Quantcast
Channel: සොඳුරු සුව අසපුව
Viewing all articles
Browse latest Browse all 245

184) හද බිඳන මග ළකුණූ

$
0
0
අද සදුදාවක් , ලොකු ලිපියක් කියවන්නේ නැතිව විනාඩි පහක  විතර පොඩි ලිපියකින් ඔබේ ජීවිතය රැක ගැනීමට වැදගත් කරුණූ 10ක් මතක් කරගනිමු . බොහෝ විට මේ කාරණා ඔබ දන්නවත් ඇති , නමුත් නැවත නැවත මතක් කර ගත යුතු කරුණු කියල හිතෙන නිසා මෙන්න මේ විදියට කියන්නම් .






ඒ තමයි හෘදයාබාධයක් සඳහා අවදානම් සාධක , 
  1. වයස  -  සාමාන්‍යෙයන් අවුරුදු 45ට එහා යත්දි හෘදයාබාධයකට ඇති අවදානම වැඩි වන කාළේ , එයිනුත් වැඩිම අවදානම පිරිමි පාර්ශවේට .
  2. අධීරුධිර පීඩනය පැවතීම - 
  3. අධික කොලෙස්ටරෝල් මට්ටම - විශේෂයෙන්ම LDL මට්ටම අධිකව පැවතීම (මේ ගැන මෙන්න මේ ලිපියෙදි (20 ලිපිය) කතා කළා
  4. තරබාරුව 
  5. දියවැඩියාව හෝ කාළීන රෝග තත්ත්ව පැවතීම
  6. පවුලේ ලේ නෑයන් හට හෘදයාබාධ ඇතිවී තිබීම  
  7. ඇඟ වෙහෙසවීම අඩු දිවි පැවැත්ම 
  8. දුම්පානය ( වෙනකෙක් ගේ දුම හෝ) සහ මත්පැන් අධීක භාවිතය
  9. මානසික ආතතිය අධීක බව 
  10. නොසැලකිලිමත් ආහාර පුරුදු 
මේ සමහර කරුණූ ගැන වැල් වටාරම් ඕන වෙන එකක් නැති නිසා ලිව්වෙ නැත්තෙ. ඒවගේම මේ ලිස්ට් එකෙ තිබෙන සමහර සාධක හොඳ පැත්තට වෙනස් කරගෙන සුවෙන් සතුටෙන් ජීවිතේ ගෙවන්න හිතෙනව නම් ඒකත් සතුටක් .

නැවත හමුවෙමු , සුව සතුට පිරි දිනයක් ඔබ සැමට 

පහුගිය සතියේ ලිපි වලට යන්න පුළුවන් මේ ලිංක් ඔස්සේ 

මැරෙන ගෙරවිල්ල ගැන - http://www.nursinglk.com/2016/01/183.html

Viewing all articles
Browse latest Browse all 245

Trending Articles