
දේශපාලන මතයට නොව තමන් අන්දවන දේශපාළුවාට වන්දනාකරන , දහමේ හරය ජීවිතයට ගැනීම පසෙක තබා ගල් බොල් පිළිම , සිමෙන්ති කුරුස හෝ පල්ලිය වටා ඇති තාප්පය ආරක්ෂා කිරීම , වන්දනා කිරීම ප්‍රවනතාවයක වන තැනෙක , තම වෘත්තීය ගරුත්වය රැක ගැනීම සඳහා වෘත්තීය සමිති වන්දනා කරවන රටක “අනාගතය“ පිළිබඳ විවෘත මනසකින් දකින අයෙක්ට හඳුනාගත හැකිය. ඒ හඳුනාගැනීම තුල තම දරුවන්ගේ අනාගතය සුරක්ෂාකර ගැනීමට “කළ හැකි යමක්“ කරන්නට දෙමාපියන් පෙළඹේ .
ඒ කළ හැකි දේ අතර , දරුවන්ට “සුද්ද සිංහල“ පමණක් නොව , ඉංග්‍රිසි ඇතුළුව හැකි නම් තවත් ජාත්‍යන්තරව වැදගත් වන භාෂාවක( පාළි , සංස්කෘත , ගුජරාටි නොවේ) ප්‍රවීණත්වය ලබා දීම , ජාත්‍යන්තර වාණිජ , වෘත්තීය , සමාජයීි ප්‍රවණතා පිළිබඳ යාවත්කාලීන දැනුමක් ලබා දීම සහ , “ලෝකෙන් උතුම් රට මේ “ යැයි කීවද , මෙයින් පිට “ලෝකයක් ‘‘ ඇති බව සහ ඒවායේ ඇති “අවස්ථාවන්“ පිළිබඳ දැනුමක් ලබා දී උනන්දුවක් ඇති කිරීම වැදගත් තැනක පවතී. එමෙන්ම සුදුසුකම් ඇති සිරි ලාංකිකයන්නට තම රට තුල පංදිචිය ලබා දීමට රිසි රටවල් අතර ඔස්ට්‍රේලියාව , කැනඩාව ඉහළ තැනක සිටියද තවත් දියුණු රටවල් රැසක දොරටු අප වෙත විවෘත බවද කිව යුතුමයි. ඒ දොරටු තුලින් ඇතුළුවීම , ඒජන්තකාරයෙකුට මුදල් ගෙවීමක් කිරීම අනවශ්‍ය බවත් , උනන්දුව සහ සුදුසුකම් ඇති ඔබට තනිව කරගත හැකි පියවරක් බවද මතක් කළ දිය යුතුමවේ.
යම් රටක උපන් පමණින් , අප ඒ රටේම “ජීවිත්ව මිය යායුතු“ නම් ලෝකයේ සිටින සියළුම මිනිසුන් ජීවත් විය යුත්තේ අප්‍රිකා මහාද්වීපයේ පමණි.(මානව පරිනාමය අනුව නම් ඉතියෝපියාවටත් එහා තිබෙන මොරොක්කෝවේය) නමුදු අවස්ථානූකූලය , තම වර්ගයේ , පරපුරේ සුරක්ෂාව තකා මිනිසුන් පමණක් නොව සියළු ජීවින් වෙනස් වෙමින් පවතී. එය හඳුනාගෙන අද තරුණ පරපුරවත් “විවෘත හෙටක් ගැන හිතනවා නම්“ අඩුම තරමේ සිරි ලාංකික සම්භවයක් ඇති පිරිසක්වත් අනාගත ලොව තුල ඉතිරිවනු ඇත. මක්නිසාද මෙලෙසින් ගියොත් , “මුතු ඇටේ චීන කටේ“ වන දා “සිරි ලංකාව“ කිනම් නමකින් හඳුනවත්දැයි සැකයක් පවතින නිසා.