ නංගිල දෙන්න .....මිස් ඉන්නවද ....“ ප්‍රශ්න වැලක් ...
කළ කතා බහේ ඔක්කොම මොකටද ? ...ඒත් වැදගත් තැනක් අහුවුනා ...
“සර් , තමිඳුගේ කකුල දැන් ටිකක් හොඳයි , ඒත් එයාට පින් දාල , ...ප්ලේට් එකකුත් දාල ..දැන් ඇවිදිල කොට ටිකක් රිදෙනවා ..අනේ ...ඒක් හරියයිද සර් ...., “ ..
තිෂාණි මාස කිහිපයකට ඉස්සර විවාපත් වුනේ තමිඳු එක්ක ...යෞව්වනයේ සුන්දර ආදරය , නිසිපල නෙලා ගන්නට සමත් වුනු මේ “පැටව් දෙන්න“ සතුටින් යුග දිවිය ගත කරමින් උන්නා ..ඒත් අවාසනාව අප ගාවට මොන මොහොතේ ඒද කියල කියන්න බැහැනේ ...පහුගිය දවසක තිෂාණි ඩියුටි දාල එන ගමන් තමිඳුගේ බයික් එක හැප්පුනා ...ඒ දරුවගේ කකලේ පහල තියෙන අස්ථී දෙකම දරුණූ විදියට කැඩිලා බිඳිලා ගියා ...වේදනාව , එක්ක තව කරදර ගොඩක් ..ඉස්පිරිතාලේ ඉන්න , බෙහෙත් දාගන්න ...එක එක පරික්ෂණ වලට යන්න ..මේ අළුත බැඳපු කෙල්ලටයි , කොළු පැටියටයි කරදර ගොඩයි ...ඒත් අද වෛද්‍ය තාක්ෂණයේ පිහිටෙන් සියල්ල යහපත් තත්ත්වෙට ඇවිත් , අද ඇයවගේම ඔහුත් රැකියාවට යනවා ...ඒත් ප්‍රතිකාරය විදියට අස්ථී වලට සම්බන්ධ කළ ලෝහමය පතුරු සහ ඇණ නිසා තවම පොඩි පොඩි අමාරුකම් තියනව බව ගමයි ඇය කියන්නේ ....කෙල්ල අඬනවා ...ඇත්ත ..මේ කෙල්ලට ඒක දරාගන්න බැරි තරම් දුකක් ....
ඒ කතාවට උත්තර දීල , පුළුවන් තරමින් හිත හදල , තේරුම් බේරුම් කරල දුන්නත් , මේ අස්ථි බිඳිම් ආශ්‍රිතව කෙරෙන ප්‍රතිකාර වල භාවිත කෙරෙන නව වෛද්‍ය විද්‍යාත්මක තාක්ෂණ ක්‍රම ගැන හුඟ දෙනෙක්ට තවම හරි අවබෝධයක් නැති නිසා ඒ ගැන ටිකක් කතා කරන්නයි අද හිතුවේ ...
ඔබ දන්නව ඇති රිය අනතුරකින් හරි නැත්නම් වෙනත් අනතුරකින් හරි අස්ථී බිඳීමක් වුනොත් රෝහලේ දී මොකද කෙරෙන්නේ ...
හිත රිඳවන ඇන්ටෙනා .... |
![]() |
ඇටේ කොටස් |
![]() |
අස්ථියක ඇතුලත |
දැන් අස්ථීයක් බිඳුනම මොකද වෙන්නේ ..? ..අස්ථීයක් බිඳුනම මේ අපි කතා කළ පද්ධතියම බිඳ වැටෙනවා , එකිනෙකට සම්බන්ධ වෙලා කටයුතු කළ කට්ටියගේ වැඩ ටිකක් අඩාල වෙනවා ..හැබැයි , කොහොම හරි අපි කැඩිච්ච ඇට කැළි එකිනෙක ලං කරල තිබ්බොත් හිමින් සැරේ අර ‘වැඩ කාරයෝ“ ආයේ එකතු වෙලා කැඩිච්ච තැන හා කරල අස්ථී බිඳීම සුවපත් කරනවා ....ප්රථිකාරයේද ප්‍රධානව සිදුවන්නේ මේකයි , තවත් විස්තර කළොත් ප්‍රතිකාරයේ මුලික අරමුණූ වෙන්නේ , අස්ථීයේ වෙන්වුනු මුහුණත් පුළුවන් තරම් නැවත ලං කරලා , ස්ථාවරව , නොසෙල්වී තියා ගන්න එකත් , ඒ තුවාල ඇතුලට විෂබීජ ඇතුළු නොවන විදියට ආරක්ෂා කරගන්න එකත් ( වැරදිලාවත් මේ අස්ථී ඇතුලට විෂබීජයක් ඇතුළු වුනොත් සෑහෙන කරදරයකට වැටෙනවා ..ඒ ගැන මීට පෙර ලිපියකදි කතා කළා මතකයි) , අවශ්‍ය පෝෂණය ළබා දෙන එකත් , වේදනාව පාලනය කරගන්න එකත් තමයි , මේ ටික හරියට කෙරුණොත් “ස්වභාවික ක්‍රියාවලියක් “ විදියට නැවතත් අස්ථීය හාවෙනවා , මේ සඳහා ගත වන කාළය නම් වයස , රෝග තත්ත්ව , අස්ථියේ ස්වභාවය අනුව එකිනෙකට වෙනස් වෙන්න පුළුවන් .
![]() |
වඩු වැඩට නොවෙයි ...ඇට වැඩට |
මුලින්ම කියන්නට ඕන දෙයක් තියෙනවා , මෙතනින් එහාට කතා කරන දේවල් ජීව විද්‍යාවද , වඩු කර්මාන්තයද කියල සැක හිතෙන තරම් , අස්ථී බිඳිම් නිවැරදි කරන්නට කරන ශල්යකර්මයකදි භාවිත කෙරෙන උපකරණ වෙන ශල්‍යකර්ම වලට වඩා ටිකක් වෙනස් , ඒ අතරේ අඬු , මිටි , ඉස්කුරුප්පු නියන් , කියත් , දඬු අඬු වගේ ඒවත් තියෙනවා .. ඒ විතරක් නෙවි ඉස්කුරුප්පු ඇණ , තහඩු , ලෝහමය බෝල , පතුරු ඔය වගේ ..ඇත්තටම orthopedic operation theater එකක් වැඩ කරත්දි අත්දකින්නට ලැබෙන්නේ වෙනස්ම අත්දැකීම් ගනනාවක් ..
මොනවද මේ විදියට පාවිච්චි කරන විශේෂීත ඇණ , තහඩු ....මුලින්ම කතා කරමු ඇන්ටෙනාව ගැන ..ඒ තමයි එක්ටර්නල් ෆික්සේටර් ...මේකෙදි කරන්නේ බිඳිනු අස්ථීය හරහා යන විදියට සම්බන්ධ කළ ලෝහමය රාමුවකින් එම බිඳීනු තැන පිහිටීම නිවැරදි කරල ස්ථාවරව තියා ගන්න එක , සමහර විට බිඳුනු අස්ථි මුහුණත් අතර පතරතය අඩුවන්නට යම් පීඩනයක් , යෙදීමටත් මෙය යොදා ගන්නවා , ඒ වගේම පිටතින් තිබෙන ඉස්කුරුප්පුව පාව්චිච කරමින් අවශ්‍ය තරමට නැවත තද කරමින් , හෝ බුරුල් කරමින් සුව වීමේ කාර්යයට සහය වන්නට මේ පද්ධතිය උදව් වෙනවා . ඒත් පොඩි ප්‍රශ්න කිහිපයක් නැතිවා නොවේ , මේ ලෝහ රාමුව අස්ථිය විඳල හයි කරල තිබෙන නිසාත් , එහි කොටස් සම හරහා බාහිරට ඇවිත් තිබෙන නිසාත් , හොඳට පරිස්සම් කර නොගත්තොත් විෂබීජ වලින් ආසාදනය වීමට පොඩි අවදානමක් තිබෙනවා , ඒ නිසා EF එකක් external fixation එකක් දාල තිබේනම් එහි බාහිරින් ඇති ලෝහමය කූරු මතුවූ තුවාල බොහොම පිරිසිදු ක්‍රම යොදා ගනිමින් පිරිසිදුව පවත්ව ගන්නට ඕන , ඒ නිසා රෝහලකදි විෂබීජ රහිත ලෙස පිරිසිදු කළ උපකරණ මඟින් එම තුවාල පිරිසිදු කරගෙන බෙහෙත් දාගන්න පුළුවන් නම් තමා හොඳ .
![]() |
පරිස්සම් කර ගන්න ඕන සිදුරු .. |

ඊළඟට අපි කතා කරමු Internal fixation එහෙම නැත්නම් එළියට මතු නොවෙන විදියට අස්ථි හයි කරන හැටි ....මේ සඳහා ඇණ(Pin) , ඉස්කුරුප්පු ඇණ (Screw) වගේම ලෝහමය දඬුත් (Rod) යොදා ගන්නව . මීට අමතරව ඔය ඇණ , ඉස්කුරුප්පු වල උදව්වෙන් ටයිටේනියම් වගේ ලෝහ වල හදපු Plate එකකින් අර කැඩිච්ච තැව හාකරල තබා ගන්නත් පුළුවන් , මීට අමතරව කම්බිත් පාවිච්චි කරන්නට සිදුවෙන අවස්ථා තිබෙනවා . වැදගත්ම දේ , මේ සියලු උපකරණ හදල තියෙන්නේ මළ නොකන ඒ වගේම සැහැල්ලු සහ ශක්තිමත් ලෝහ භාවිත කරමින් , ඒ ටයිටේනියම් හෝ කොබොල්ට් මිශ්‍ර කළ ලෙසින් වන්නට පුළුවන් , අනෙක් දේ මෙම උපකරණ අස්ථීයට ඇතුළු කරන්නේ , සම්බන්ධ කරන්නේ විසබීජ රහිත , ශල්‍යාගාරයක් තුල ඒ නිසා මේ උපකරණත්

මෙන්න මේ අය වෙන අයට වඩා ටිකක් පරිස්සම් වෙන්න ඕන , ඒතමයි දියවැඩියාවෙන් පෙළෙන අය , හෘදයාබාධ වල ලක්වූ ඊට ප්‍රතිකාර ලබන අය , මීට පෙර ලේ කැටි ගැසීම සම්බන්ධ ගැටළු තිබුණු අය ...ඒ වගේම ඔබ දුම්බිමට ඇබ්බැහි වෙලා නම් ඒ කියන්නේ ඔබත් අවදානමක් අරගන්නවා ,
දැන් කොහොමද මේ ප්‍රතිකාරයත් එක්ක පරිස්සම් වෙන්න ඕන කියල බලමු , ප්‍රතිකාරයෙන් පස්සේ ඔබ දින කිහිපයක් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ අධික්ෂණය යටතේ රෝහලේ රඳවා ගන්නවා , ඒ දින හතක් දහයක් වගේ කාළ සීමාවකට , වෙනත් ප්‍රශ්නයක් නො ආවොත් ගෙදර යන්න පුළුවන් (ඒත් ඔය ඇන්ටෙනාවත් එක්ක ගෙදර යන්න ටිකක් ලියකියවිලි වැඩටිකක් කරන්න වේවි , මොකද ඔය උපකරණය මිලෙන් වැඩියි, ඒ වගේම එය නැවත පාවිච්චි කරන්නට පුළුවන් , ඒ නිසාම External fixation එකක් එක්ක ගෙදර යන්න ඉස්සර වෙලා රෝහලේ නිති රිති අනුව සාමාන්‍ය ලියකියවිලි වලට අමතරව තවත් දේ , නැවත ලබා ගන්නා මුදල් තැන්පතුවක් , නැත්නම් යම් කිසි විදියට ඇපවිම කරන්නට වේවි . පෞද්ගලික රෝහලක නම් මෙහෙම අවශ්‍ය වෙන එකක් නැහැ . (මම ඒ ගැන නම් දන්නේ නැහැ) . රෝහලේ ඉන්න දවස් ටිකේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ උපදෙස් අනුව ඉන්න එක හරිම වැදගත් , නියමිත කාළ සීමාවට පස්සේ ඇඳෙන් බහින එක , අතපය වලට ව්‍යායාම කරන එක , ( අකමැතිම දේ ..වේදනාව ඇති බව ඇත්ත , නමුත් ඒ විදියට ඇඳෙන් බැහැල ඇවිදීම නොකලොත් තවත් කරදරයක් මතු වෙන්න ඉඩ තිබෙනවා ) , බෙහෙත් ටික හරියට ගන්න එක වැදගත් .බොහාම විට , ගැඹුරු ශ්වසන ව්‍යායාමත් කරවාවි , ඒ වගේ දේවල් හිතෙන්නේ මොන විහිළුවක්ද මේ ? කියල ..( මොකද , අමාරුව කකුලේ තියෙත්දි හුස්ම ව්‍යායාම මොකටෙයි නේද ...ඒ ගැන දැන ගන්න මෙතැනින් එන්න )
දැන් ඔබ මේ ප්‍රතිකාරයෙන් පස්සේ නිවසට යන දවසට රෝහලෙන් ලොකු “නීති මාලාවක්“ ...නැහැ ..ඇත්තටම උපදෙස් මාලාවක් දේවි , නාන්න ඕන විදිය , දවස් කීයකට වතාවක්ද , සබන් ගාන්න හොඳද නැත්ද , තුවාලෙට බෙහෙත් දාගන්න ඕන කොහොමද , කෙහෙන්ද ? ..කෑ නොකෑ යුතු දේ මොනවද ? ....මේ වගේ ලොකු විස්තරයක් දේවි ..නොදෙනවා නම් ඔබේ අයිතිය ඒ තොරතුරු විමසා දැනගෙනම ගෙදරට යාම ...
කෙසේ වුවත් සියල්ල යහපත්ව සිදුවුනත් මෙන්න මේ වගේ ලක්ෂණ ඇති වේදැයි අවධානේන ඉන්න , ඉඳළම මදි , වෙනස්කමක් හඳුනගත්තොත් ඉක්මණින්ම ඔබේ ප්‍රතිකාරය සම්බන්ධ රෝහලට , සායනයට නැත්නම් වෛද්‍යවරයා හමුවන්නට ඕනේ ..මොනවද මේ අවදානම් ලක්ෂණ ..
අදාල තුවාලය අවට කැක්කුම හුඟක් වැඩිවෙනවා නම් , ඒ එක්කම ගැහිල උණ ගැනෙන තත්ත්වයක් ඇති වුනොත් ..ඒ කියන්නේ ආසාදයක පෙරනිමිති ..මේක බලාගෙන ඉන්න හොඳ තත්ත්වයක් නෙවි ...ඒ වගේම තුවාලයෙන් ලේ වහනය විමක් (වැඩිවීමක්) සිදුවනවා නම් , නැත්නම් ප්‍රතිකාරට අදාල අත නැත්නම් කකුලේ හිරිවැටීමක් , පණ නැති ගතියක් දැනෙන්න පටන් ගත්තොත් , දෙන බෙහෙත් වලින් වේදනාව අඩුවෙන්නේ නැත්නම් , නැත්නම් වේදනාව වැඩිවෙනවා වගේ දැනෙනවා නම් ...ඉක්මණින් ඔබේ වෛද්‍යවරයා හමුවීම වැදගත් . මේ වගේ ලක්ෂණ එක්ක , හෝ නැතිව මුත්‍රා දැවිල්ල , මුත්‍රා එක්ක ලේ පිටවීමක් , එහෙම නැත්නම් හුස්ම ගැනීමට අමාරු ගතියක් , “පපුවේ සෙම එකතු වෙලා“ වගේ , නැත්නම් මහන්සිය වැඩිබවක් දැනෙනවා නම් මේව ප්‍රතිකාරයෙන් පස්සේ ඇති වන්නට පුළුවන් ද්වීතික ගැටළු වෙන්නට පුළුවන් . මේ හැම දෙයක් ගැනම දැන ගෙන නිසි අවධානයෙන් , උපදෙස් අනුව කටයුතු කළොත් ලොකු කරදරයක් නැතිව ඔබේ අස්ථි බිඳීම සුව කරගන්නට පුළුවන් .
කොහොම වුනත් මේ අය ආයෙත් “ඇට කඩා ගන්නේ නැතිව “ ඉන්න බැලුවොත් හොඳයි , මොකද ඊළඟ වතාවේ තවත් ටිකක් කරදර වැඩි වෙන්න පුළුවන් නිසා . ඒ වගේම රෝහලෙන් ලබා දෙන උපදෙස් , කෑම බීම , ශ්වසන ව්‍යායාම වගේම ගත යුතු ඖෂධ සහ ඒවා ගන්නට ඕන කාළ සීමාව ගැනත් නිසි අවධානය යොමු කරන්නට ඕන . මොකද නොසැලකිලිමත් වුනොත් ජීවිතේම වෙනස් කරන්න , සමහර විට බොහොම අවාසනාවන්ත තත්ත්ව වලට මුහුණ දෙන්නට වෙන්නත් ඉඩ තිබෙනවා . විශේෂයෙන්ම ව්‍යායාම ගැන කතා කරන්නටම ඕන , රෝහලේදි භෞත චිකිත්සකවරයා හඳුන්වාදෙන ව්‍යායාම හරියට ඉගෙන ගන්න , ඔබට අපහසුනම් පවුලේ කෙනෙක් එක්ක ඒ වැඩසටහනට එන්න , එතැනදි ඔබට කළ යුතු ව්‍යායාම ගැන ඔබේ පවුලේ සාමාජිකයාටත් දැනුවත් කරාවි . දැන් ඉතින් “කැක්කුමයි“ කිය කියා ඉන්නේ නැතිය ඒ කී දේවල් ටික කරන්න ...ඉවසන්න ...සමහර විට මාස කිහිපයක් , තරමක වේදනාවක් වගේ පොඩි අපහසුතා තිබෙන්නට පුළුවන් ,
එහෙම නම් “ඇට කඩා ගත්තම“ වෙනදේ ගැන තමයි අද කතා කළේ ...හැබැයි මෙහෙම ඇණ , පතුරු නොදා සුව කරගන්නට පුළුවන් සරළ අස්ථී බිඳීම් තිබෙනවා , ඒ නිසා ඇටයක් කැඩුන ගමන් බය වෙන්න එපා ඇණ ගහවිද කියල ...ඒ එක ක්‍රමයක් විතරයි ...
අද කතා කළා ප්‍රමාණවත් කියල හිතෙනවා , දැන් ඉතින් මේ කතාවට මුල පුරා දුන්නු මගේ සිසු දරුවට ඉක්මණ් සුවය පතනවා , ඒ වගේම යුග ජීවිතේ මුල් දවස් වලම මේ වගේ ප්‍රශ්නයක් මතු වුනාම ,එන මානසික , සමාජයීය , ගැටළු වලට නිසි ලෙස ශක්තිමත්ව මුහුණ දුන්නු දියණියටත් සුබ පතනවා , දුවේ ...ජීවිතේ කියන්නේ අත්දැකීම් ලැබෙන තරමට සම්පුර්ණ වෙන , ශත්කිමත් වෙන දෙයක් කියල ඔයාලට කීව මතකයේ ඇතැයි සිතනවා තවමත් ...
මේ කියවන ඔබ සැමගේ සිතේ නැගෙන ආශීර්වාදයත් මගේ මේ කතාවේ “නව යුවල “ වෙත ලැබෙන බව මට විශ්වාසයි ...
.....මේ කතාව ඇත්ත වුනත් යෙදූ සමහර නම් වල වෙනසක් ඇති ....
නවීනතම ක්‍රමයට මේ ප්‍රතිකාරය කෙරෙන අයුරු බලන්න ..
ඕන කරන ඇණ , මුරිච්චි හොයා ගන්න මෙතැනින්