“ඔයා දන්නවද මේ ටයිටැනික් ගිලිල තියෙන්නෙ කැනඩා වල නෝර්ත් එකට වෙන්න , “
“ෂ් ..ෂ් ... කෑගහන්නේ නැතිව ඉන්නව අක්කී , මේක බලල ඉවර වෙලා ඒ ගැන කතා කරමු , .... නේද “ පොඩ්ඩි මා දිහා බැලුවේ මගෙන් සහයෝගයක් ලැබේවි කියල වගේ .
“මෙහෙම කරමු , දැන් බ්රේක් එකක් අරගෙන දෙන්න එක්ක හදපු කෑම ටිකක් කාල ඉමුනේ ? “ මනෝජගේ යෝජනාව , සම්මත කිරීම මගෙන් . නැවැත්තුවා චිත්තරපටිය මොහොතකට ,
“ඕව් මේ ටයිටැනික් නැව අයිස් කන්දේ හැප්පෙන්නේ නිව්ෆව්න්ඩ්ලන්ඩ් වලට කිලෝමීටර් හාරසීයක් වගේ දුරින් , මතක විදියට නිව්ෆවුන්ඩ්ලන්ඩ් වල මියුසියම් එකේ ටයිටැනික් නැවෙන් ඉතිරි වුනු හොයාගත් දේවල් දැනටත් බලන්න පුළුවන් . මේ වෙලාවේ අනතුර වෙච්ච තැනට යන්නේත් හැලිෆැක්ස් වරායේ තිබුණු නැවක් , ෆිල්ම් එකේ නම් එහෙම එක්ක තිබුණද කියල මතක නැහැ . “
“ මතක නැහැ ! , ඒ කියන්නේ තාත්ත මේක ඉස්සර වෙලා බලල තියෙනවාද ? “ පොඩ්ඩි ඇස් ලොකු කරගෙන පුදුමයෙන් ,
“ හ්ම් නෙට්ෆ්ලික්ස් එකේ දැන් මේක තිබුණට , අපි මේක බැලුවෙ අවුරුදු දාසයකට විතර ඉස්සර ...ඒ කාළේ ඔයාල දෙන්න හැරමිටියෙන් යන ආච්චිල දෙන්නෙක් වෙන්න ඇති ..“
“එතකොට අම්ම ! “
“ හ්ම් , ඒ මට ඔයාලගේ අම්ම හමුවෙච්ච මුල්ම කාළේ , හැබැයි මේ ෆිල්ම් එකනම් බැලුවේ තාත්තයි , තව යාළුවෝ කට්ටියකුයි ,ගාල්ලේ ප්‍රින්සස් එකේ තමයි තිබුණේ , ඒ දවස් වල ඔය සිංදුව හරිම ජනප්‍රියයි , “
“ එහෙනං ඉතින් ෆෝන් වල රිංග් ටෝන් වල තියෙන්නම ඇතිනේ “ ලොක්කි එකතු කළා .
“ඒකනම් මට මතක නැහැ මොකද මගේ ගාව තිබුණේ ගඩොල් බාගයක් වගෙ ලොකු මොටරෝලා එකක් , ඒකේ ඔය සෙල්ලං දාන්න බැහැ , අඩුගණනේ ටෙක්ස්ට් මැසේජ් යවන්නත් බැහැ .“
“මොනව , ටෙක්ස් යවන්න බැරි මොබයිල් ! “
“ඔව් මගේ ගාව තිබුණූ සෙල්ටෙල් එකේ A 130 එකක් , එකේ මැසෙජ් යවන්න බැහැ , CLI නැහැ , කෝල් එකක් එනකොට call කියල වැටෙනවා එච්චරයි . ඒ වුනාට විනාඩියකට රුපියල් හතරක්ද කොහෙද කැපෙනවා . “ කට්ටිය ෆිල්ම් එක බලන එක පැත්තක් තියල මේ අතීත කතාව අහන්න පටන් අරගෙන .
අවුරුදු දාසයක විතර අතීතයට ගිය හිත තාමත් ඒ අතීතයේ හිරවෙලා වගේ දැනෙනවා . SMS තිබුණෙ නැති , පැය ගණන් කණෙ ගහගෙන ඉන්න දුරකථන සබඳතා නොතිබුණු ඒත් , පිටුගණන් පිරවුනු ආදර සටහන් , පොත් ගණන් ලියපු ඒ අතීත කොහොම අමතක කරන්නද ?
කොහොම වුනත් අද දවසේ සිදුවුනු මේ කතා බව එක්ක ලියන්න මාතෘකාවක් හිතට ගෙනාවා , ඒ SMS එහෙම නැත්නම් Text messeges ගැන . ඇත්තටම නිකම්ම ටෙක්ස්ට් නොවෙයි . අද දවසේ තවමත් අපේ අවධානය (අපේ රටේ ) ඒ තරම් යොමු නොවුනු , නමුත් අවධානය යොමු විය යුතු නව තාක්ෂණයේ වෙනස් දිසාවක් ගැන. විශේෂයෙන්ම අනිසි ලෙස භාවිත කිරීම නිසා යොවුන් වියේ දරුවන් යම් අවදානමකට , යොමු කරවන මේ Sexting ගැන තමයි අද කතාව .
එහෙම නම් දැන් තමයි කතාව පටන් ගන්නේ .
වසර 2005 දි විතර ශබ්දකෝෂ වලට අළුත් වචනයක් විදියට එකතු වුනු , මෙය , අර්ථදක්වන්නෙ , ජංගම දුරකථන ඔස්සේ මෛථූනමය හෝ ලිංගිකක්රියා බද්ධ ප්‍රකාශන , ප්‍රධාන ඡායාරූප යොමු කිරීම . ඊට වඩා ලේසියෙන් කිව්වොත් Sex+Texting =Sexting මෙහිදි විශේෂයෙන්ම ජංගම දුරකථනය ඔස්සේ යොමු කෙරෙන නිරුවත් හෝ ප්රසිද්ධීයේ නිරාවරණය නොකෙරෙන දේහ ප්‍රෙද්ශ වල ඡායාරූප , වීඩියෝ මුලික ගැටළුවක් බවට අද පත්වෙමින් තිබෙනවා . ඒ මෙයටම ඈදුනු තවත් මාතෘකාවක් වෙන Cyberbullying එකතු වුනාම. මීට පෙර එවන් සිදුවීමක් ගැනමගේ 122 වන ලිපියෙදි කතා කළත්ඊට වඩා දරුණූ සිදුවීම් අපෙ රටෙන් වාර්තා වුනා පහුගිය කාළ සීමාව තුල .
කෙසේ වෙතත් මේ Sexting වචනයත් එක්කම යොවුන් දරුවන් දිසාවට යොමුවන තවත් අළුත් වචනයක් එකතු වුනා , ඒ තමයි Sexting virginity , මේ කන්‍යාභාවය බිඳෙන්නේ අමුතු විදියකට , ඒ කියන්නේ තමන්ගේ නිරුවත් ඡායාරුවක් , තමන්ගේ ජංගම දුරකථනය ඔස්සේ තවත් අයෙකුට යොමු කළා නම් ඇය (හෝ ඔහු ) කෙස්ටින් කන්‍යාභාවය බිඳගත් අයෙක් . දැන් දැන් , ලෝකයේ රටවල් තුල කෙරෙන දත්ත එක් රැස් කිරීම් , පර්යේෂණ ඔස්සේ හඳුනාගනිමින් තිබෙනවා මේ Sexting සහ ඒ ඔස්සේ සිදුවන Sextign virginity බිඳි වැටීම් ක්‍රමයෙන් වැඩිවෙමින් පවතින බව . එසේ සිදුවන බිඳ වැටීම් හැම අවස්ථාවක්ම අවාසනාවන්ත නොවුනත් , එසේ අවාසනාවන්ත තත්ත්වයට පත් විය හැකි අවදානම වැඩිවෙමින් පවතින බවහඳුනාගෙන තිබෙනවා.
වැඩේ කෙරෙන හැටි ...
ඒ අවාසනාවන්ත තත්ත්වයන් විය හැක්කේ මෙන්න මෙහෙම .
අපි මෙහෙම හිතමු , දෙදෙනෙක් ආදරවන්තයින් බවට පත්වෙනවා , විශේෂයෙන්ම යොවුන් ආදරය තුල මතුවන “ලිංගික කුතුහලය“ නිසා , අයෙක් අනෙකා යෝජනා කරනවා ,
“මට එවන්න ඔයාගෙ ලස්සන ෆෝටෝ එකක් , ළඟතියා ගන්න , මතක තියා ගන්න , “ ....අනේක පාර්ශවේ කැමරාවෙන් ගත්ත පිංතූරයක් ඇමුණුමක් විදියට එවනවා ,
“මෙහෙම එකක් මදි අනේ , මට එවන්න ඔයාගේ ටිකක් සෙක්සි ෆොටෝ එකක් , ........... ....... වගේ එකක් ... ලැජ්ජවෙන්න එපා , මටනේ එවන්නේ “
කොහොම හරි ඊළඟ Text පණිවිඩයේ ඇමිණිලා තිබෙන්නෙ ඇයගේ / ඔහුගේ නිරුවත් /අඩ නිරුවත් ඡායා රූපයක් වෙන්න පුළුවන් . ඒ කියන්නේ දැන් Sexting virginity එක බිඳ ගත්ත
.. දැන් ඒකද ප්‍රශ්නෙ ? .... නැහැ එතන නොවෙයි ප්‍රශ්නේ , ප්‍රශ්නේ මතුවෙන්නේ මේ විදියට එන ඡායාරූප , නැත්නම් ප්‍රකාශන ලබා ගත් තැනැත්තා , තවත් අයෙක් වෙතට යොමු කිරීමේ , පෙන්වීමේ ඉඩක් තිබෙනවා . සම කණ්ඩායම තුල “තත්ත්වය“ පවත්වා ගන්න , “තමන් ලොක්කෙක්“ , ලොක්කියෙක් බව පෙන්වන්න , තමන්ට “සෙක්සි පෙමවතියක් / පෙමවතෙක් “ ඉන්න බව පෙන්වන්න , එහෙම නැත්නම් ඇයගෙන් / ඔහුගෙන් විනෝද වන්නට text පණිවිඩය තවත් කෙනෙකුට යොමු කරන්නට පුළුවන් . මෙන්න මෙතැනින් තමයි ප්රශ්නය මතුවෙන්න පටන් ගන්නේ .
තත්ත්වය තව දුරටත් දරුණූ වෙන්නේ මේ බැඳීම බිඳි ගිය තැන , නැත්නම් වෙනත් අරමුණක් මත පවත්වා ගත්ත සබඳතාවක් නම් මෙන්න මේ අවස්ථාවේ , තමන් ළඟ ඇති නිරුවත් / අඩනිරුවත් ඡායාරූපය වාසියට යොදා ගනිමින් සමාජයීය වශයෙන් / මානසික වශයෙන් බලෑමට යටත් කරගන්නට පුළුවන් , Cyberbullying වලදි වන්නේත් මෙයමයි(වෙනස එහිදි අන්තර්ජාලය යොදා ගැනීම විතරයි) .
එහි අවසානය , මානසික අවපීඩනයට පත්වූ යොව්වනයෙක් /යව්වනියක් හෝ සිය දිවි නසා ගන්නා තැනට පත්වූවෙක් වන්නට පුළුවන් . අද අපේ රටේ සිදුවන සමහර සිදුවීම් පිටුපස මේ Sexting නැතැයි කියන්නට බැරි තරම් , ඒකට හේතු බොහොමයි ,
1.අද බොහොම සුළු මුදලකට කැමරාවක් දුරකථන සබඳතාවක් ඇති දුරකථනයක් ගන්නට පුළුවන් .
( එදා නම් ලොකු මුදලකට හම්බවුනේ නිකම්ම නිකං අඟල් බාගෙක විතර මොනොක්‍රෝම් තිරයක් ඇති , අඟල් පහක් විතර දිග ඒරියල් එකක් ඇති , ගඩොල් බාගයක් , මගේ වයසේ ඉන්න මිතුරන්ට මතකද මන්දා ඒ දවස් වල බෑග් වල ෆෝන් එක දාන්නම වෙනම පොකට් එකකුත් තිබුණා , මොකද ෆෝන් එක් ඒතරම් ලොකු උපකරණයක් ) , අනෙක් අද පාසල් දරුවන්ට ෆෝන් එකක් අරන් දෙන එක ෆැෂන් එකක් , ඇත්ත දරුවගේ ආරක්ෂාවට ෆෝන් එක යොදා ගන්න පුළුවන් , හැබැයි ඒ සඳහා ඉහළ ගණයේ කැමරා ඇති , අන්තර්ජාල පහසුකම් ඇති ෆෝන් ඕන නැහැ , සාමාන්‍ය පහසුකම් ඇති දුරකථනයක් ප්‍රමාණවත් .
2.අද යොවුන් ආදරයේ මුල් පියවරම , ලිංගික එක්වීමකට හදිස්සියක් දක්වනවා , ඒ තත්ත්වයට ඒ දරුවන් පොළඹවන සමාජයක බිහි කරළා තිබෙනවා .මීට අවුරුද දහයකට පහලොවකට ඉස්සර වෙලා හොරෙන් හාදුවක් දෙන්න බය වුනු කෙල්ලන් අද පහුවෙනිදාම තනියම ටිකක් කතා කරන්න රූම් එකකට එක්කරගෙන නොගියොත් තමන්ගේ පෙම්වතා කිසි හයියක් නැති කොල්ලෙක් බවට පත්කරවන , එහිම අනෙක් පැත්ත , තමන් කියන තැතට නොඑන කෙල්ල කිසි කමකට නැති , සම්බනධයක් තියා ගන්න බැරි කෙල්ලක් බවට හඟවන රැල්ලක් , වටපිටාවක් මතුවෙමින් තිබෙනවා. (මේ සමහර වචන මට හමුවු දරුවන් තමන්ගේ ගැටළු ප්‍රකාශ කරත්දි කියැවුනු ආකාරයෙන්ම ලියැවුනා , හැබැයි මේ මීට වසර පහකට විතර ඉස්සර තත්ත්වය , අද සමහර විට මීට වඩා වෙනස් ඇති) .
3.අද දවසේ පෙම්සබඳතා බිඳි වැටිමකදි සිදුවන වේදනාව විඳගන්නා ආකාරය හුඟක් වෙනස් වෙලා , පළිගැනීම කියන දේ මිනිමැරුමක් තරමට තියුණූ වෙලා , නමුත් එදා පෙම්වතිය හැරි ගිය පමණින් ඇයගේ හදවත කෑළි වලට කපන්න තරම් අපරාධයක් කරන්නට හිතුනා නම් ඒ ඉතාමත් කළාතුරකින් .
අද හැම දේම ක්ෂණිකයි , ඒ නිසා මේ Sexting වලින් විය හැකි ආපදාවන්ද ක්ෂණිකයි , ඒ වගේම ඒ ක්ෂණික තීරණය කෙළවර මරණයක් වන්නට ඇති ප්‍රවණතාවයත් ඉහළයි . මෙන්න මේ නිසා අපි දැනට වඩා තරමක වැඩි අවදානයක් මේ Sexting පිළීබඳව යොමු කරන්නට කාළය මේ කියල හිතෙනවා.
අවුරුදු 13-26 අතර දරුවන් යොදා ගනිමින් කළ පර්යේෂණයක ප්රතිපලයකටඅනුව ඇයි මෙහෙම Sexting යවන්නේ කියන එකට ලැබුණූ පිළීතුරු මෙන්න මේ වගේ් . (මේ පර්යේශණය ලංකාවේ කළ එකක් නොවෙයි , නමුත් අපට යමක් ගත හැකියි මේ දත්ත වලින්)
CD9 / Code 9 = Parent / Adult around
PAW = Parents Are Watching
PIR = Parent In Room
POS = Parent Over ShoulderP911 =Parent Alert
PAL =Parents Are ListeningYWS = You Want Sex
RU18 = Are You 18?
NALOPKT = Not A Lot Of People Know This
8 - Oral Sex
143 - I Love You
cu46 = See You For Sex
DUM = Do You Masturbate?
GNOC = Get Naked On Cam
GYPO = Get Your Pants Off
GNRN = Get Naked right Now
IWS= I Want Sex
IIT =Is It Tight?
Q2C=Quick To Come
TDTM =Talk Dirty To Me
NIFOC =Naked In Front Of Computer
JO =Jerk Off
එහෙම නම් මේ සෙක්ස්ටින් වල ඇති අවදානම් මොනවද? මුලින් කීවාක් මෙන් මේ පණිවිඩ තවත් කෙනෙක් අතට පත්වීම , පත් කිරීම තුලින් පණිවිඩය එවන්නා තමාගේ අතිශ්‍ය පෞද්ගලිකත්වය අනතුරක හෙලා ගන්නවා , එහි අවදානම් අවස්ථා බොහොමයි , ඒ විතරක් නොවෙයි මෙ පිළීබඳපර්යේෂණ කරන්නන්දැනට සොයාගෙන තිබෙනවා මේ විදියට සේකස්ටින් බහුලව හුවමාරු වන මිත්‍රත්වයන් අතරේ අනාරක්ෂීත අයුරින් සිදුවන ලිංගික එක්වීම් , අවදානම් ලිංගික චර්යාවන් බහුල බව . මේ නිසා ලිංගික සම්ප්‍රේෂණ රෝග පැතිරීමේ අවදානමක් විතරක් නොවෙයි , මානසික අවපීඩනය , සමාජිය වශයෙන් අපවාදයන්ට ලක්වීම් සහ එයින් දරුනු විපාක විදියට සියදිවි නසා ගැනීම් වලට පවා අවස්ථාවක් ඇති බව. යෞව්වනයන්ට පමණක් නොවෙයි , සෙක්ස්ටින් නිසා තම වෘත්තීය ජීවිතය , දේශපාලන ජීවිතය නැති කරගත් ලොව පිළිගත් වැඩිහිටියන්ද සිටිනවා .
මේ විදියට නරකම කියත්දි සෙක්ටින් හරහා තමන්ගේ ලිංගික ආවේග එකිනෙකා අතරේ හුවමාරු කරගැනීම යම් අකාරයක වැදගත් බවත් කියැවෙනවා. එහි ඵලදායි බව රඳා පවතින්නේ යුගල බැඳීමේ එකිනෙකා අතර ඇති විශ්වාසවන්ත බව මත . ඒ විශ්වාසවන්ත බව හඳුනාගන්න ගත වන කාළය ඉවසීමෙන් දරා ගන්නට පුළුවන් නම් මේ සෙක්ස්ටින් වලින් වන හානිය අඩු කරගන්නට පුළුවන් වේවි . ඒ්ත් ඒ ඉවසීම අද තිබේද කියන එකනේ ප්‍රශ්නේ .
අවසානය , අපි මේ ගැටළුට ගත යුතු ආරක්ෂක පියවරයන් මොනවාද ?
![]()
තරුණ දරුවන් තමන්ගේ මිතුරා , මිතුරිය පිළිබඳ පවත්වා ගත යුතු විශ්වාසවන්ත භාවය පිළිබඳව නිවැරදි හඳුනාගැනීම කිරීම හරිම වැදගත් . තම බැඳීම් පවත්වා ගන්නට කළ යුතු කැප කිරීම් , ඒවායේ ස්වභාවයන් සහ විශේෂයෙන්ම තමන්ගේ ආරක්ෂාව රැක ගත යුත්තෙ කෙසේද කියන කරුණූ ගැන දුරට හිතන එක වැදගත් වේවි.
විිශේෂයෙන්ම තමන්ගේ නිරුවත් ඡායාරූපයක් කැමරාවකට යොමු කරත්දි , යොමු කරවා ගනිත්දි , නැවත වරක් ඒ ගැන හිතන එක පරිස්සමට හොඳයි ඒ වගේම තම පෙම්වතාගෙන් දිගින් දිගටම ඒ ඉල්ලීම් එනවා නම් සියල්ල සමබරව රැකගන්නට කළ යුතු දේ ගැන වෙන්නට ඉස්සර වෙලා හිතා බලන එක වටීවි.
ඔබන්න පෙර සිතා බලනු !
ඊළඟ දේ සෙක්ස්ටින් එකකට ඒ පිංතූරේ අමුණලා Send කරන්නට පෙර කිහිප වතාවක් කල්පනා කරන්න. ටිකක් එහාට ගියොත් , යම් ආකාරයක ලිංගික එක්වීමක් ඔහු හෝ ඇය සමඟ කෙරෙනවා නම් ඒ කිසිම අවස්ථාවක එම සිදුවීම් විඩියෝ ගත කරන්නට අවස්ථාවක් නොදී සිටීම අනාගත අනතුරක් ඇති කරගැනීම වලක්වා ගැනීමක් වන්නට පුළුවන් . ලිංගිකත්වය පිළිබඳ දැනුමක් , ආරක්ෂීත ලිංගික එක්වීම ගැන දැනුමක් ඇති යෞව්වන යෞව්වනියක එලෙස ලිංගික එක්වීමක් වීම නිසා වන හානියට වඩා එය සෙක්ස්ටීන් එකක එක ක්ලිප් එකක් බවට පත්වීම අවදානම් .
දැන් දෙමාපියන් පැත්තට හැරෙමු , මුලින්ම ඔබත් දරුවාත් අතර ඇති දුරස්ථ බව බිඳ දමන්න කාළයයි මේ , රාජකාරි , රැකියා , පුහුණූ , මුදල් තරඟය තුල ඔබ කරන කැපකිරීම් නිසි පල දරන්න නම් ඔබේත් දරුවාත් අතර ඉහත සාධක නිසාම ඇතිව තිබෙන දුරස්ථ බව බිඳින්නටම ඕන . ඒ විතරක් මදි ,
![]()
දරුවාට තමාගේ අතිශ්‍යය පෞද්ගලික ප්‍රශ්නයක් වුවත් තමන්ගේ දෙමාපියන් සමඟ කතා කළ හැකි පරිසරයක් තනා දෙන්න. මෙතැනදි යොවුන් ආදරය , ලිංගිකත්වය , උපත්පාලනය , සමාජරෝග ගැන කෙළින්ම දරුවගේ මූණ බලාගෙන කතා කරන්න පුළුවන් , දැනුවත් කරන්නට පුළුවන් හැකියාවක් සහ දැනුමක් ගොඩනගා ගන්නටම ඕන. ආදරය , ලිංගික එක්වීම් , උපත්පාලනය , සමාජරෝග , සෙක්ස්ටීන් වගේ වචන ගෙදර තහනම් චවන කරන්නට අවශ්‍ය නැහැ , විශේෂයෙන්ම නව යොවුන්වියේ දරුවන් සිටින ඔබ .දෙමාපිය පාර්ශවය , දරුවන්ට ආදරේට ලබා දෙන නව තාක්ෂණික උපකරණ ගැන ටිකක් දැන ගෙන ඉන්න එක හුඟක් වැදගත් , පරිගණකයක් අරන්දෙත්දි , අඩුම තරමේ එයින් විය හැකි වාසි සහ අවදානම් , අවදානම් වලින් දරුවා රැක ගන්නා ආකාරය පිළිබඳව දැනුවත් වෙන්න . අනෙක ආදරේ වැඩි කමට ඉහළම තාක්ෂණික පහසුකම් ලබා දෙනවා වෙනුවෙට , දරුවාගේ වයසට , මූලික අවශ්‍යතාවට ප්‍රමාණාත්මක පරිගණකයක් , දුරකථනයක් ලබා දෙන්නට සැළකිළිමත් වෙන්න. තව දුරටත් ,අරන් දුන්නු උපකරණය භාවිත කරන විදිය ගැන ටිකක් අවධානයෙන් ඉන්න , මෙ ගැන වැඩි දුරට 122 ලිපියේ විස්තර කළ නිසා නැවත ලියන්නට යන්නේ නැහැ)
මෙන්න මෙතැනදි තමන්ගේ දරුවගේ ජංගම දුරකථනය , සිදුවී ඇති පණිවිඩ හුවමාරු , වැඩි පුර භාවිත කරන වේලාවන් ගැන අවධානයෙන් ඉන්න (මෙන්න මෙතැනදි අර කෙටි යෙදුම් ගැන දැන ගැනීම වටීවි) . හැබැයි මෙතැනදි කියන්නේ දරුවගේ ෆෝන් එක බලෙන් අරගෙන “මැසේජ් චෙක්‘‘ කරන එක නොවෙයි , ඒක ගැටළුව වඩාත් නරක පැත්තට යොමු කිරීමක් , උපක්රමශීලීව දරුවාගේ චර්යාවන් හඳුනාගන්නට ඉඩක් , හැකියාවක් ඔබට තිබෙන්නටම ඕන ,එලෙසින් , වෙනසක් , ආපදාවක සේයාවක් ඇති විට දඩුවම් දෙනවාට වඩා ආදරෙන් ඔබේ දරුවා ඉන් ගලවා ගන්න.
එහෙම නැතිව “අපේ දරුවෝ ඔය ජරා වැඩ කරන්නේ නැහැ , අපේ ළමයි හොඳ ළමයි , අපේ කොල්ල කෙල්ලෙක් දිහා බලන්නේ නැහැ , අපේ කෙල්ලත් එහෙමයි “ සිතමින් හිටියොත් , හෝමෝන වෙනස්වීම් , සමාජය පෙළඹවීම වගේ සාධක වල බලපෑම් වලට ගොදුරු වෙලා අවාසනාවන්ත තත්ත්වයට පත් වුනු දරුවෙක් බවට ඔබේ දරුවා පත්වන්නට අවදානමක් නැතැයි කාටනම් කියන්නට පුළුවන්ද ?
මොකද යෞව්වන වයසෙදි මේ කුතුහලයන් , ආකර්ෂණයන් , සැහැල්ලු සුන්දර ප්‍රේමයන් , ගිනිලන ලිංගික ආශාවන් කුතුහලයන් මතුනොවෙනවා නම් එතැනත් යම් ගැටළුවක් , ඒ නිසා මේ සියල්ල සමබරව පවත්වා ගනිමින් යහපත් පුරවැසියෙක් රටට ලබා දීම ඔබේ භාර දූරම වගකීම බව සිත තබා ගතයුතුමැයි .![]()
“තාත්තේ මේ ජැක්තුයි රෝස්තුයි ඇත්තටම ඉඳළ තියෙනද ටයිටැනික් එකේ “ පොඩ්ඩිගේ ප්‍රශ්න පත්තරය පටන් ගන්න හදන්නේ .
‘මට මතකයි ටයිටැනික් නැවේ ඉඳළ ඉතිරි වුනු කෙනෙක් ගිය අවුරුදුදේ මැරුණ කියල කීව නිව්ස් වල , ඒ රෝස්ද ? “
අක්කගේ නැහැ කතාවක් , .... මෙන්න කෙල්ල හොටු පෙරාලෙන ..අඬල නේද ? .....
“මටත් ඇඬුන , හරිම සෑඩ් ස්ටෝරියක්“ නංගිත් අක්කටම එකතුවුනා .
මට මතක් වුනේ , එදා අළුත හදපු ප්‍රින්සස් සිනමා ශාලාවේ ටයිටැනික් නරඹලා , බැල්කනියෙන් බහින පියගැට පෙළදිගේ හොටු පෙර පෙර ආපු පෙම්වතුන් . ඒ සමහර පෙම්වතුන් නම් අද ලංකාවේ රජයේ රෝහල් කිහිපයක ඉහළ තානාන්තර දරන්නන් , මේ ලිපි කියවන්න තරම් විවේකයක් ඇත්ද දන්නේ නැහැ , කියෙව්වොත් ආයෙත් ඒ සුන්දර අවදියට හිතින් යනවා නිසැකයි.
එසේ නම් කතාවේ නිමාව , මේ මාතෘකාව කෙනෙකුට අළුත් දෙයක් වෙන්න පුළුවන් . නමුත් මේ තුල ඇති යථාර්ථය අද අපේ රෙටේ , සිදුවන සිදුවෙමින් පවතින දෙයක් . ඒ ගැන කතා කරන්නට එකුවුනු ඔබටත් ස්තුතියි , ඒ වගේම ලිපිය සරු කරගන්නට ඔබේ අදහස් , යෝජනා , අළුත් කරුණූ එක් කරන මිතුරු ඔබටත් ගෞරව පුර්වක ස්තුතියි පුද කරන්නටම ඕන , මක් නිසාද මේ සියල්ලේ එකතුවේ අවසානයේ තමයි ප්‍රෙයා්ජනයක් ඇති සටහනක් තැනෙන්නෙ .
එසේ නම් සැමට සුව සතුට පිරි දිනයක් !
“ෂ් ..ෂ් ... කෑගහන්නේ නැතිව ඉන්නව අක්කී , මේක බලල ඉවර වෙලා ඒ ගැන කතා කරමු , .... නේද “ පොඩ්ඩි මා දිහා බැලුවේ මගෙන් සහයෝගයක් ලැබේවි කියල වගේ .
“මෙහෙම කරමු , දැන් බ්රේක් එකක් අරගෙන දෙන්න එක්ක හදපු කෑම ටිකක් කාල ඉමුනේ ? “ මනෝජගේ යෝජනාව , සම්මත කිරීම මගෙන් . නැවැත්තුවා චිත්තරපටිය මොහොතකට ,
“ මතක නැහැ ! , ඒ කියන්නේ තාත්ත මේක ඉස්සර වෙලා බලල තියෙනවාද ? “ පොඩ්ඩි ඇස් ලොකු කරගෙන පුදුමයෙන් ,
“ හ්ම් නෙට්ෆ්ලික්ස් එකේ දැන් මේක තිබුණට , අපි මේක බැලුවෙ අවුරුදු දාසයකට විතර ඉස්සර ...ඒ කාළේ ඔයාල දෙන්න හැරමිටියෙන් යන ආච්චිල දෙන්නෙක් වෙන්න ඇති ..“
“එතකොට අම්ම ! “
“ හ්ම් , ඒ මට ඔයාලගේ අම්ම හමුවෙච්ච මුල්ම කාළේ , හැබැයි මේ ෆිල්ම් එකනම් බැලුවේ තාත්තයි , තව යාළුවෝ කට්ටියකුයි ,ගාල්ලේ ප්‍රින්සස් එකේ තමයි තිබුණේ , ඒ දවස් වල ඔය සිංදුව හරිම ජනප්‍රියයි , “
“ එහෙනං ඉතින් ෆෝන් වල රිංග් ටෝන් වල තියෙන්නම ඇතිනේ “ ලොක්කි එකතු කළා .
“ඒකනම් මට මතක නැහැ මොකද මගේ ගාව තිබුණේ ගඩොල් බාගයක් වගෙ ලොකු මොටරෝලා එකක් , ඒකේ ඔය සෙල්ලං දාන්න බැහැ , අඩුගණනේ ටෙක්ස්ට් මැසේජ් යවන්නත් බැහැ .“
“මොනව , ටෙක්ස් යවන්න බැරි මොබයිල් ! “
“ඔව් මගේ ගාව තිබුණූ සෙල්ටෙල් එකේ A 130 එකක් , එකේ මැසෙජ් යවන්න බැහැ , CLI නැහැ , කෝල් එකක් එනකොට call කියල වැටෙනවා එච්චරයි . ඒ වුනාට විනාඩියකට රුපියල් හතරක්ද කොහෙද කැපෙනවා . “ කට්ටිය ෆිල්ම් එක බලන එක පැත්තක් තියල මේ අතීත කතාව අහන්න පටන් අරගෙන .
![]() |
ආදර මතක රැඳි ගඩොල් බාගේ |
![]() |
සම්බන්ධකං දුන්නු සෙල්ටෙල් |
අවුරුදු දාසයක විතර අතීතයට ගිය හිත තාමත් ඒ අතීතයේ හිරවෙලා වගේ දැනෙනවා . SMS තිබුණෙ නැති , පැය ගණන් කණෙ ගහගෙන ඉන්න දුරකථන සබඳතා නොතිබුණු ඒත් , පිටුගණන් පිරවුනු ආදර සටහන් , පොත් ගණන් ලියපු ඒ අතීත කොහොම අමතක කරන්නද ?
කොහොම වුනත් අද දවසේ සිදුවුනු මේ කතා බව එක්ක ලියන්න මාතෘකාවක් හිතට ගෙනාවා , ඒ SMS එහෙම නැත්නම් Text messeges ගැන . ඇත්තටම නිකම්ම ටෙක්ස්ට් නොවෙයි . අද දවසේ තවමත් අපේ අවධානය (අපේ රටේ ) ඒ තරම් යොමු නොවුනු , නමුත් අවධානය යොමු විය යුතු නව තාක්ෂණයේ වෙනස් දිසාවක් ගැන. විශේෂයෙන්ම අනිසි ලෙස භාවිත කිරීම නිසා යොවුන් වියේ දරුවන් යම් අවදානමකට , යොමු කරවන මේ Sexting ගැන තමයි අද කතාව .
එහෙම නම් දැන් තමයි කතාව පටන් ගන්නේ .
මොකක්ද මේ සේකස්ටින් Sexting ?
![]() |
මෙන්න තවත් Sexting එකක් ? |
කෙසේ වෙතත් මේ Sexting වචනයත් එක්කම යොවුන් දරුවන් දිසාවට යොමුවන තවත් අළුත් වචනයක් එකතු වුනා , ඒ තමයි Sexting virginity , මේ කන්‍යාභාවය බිඳෙන්නේ අමුතු විදියකට , ඒ කියන්නේ තමන්ගේ නිරුවත් ඡායාරුවක් , තමන්ගේ ජංගම දුරකථනය ඔස්සේ තවත් අයෙකුට යොමු කළා නම් ඇය (හෝ ඔහු ) කෙස්ටින් කන්‍යාභාවය බිඳගත් අයෙක් . දැන් දැන් , ලෝකයේ රටවල් තුල කෙරෙන දත්ත එක් රැස් කිරීම් , පර්යේෂණ ඔස්සේ හඳුනාගනිමින් තිබෙනවා මේ Sexting සහ ඒ ඔස්සේ සිදුවන Sextign virginity බිඳි වැටීම් ක්‍රමයෙන් වැඩිවෙමින් පවතින බව . එසේ සිදුවන බිඳ වැටීම් හැම අවස්ථාවක්ම අවාසනාවන්ත නොවුනත් , එසේ අවාසනාවන්ත තත්ත්වයට පත් විය හැකි අවදානම වැඩිවෙමින් පවතින බවහඳුනාගෙන තිබෙනවා.
වැඩේ කෙරෙන හැටි ...
ඒ අවාසනාවන්ත තත්ත්වයන් විය හැක්කේ මෙන්න මෙහෙම .
අපි මෙහෙම හිතමු , දෙදෙනෙක් ආදරවන්තයින් බවට පත්වෙනවා , විශේෂයෙන්ම යොවුන් ආදරය තුල මතුවන “ලිංගික කුතුහලය“ නිසා , අයෙක් අනෙකා යෝජනා කරනවා ,
“මට එවන්න ඔයාගෙ ලස්සන ෆෝටෝ එකක් , ළඟතියා ගන්න , මතක තියා ගන්න , “ ....අනේක පාර්ශවේ කැමරාවෙන් ගත්ත පිංතූරයක් ඇමුණුමක් විදියට එවනවා ,
“මෙහෙම එකක් මදි අනේ , මට එවන්න ඔයාගේ ටිකක් සෙක්සි ෆොටෝ එකක් , ........... ....... වගේ එකක් ... ලැජ්ජවෙන්න එපා , මටනේ එවන්නේ “
කොහොම හරි ඊළඟ Text පණිවිඩයේ ඇමිණිලා තිබෙන්නෙ ඇයගේ / ඔහුගේ නිරුවත් /අඩ නිරුවත් ඡායා රූපයක් වෙන්න පුළුවන් . ඒ කියන්නේ දැන් Sexting virginity එක බිඳ ගත්ත
.. දැන් ඒකද ප්‍රශ්නෙ ? .... නැහැ එතන නොවෙයි ප්‍රශ්නේ , ප්‍රශ්නේ මතුවෙන්නේ මේ විදියට එන ඡායාරූප , නැත්නම් ප්‍රකාශන ලබා ගත් තැනැත්තා , තවත් අයෙක් වෙතට යොමු කිරීමේ , පෙන්වීමේ ඉඩක් තිබෙනවා . සම කණ්ඩායම තුල “තත්ත්වය“ පවත්වා ගන්න , “තමන් ලොක්කෙක්“ , ලොක්කියෙක් බව පෙන්වන්න , තමන්ට “සෙක්සි පෙමවතියක් / පෙමවතෙක් “ ඉන්න බව පෙන්වන්න , එහෙම නැත්නම් ඇයගෙන් / ඔහුගෙන් විනෝද වන්නට text පණිවිඩය තවත් කෙනෙකුට යොමු කරන්නට පුළුවන් . මෙන්න මෙතැනින් තමයි ප්රශ්නය මතුවෙන්න පටන් ගන්නේ .
තත්ත්වය තව දුරටත් දරුණූ වෙන්නේ මේ බැඳීම බිඳි ගිය තැන , නැත්නම් වෙනත් අරමුණක් මත පවත්වා ගත්ත සබඳතාවක් නම් මෙන්න මේ අවස්ථාවේ , තමන් ළඟ ඇති නිරුවත් / අඩනිරුවත් ඡායාරූපය වාසියට යොදා ගනිමින් සමාජයීය වශයෙන් / මානසික වශයෙන් බලෑමට යටත් කරගන්නට පුළුවන් , Cyberbullying වලදි වන්නේත් මෙයමයි(වෙනස එහිදි අන්තර්ජාලය යොදා ගැනීම විතරයි) .
එහි අවසානය , මානසික අවපීඩනයට පත්වූ යොව්වනයෙක් /යව්වනියක් හෝ සිය දිවි නසා ගන්නා තැනට පත්වූවෙක් වන්නට පුළුවන් . අද අපේ රටේ සිදුවන සමහර සිදුවීම් පිටුපස මේ Sexting නැතැයි කියන්නට බැරි තරම් , ඒකට හේතු බොහොමයි ,
1.අද බොහොම සුළු මුදලකට කැමරාවක් දුරකථන සබඳතාවක් ඇති දුරකථනයක් ගන්නට පුළුවන් .
( එදා නම් ලොකු මුදලකට හම්බවුනේ නිකම්ම නිකං අඟල් බාගෙක විතර මොනොක්‍රෝම් තිරයක් ඇති , අඟල් පහක් විතර දිග ඒරියල් එකක් ඇති , ගඩොල් බාගයක් , මගේ වයසේ ඉන්න මිතුරන්ට මතකද මන්දා ඒ දවස් වල බෑග් වල ෆෝන් එක දාන්නම වෙනම පොකට් එකකුත් තිබුණා , මොකද ෆෝන් එක් ඒතරම් ලොකු උපකරණයක් ) , අනෙක් අද පාසල් දරුවන්ට ෆෝන් එකක් අරන් දෙන එක ෆැෂන් එකක් , ඇත්ත දරුවගේ ආරක්ෂාවට ෆෝන් එක යොදා ගන්න පුළුවන් , හැබැයි ඒ සඳහා ඉහළ ගණයේ කැමරා ඇති , අන්තර්ජාල පහසුකම් ඇති ෆෝන් ඕන නැහැ , සාමාන්‍ය පහසුකම් ඇති දුරකථනයක් ප්‍රමාණවත් .
2.අද යොවුන් ආදරයේ මුල් පියවරම , ලිංගික එක්වීමකට හදිස්සියක් දක්වනවා , ඒ තත්ත්වයට ඒ දරුවන් පොළඹවන සමාජයක බිහි කරළා තිබෙනවා .මීට අවුරුද දහයකට පහලොවකට ඉස්සර වෙලා හොරෙන් හාදුවක් දෙන්න බය වුනු කෙල්ලන් අද පහුවෙනිදාම තනියම ටිකක් කතා කරන්න රූම් එකකට එක්කරගෙන නොගියොත් තමන්ගේ පෙම්වතා කිසි හයියක් නැති කොල්ලෙක් බවට පත්කරවන , එහිම අනෙක් පැත්ත , තමන් කියන තැතට නොඑන කෙල්ල කිසි කමකට නැති , සම්බනධයක් තියා ගන්න බැරි කෙල්ලක් බවට හඟවන රැල්ලක් , වටපිටාවක් මතුවෙමින් තිබෙනවා. (මේ සමහර වචන මට හමුවු දරුවන් තමන්ගේ ගැටළු ප්‍රකාශ කරත්දි කියැවුනු ආකාරයෙන්ම ලියැවුනා , හැබැයි මේ මීට වසර පහකට විතර ඉස්සර තත්ත්වය , අද සමහර විට මීට වඩා වෙනස් ඇති) .
3.අද දවසේ පෙම්සබඳතා බිඳි වැටිමකදි සිදුවන වේදනාව විඳගන්නා ආකාරය හුඟක් වෙනස් වෙලා , පළිගැනීම කියන දේ මිනිමැරුමක් තරමට තියුණූ වෙලා , නමුත් එදා පෙම්වතිය හැරි ගිය පමණින් ඇයගේ හදවත කෑළි වලට කපන්න තරම් අපරාධයක් කරන්නට හිතුනා නම් ඒ ඉතාමත් කළාතුරකින් .
අද හැම දේම ක්ෂණිකයි , ඒ නිසා මේ Sexting වලින් විය හැකි ආපදාවන්ද ක්ෂණිකයි , ඒ වගේම ඒ ක්ෂණික තීරණය කෙළවර මරණයක් වන්නට ඇති ප්‍රවණතාවයත් ඉහළයි . මෙන්න මේ නිසා අපි දැනට වඩා තරමක වැඩි අවදානයක් මේ Sexting පිළීබඳව යොමු කරන්නට කාළය මේ කියල හිතෙනවා.
අවුරුදු 13-26 අතර දරුවන් යොදා ගනිමින් කළ පර්යේෂණයක ප්රතිපලයකටඅනුව ඇයි මෙහෙම Sexting යවන්නේ කියන එකට ලැබුණූ පිළීතුරු මෙන්න මේ වගේ් . (මේ පර්යේශණය ලංකාවේ කළ එකක් නොවෙයි , නමුත් අපට යමක් ගත හැකියි මේ දත්ත වලින්)
- පෙම්වතිය /පෙම්වතා ගේ ආකර්ශනය / අවධානය පවත්වා ගන්නට
- පෙම්වතියගේ / පෙම්වතාගේ බලපෑම නිසා
- තමන් සරාගී පෙම්වතෙක් බව හැඟවීමට / උත්තේජනය කිරීමට
- තමන්ගේ සරාගී හැඟීම් උත්තේජනය කරගැනීමට
- ධනාත්මක ප්‍රතිචාරයක් අපේක්ෂාවෙන්
- මිතුරන්ගෙන් මතුවන යොමු කිරීම් පීඩනයන් යෝජනාවන් නිසා
මේ හැම අවස්ථාවකදිම Sexting තුල පැවතිය හැකි මුළික අකාර දෙකක් තිබෙනවා ,
මේ ලෙසින් භාවිත කෙරෙන කෙටි යෙදුම් කිහිපයක් මෙහි සටහන් තබන්නේ මෙය කියවන දෙමාපියන් වැඩිහිටියන්ගේ අවධානයට , හේතුව තමන්ගේ දරුවගේ ජංගම දුරකථනයේ තිබෙන සමහර පණිවිඩ අම්මට තාත්තට නොතේරෙන්න පුළුවන් මොකද ඔවුන්මේ අළුත් කෙටි යෙදුම් ගැන ඒ තරම් විමසුමක් නැති නිසා . තවත් දෙයක් මේ අද බොහෝ රටවල ප්‍රසිද්ධ කෙටි යෙදුම් , නමුත් මීට වඩා ඇති , අළුත් ඒවත් ඇති , කෝකටත් මේ අවදානම ගැන දැන ගන්න එක වටින නිසා අපි ටිකක් බලමු මේ අළුත් කෙටි යෙදුම් මොනවද කියල .
- එක මෛථූනමය (ලිංගික) කාර්ය හා බැඳුනු ප්‍රකාශන , යෝජනා පෙළඹවීම සහිත වචන ,
- අනෙක නිරුවත් අඩ නිරුවත් ඡායාරූප හෝ වීඩියෝ දර්ශන .
![]() |
සීමාවෙන් පිටට නොපැන |
CD9 / Code 9 = Parent / Adult around
PAW = Parents Are Watching
PIR = Parent In Room
POS = Parent Over ShoulderP911 =Parent Alert
PAL =Parents Are ListeningYWS = You Want Sex
RU18 = Are You 18?
NALOPKT = Not A Lot Of People Know This
8 - Oral Sex
143 - I Love You
cu46 = See You For Sex
DUM = Do You Masturbate?
GNOC = Get Naked On Cam
GYPO = Get Your Pants Off
GNRN = Get Naked right Now
IWS= I Want Sex
IIT =Is It Tight?
Q2C=Quick To Come
TDTM =Talk Dirty To Me
NIFOC =Naked In Front Of Computer
JO =Jerk Off
එහෙම නම් මේ සෙක්ස්ටින් වල ඇති අවදානම් මොනවද? මුලින් කීවාක් මෙන් මේ පණිවිඩ තවත් කෙනෙක් අතට පත්වීම , පත් කිරීම තුලින් පණිවිඩය එවන්නා තමාගේ අතිශ්‍ය පෞද්ගලිකත්වය අනතුරක හෙලා ගන්නවා , එහි අවදානම් අවස්ථා බොහොමයි , ඒ විතරක් නොවෙයි මෙ පිළීබඳපර්යේෂණ කරන්නන්දැනට සොයාගෙන තිබෙනවා මේ විදියට සේකස්ටින් බහුලව හුවමාරු වන මිත්‍රත්වයන් අතරේ අනාරක්ෂීත අයුරින් සිදුවන ලිංගික එක්වීම් , අවදානම් ලිංගික චර්යාවන් බහුල බව . මේ නිසා ලිංගික සම්ප්‍රේෂණ රෝග පැතිරීමේ අවදානමක් විතරක් නොවෙයි , මානසික අවපීඩනය , සමාජිය වශයෙන් අපවාදයන්ට ලක්වීම් සහ එයින් දරුනු විපාක විදියට සියදිවි නසා ගැනීම් වලට පවා අවස්ථාවක් ඇති බව. යෞව්වනයන්ට පමණක් නොවෙයි , සෙක්ස්ටින් නිසා තම වෘත්තීය ජීවිතය , දේශපාලන ජීවිතය නැති කරගත් ලොව පිළිගත් වැඩිහිටියන්ද සිටිනවා .
මේ විදියට නරකම කියත්දි සෙක්ටින් හරහා තමන්ගේ ලිංගික ආවේග එකිනෙකා අතරේ හුවමාරු කරගැනීම යම් අකාරයක වැදගත් බවත් කියැවෙනවා. එහි ඵලදායි බව රඳා පවතින්නේ යුගල බැඳීමේ එකිනෙකා අතර ඇති විශ්වාසවන්ත බව මත . ඒ විශ්වාසවන්ත බව හඳුනාගන්න ගත වන කාළය ඉවසීමෙන් දරා ගන්නට පුළුවන් නම් මේ සෙක්ස්ටින් වලින් වන හානිය අඩු කරගන්නට පුළුවන් වේවි . ඒ්ත් ඒ ඉවසීම අද තිබේද කියන එකනේ ප්‍රශ්නේ .
අවසානය , අපි මේ ගැටළුට ගත යුතු ආරක්ෂක පියවරයන් මොනවාද ?

තරුණ දරුවන් තමන්ගේ මිතුරා , මිතුරිය පිළිබඳ පවත්වා ගත යුතු විශ්වාසවන්ත භාවය පිළිබඳව නිවැරදි හඳුනාගැනීම කිරීම හරිම වැදගත් . තම බැඳීම් පවත්වා ගන්නට කළ යුතු කැප කිරීම් , ඒවායේ ස්වභාවයන් සහ විශේෂයෙන්ම තමන්ගේ ආරක්ෂාව රැක ගත යුත්තෙ කෙසේද කියන කරුණූ ගැන දුරට හිතන එක වැදගත් වේවි.
විිශේෂයෙන්ම තමන්ගේ නිරුවත් ඡායාරූපයක් කැමරාවකට යොමු කරත්දි , යොමු කරවා ගනිත්දි , නැවත වරක් ඒ ගැන හිතන එක පරිස්සමට හොඳයි ඒ වගේම තම පෙම්වතාගෙන් දිගින් දිගටම ඒ ඉල්ලීම් එනවා නම් සියල්ල සමබරව රැකගන්නට කළ යුතු දේ ගැන වෙන්නට ඉස්සර වෙලා හිතා බලන එක වටීවි.
ඔබන්න පෙර සිතා බලනු !

දැන් දෙමාපියන් පැත්තට හැරෙමු , මුලින්ම ඔබත් දරුවාත් අතර ඇති දුරස්ථ බව බිඳ දමන්න කාළයයි මේ , රාජකාරි , රැකියා , පුහුණූ , මුදල් තරඟය තුල ඔබ කරන කැපකිරීම් නිසි පල දරන්න නම් ඔබේත් දරුවාත් අතර ඉහත සාධක නිසාම ඇතිව තිබෙන දුරස්ථ බව බිඳින්නටම ඕන . ඒ විතරක් මදි ,

දරුවාට තමාගේ අතිශ්‍යය පෞද්ගලික ප්‍රශ්නයක් වුවත් තමන්ගේ දෙමාපියන් සමඟ කතා කළ හැකි පරිසරයක් තනා දෙන්න. මෙතැනදි යොවුන් ආදරය , ලිංගිකත්වය , උපත්පාලනය , සමාජරෝග ගැන කෙළින්ම දරුවගේ මූණ බලාගෙන කතා කරන්න පුළුවන් , දැනුවත් කරන්නට පුළුවන් හැකියාවක් සහ දැනුමක් ගොඩනගා ගන්නටම ඕන. ආදරය , ලිංගික එක්වීම් , උපත්පාලනය , සමාජරෝග , සෙක්ස්ටීන් වගේ වචන ගෙදර තහනම් චවන කරන්නට අවශ්‍ය නැහැ , විශේෂයෙන්ම නව යොවුන්වියේ දරුවන් සිටින ඔබ .දෙමාපිය පාර්ශවය , දරුවන්ට ආදරේට ලබා දෙන නව තාක්ෂණික උපකරණ ගැන ටිකක් දැන ගෙන ඉන්න එක හුඟක් වැදගත් , පරිගණකයක් අරන්දෙත්දි , අඩුම තරමේ එයින් විය හැකි වාසි සහ අවදානම් , අවදානම් වලින් දරුවා රැක ගන්නා ආකාරය පිළිබඳව දැනුවත් වෙන්න . අනෙක ආදරේ වැඩි කමට ඉහළම තාක්ෂණික පහසුකම් ලබා දෙනවා වෙනුවෙට , දරුවාගේ වයසට , මූලික අවශ්‍යතාවට ප්‍රමාණාත්මක පරිගණකයක් , දුරකථනයක් ලබා දෙන්නට සැළකිළිමත් වෙන්න. තව දුරටත් ,අරන් දුන්නු උපකරණය භාවිත කරන විදිය ගැන ටිකක් අවධානයෙන් ඉන්න , මෙ ගැන වැඩි දුරට 122 ලිපියේ විස්තර කළ නිසා නැවත ලියන්නට යන්නේ නැහැ)
මෙන්න මෙතැනදි තමන්ගේ දරුවගේ ජංගම දුරකථනය , සිදුවී ඇති පණිවිඩ හුවමාරු , වැඩි පුර භාවිත කරන වේලාවන් ගැන අවධානයෙන් ඉන්න (මෙන්න මෙතැනදි අර කෙටි යෙදුම් ගැන දැන ගැනීම වටීවි) . හැබැයි මෙතැනදි කියන්නේ දරුවගේ ෆෝන් එක බලෙන් අරගෙන “මැසේජ් චෙක්‘‘ කරන එක නොවෙයි , ඒක ගැටළුව වඩාත් නරක පැත්තට යොමු කිරීමක් , උපක්රමශීලීව දරුවාගේ චර්යාවන් හඳුනාගන්නට ඉඩක් , හැකියාවක් ඔබට තිබෙන්නටම ඕන ,එලෙසින් , වෙනසක් , ආපදාවක සේයාවක් ඇති විට දඩුවම් දෙනවාට වඩා ආදරෙන් ඔබේ දරුවා ඉන් ගලවා ගන්න.
එහෙම නැතිව “අපේ දරුවෝ ඔය ජරා වැඩ කරන්නේ නැහැ , අපේ ළමයි හොඳ ළමයි , අපේ කොල්ල කෙල්ලෙක් දිහා බලන්නේ නැහැ , අපේ කෙල්ලත් එහෙමයි “ සිතමින් හිටියොත් , හෝමෝන වෙනස්වීම් , සමාජය පෙළඹවීම වගේ සාධක වල බලපෑම් වලට ගොදුරු වෙලා අවාසනාවන්ත තත්ත්වයට පත් වුනු දරුවෙක් බවට ඔබේ දරුවා පත්වන්නට අවදානමක් නැතැයි කාටනම් කියන්නට පුළුවන්ද ?
මොකද යෞව්වන වයසෙදි මේ කුතුහලයන් , ආකර්ෂණයන් , සැහැල්ලු සුන්දර ප්‍රේමයන් , ගිනිලන ලිංගික ආශාවන් කුතුහලයන් මතුනොවෙනවා නම් එතැනත් යම් ගැටළුවක් , ඒ නිසා මේ සියල්ල සමබරව පවත්වා ගනිමින් යහපත් පුරවැසියෙක් රටට ලබා දීම ඔබේ භාර දූරම වගකීම බව සිත තබා ගතයුතුමැයි .