කාළෙකට පස්සෙ , මතක විදියට සොඳුරු සුව අසපුවට ලිපියක් එක් කරන්නේ මාස දෙකකින් විතර. විවිධාකාර වෙනසවීම් , අවිවේකය , වගේ කාරණාවන් ගණනාවක් මේ ප්‍රමාදයට හේතුවුනා. ඒත කාළෙකට පස්සේ “සිංහල බ්ලොග් පරිශ්‍රයට“ ඇවිත් බලත්දි හිතට සතුටක් වගේම පුංචි දුකකුත් ඇති වුනා . සතුටනම් .... අළුත් බ්ලොග් ගණනාවක් එක්වී තිබීම , දුක නම් තිබුණු බොහොම රසවත් , නිර්මාණශිලී වගේම දැනුමක් ලබා ගන්නට තිබුණු බ්ලොග් ගණනාවක් යාවත්කාලීන වන බවක් පෙනෙන්නට නොතිබීම .
කෙසේ වෙතත් නිවාඩුවක් ලැබුණු දවසේ පුළුවන් සටහන් ටිකක් කියවගෙන යත්දි විශේෂ යමක් ඇස ගැටුන , ඒ අපේ රටේ දක්ෂ වයලීන වාදකයෙක් වුනු රුවන් වීරසේකර සංගීතවේදියා රෝගාතුරව සිටින බව . තව දුරටත් මේ ගැන කියවත්දි දැන ගන්නට ලැබුණෙ ඔහු දියවැඩියා කෝමා තත්තවයෙන් තවමත් පෙළෙන බව (පුවත් පත් වාර්තා අනුව) .
මේ හේතුව ඔස්සේ යමින් , ඔහුට ඉක්මන් සුවය පතමින් දියවැඩියාවේ එක්තරා සංකූලයක් , නැත්නම් අපදාවක් ගැන ලියන්නටයි අද උත්සාහ කරන්නේ . ඒ Hypoglyemic coma හයිපෝග්ලයිසීමික් කෝමා (මේකේ නියම සිංහල වචනය දන්න කෙනෙක් එකතු කළොත් එය වටිනවා) .
එහෙම නම් තවත් වැල්වටාරම් නැතිව මාතෘකාවට ඇතුළු වෙමු. මුලින්ම මේ තත්ත්වයේ මූලය හෙවත් දියවැඩියාව ගැන පොඩ්ඩක් කතා කරල ඉමු.
“දියවැඩියාව“ කියූ පමණින්ම අපේ හිතට එන්නෙ මොනවද ? සීනි එක්ක තරහ වෙච්ච , තුවාල හොඳ වෙන්නෙ නැති , අැස් වල පෙනීමත් අඩුවෙන තව කරදර ගණනාවක් එක්ක දවස ගානේ පෙති ගහමින් හරි ඉන්ජෙක්ෂන් විදිමින් හරි ජීවත් වෙන්නට සිදුවෙන “කරදරකාර“ ලෙඩක් . අපේ රටේ හුඟ දෙනෙකුට දියවැඩියාව පිළිබඳ යම් අවබෝධයක් තිබෙන නිසා වැඩි පුර ඒ ගැන කියන්න යන්නෙ නැහැ. නමුත් සරළ මතක් කිරීමක් කළා කමක් නැහැනේ ?
පුංචි පහේ මං කාළේ ඉඳළම දන්න විදියට අපි ගන්නා ආහාර බඩට ගියාම දිරවන්න පටන් අරගෙන , අවසානයේ එහි තිබෙන පෝෂණ කොටස් ඉතාර සරළ මට්ටමට දිරෙව්වට පස්සෙ බඩවැල් ඕස්සෙ අපේ ලේ වලට උරා ගන්නවා . මේ විදියට උරා ගන්න පෝෂක කොටස් අතර ලොකු ප්‍රෝටින් හදන පුංචි එකා “ඇමයිනෝ අම්ල“ , බඩ තඩි කරන තෙල් කුට්ටිය හදන්න සහයෝගය දෙන මේද අම්ල වගේම “ඇන්ජිම දුවන්න“
ඕන කරන “පැට්‍රෝල් වගේ (මෙහෙ විදියට නම් ගෑස් වගේ) “ වැඩ කරන ග්ලුකෝස් ප්‍රධාන තැනක් ගන්නවා , මීට අමතරව විටමින , විවිධ ඛනිජ අයන වර්ග , ජලය එහෙමත් උරාගන්නවා අපේ ලේ නහර ඇතුලට . මෙ හැමෝගෙන්ම මගේ කතාවට වැදගත් “ග්ලුකෝස් “ ලේ වලට උරා ගෙන නහර ,“ පාරවල් “දිගේ ඉස්සරහට යත්දි , ලේ වල පාවි පාවි ඉන්න “ඉන්සියුලින්“ කියන ටැක්සියේ උදව්වෙන් අපේ සෛල ගෙවල් වලට ළඟා වෙලා , සෛල ඇතුලට ගිහින් එයාට කන්න බොන්න දෙනවා . එහෙම සෛල ගෙවල් වලට ගියාට පස්සෙත් ලේ නහර කියන පාරවල් වල “ග්ලුකොස් “ වැඩිපුරා එකතු වුනොත් ඒ වැඩි පුර ටික අක්මාවට කැන්දගෙන ගිහින් නවාතැන් දෙනවා අක්මාව ඇතුලේ .
හැබැයි දියවැඩියාවෙදි වෙන්නේ මොකක්ද ? නොම්මර එකේ දියවැඩියාව (Type I Diabetic mellitus) තත්ත්වයේදි ඇඟ ඇතුලේ “ඉන්සියුලින් ටැක්සි“ ඇඟ ඇතුලේ හැදෙන්නෙම නැහැ ( මොකද ඉන්සියුලින් හදන ෆැක්ටරි ඇත්තෙම නැහැ කියල කියමු ) , ඉතින් එයාලගේ ඇඟේ ග්ලුකොස් සෛල වලට ගෙනියන්න ක්‍රමයක් ඇත්තෙම නැහැ , ඒ කියන්නේ එයාගේ ඇඟේ සෛල වලට ජීවත් වෙන්න බැරිව යනවා . ඒ නිසා තමයි මේ රෝගීන්ට ඉන්සියුලින් විදිීම අනිවාර්ය , හුඟක් වෙලාවට මේ තත්ත්වය පුංචි දරුව කාළෙම මතුවෙනව . හැබැයි ටිකක් වයසට ගිහින් මතුවෙන්නත් පුළුවන් .
දෙවන වර්ගයේ දියවැඩියාවෙදි වෙන්නේ එක්කෝ ඇඟ ඇතුලේ හදන ඉන්සියුලින් (හරියට ටැක්සි කාර් වගේ) අවශ්‍යතාවට ප්‍රමාණවත් නැහැ , එහෙම නැත්නම් ඉන්න ඉන්සියුලින් හරියට වැඩ කරන්නේ නැහැ . ඒ නිසා තමයි මේ අයට බොහෝ වෙලාවට දියවැඩියා පෙති දීල ඉන්සියුලින් පණ ගන්වල , සෛල එක්ක ගණු දෙනුව හරියට කරවන්න උත්සාහ කරන්නේ .
මේ කෝක වුනත් අපි හිතමු ලෙඩාගේ ඇඟ ඇතුලේ ඉන්සියුලින් නැහැ , නැත්නම් හරියට වැඩ කරන්නේ නැහැ කියල. දැන් කෑමට ගන්න දේවල් ජීරණය වෙලා සාමාන්‍ය විදියටම ලේවලට ග්ලුකෝස් එකතු වෙනවා , ඒත් මේ ග්ලුකෝස් සෛල ඇතුලට ගෙනියන්න ක්‍රමයක් නැහැ , ලේ වල ගොඩගැහෙනවා , මෙන්න මේ තත්ත්වයේදි තමයි ලෙඩාට “සීනි වැඩි වෙලා“ කියල දොස්තර මහත්තයා දියවැඩියා පෙති හරි ඉන්ජෙක්ෂන් හරි නියම කරන්නේ . ඔන්න දැන් තමයි අපෙ කතාවට වැදගත්ම තැන .
අපි දැන් මෙහෙම හිතමු , අපෙ ලෙඩා දොස්තර මහත්තය කියන විදියටම දියවැඩියා බෙහෙත් ගත්ත , කියපු වෙලාවට කෑම බීමත් ගත්ත , දැන් මොකද වෙන්නේ ලේ වලට එකතු වෙන “ග්ලුකෝස්“ බෙහෙත් වලින් උනන්දු කරන ඉන්සියුලින් වල උදව්වෙන් ලේ වල අනවශ්‍ය තරමට ගොඩගැහෙන්නෙ නොදි සෛල වලට යනවා , ඒ කියන්නෙ සෛලත් හොඳට ජීවත් වෙනවා , ලේ වලත් ඕන කරන තරමට ග්ලුකෝස් තියෙනවා , ඒ එක්කම එහෙට මෙහෙමට දුවන ඉන්සියුලින් ටැක්සිත් තියෙනවා , හදිස්සියක් වුනොත් සෛලයට පුළුවන් ටැක්සියකට පොඩි කෝල් එකක් දාල ඕන කරන “ග්ලුකෝස් ටිකක්“ ගෙන්න ගන්න . ඒ කියන්නේ දැන් ලෙඩාට දියවැඩියාව තිබුණත් “හොඳින් පාළනය කරගෙන තිබෙනවා“ .
නමුත් ,
අපේ ලෙඩා දොස්තර මහත්තයා කියන විදියට හරියටම බෙහෙත් ටික බිව්වා , නැත්නම් විදගත්තා , හැබැයි වෙලාවට කෑම ගත්තේ නැහැ . දැන් මොකද වෙන්නේ. ඉන්සියුලින් තිබුනට දැන් සෛල වලට කන බොන දේවල් “ ග්ලුකොස් “ අඩුයි , ඒත් සෛල වලට කෑම ඕන, මොනව කරන්නද ? ඉන්සියුලින් දැනට ලේවල ඉතිරි වෙලා තියෙන “කෑම , ග්ලුකෝස්“ ටික අරගෙන ගිහින් සෛල වලට දෙනවා , වැඩේ තාවකාලිකයි , ඊළඟට ආයෙත් සෛල වලට බඩගිනි වුනාම කෑම ඉල්ලනවා , දැන් ඉතින් දෙන්නේ මොනවද ? වෙනද නම් අක්මාවේ තියෙන ගබඩාවෙන් හරි ගෙනත් දෙන්න පුළුවන් ,ඒත් අද ඒ ගබඩාවේ වැඩත් හරියට කෙරෙන්නෙ නැහැ . දැන් කෑම නැහැ , ඒත් සෛල කෑම ඉල්ලනවා , සෛල කිව්වට ඇඟේ අනිත් සෛල වලට කෑම නැතිව ටිකක් දුෂ්කර ක්‍රියාවක් කරගෙන ඉන්න පුළුවන් වුනත් (දැන් හයිපෝගල්යිසිමික් වුනත් තවම හයිපොග්ලයිසිමික් කෝමා තත්ත්වයට පත් වෙලා නැහැ ) , මොළයෙ සෛල වලට ඕන වෙලාවට කෑම නැති වුනොත් ජීවත් වෙන්න අමාරුයි , ඒ කියන්නේ මොළයෙ සෛල වලට අවශ්‍ය ග්ලුකෝ්ස් ප්‍රමාණය නොලැබුණොත් මොළයේ සෛල මිය යන්නට තිබෙන ඉඩ වැඩියි ,මොළයේ සෛල මිය ගියොත් , ඒ අඩුව පුරවන්නට අළුතිත් සෛල පැටවු හැදෙන්නෙ නැති නිසා ( ඒ කියන්නේ ඇඟේ අනෙක් දේහ සෛල මිය ගියත් අළුත් සෛල පැටවු ඇවිත් ඒ අඩුව පුරවනවා ) සිදුවෙන විනාශය විශාලයි , එ් වගේම නැවත නිවැරදි කරන්නට බැරි හානියක් සිදුවන්නේ .මෙන්න මේ විදියට මොළයට නරක බලපෑමක් කරන තත්ත්වය අපි වෛද්‍ය විද්‍යාවෙදි නම් කරන්නේ Hypoglycaemic coma කියලා ( Hype කියන්නේ “අඩුවීම“ , Glyca කියන්නේ “සීනි“ emia කියන්නෙ “ලේ වලට coma කියන්නේ සිහිමුර්ජාවට . )
දියවැඩියාවෙදි ඇතිවන්නට පුළුවන් ඉතාම භයානක හදිසි සංකූලයක් තමයි මේ Hypoglycaemic coma තත්ත්වය. මෙතැනි මම භයානක කියන වචනය යොදා ගත්තේ නිසි ලෙස ප්‍රතිකාර නොලදොත් “මරණීය“ වන්නට හෝ ජීවිත කාළය පුරාම පවතින දුබලතාවක් එක්ක සිටින්නට ඉඩ පාදන තත්ත්වයක් නිසා.
දැන් අපි මෙ Hypoglycaemic coma කියන තත්ත්වය පිළිබඳව තව දුරටත් සවිස්තරව කතා කරමු ,
ලේ වල සීනි ප්‍රමාණය , 70mg/dl (3.9 mmol/l) ට වඩා අඩුවුනු අවස්ථාව Hypoglycaemia විදියටයි නම් කරන්නේ , මෙහෙම වෙන්න ප්‍රධාන හේතුවක් මේ කතා කළ සිදුවීම , ඊට අමතරව අදාල රෝගියා දියවැඩියා ඖෂධ (හෝ ඉන්සියුලින්) අධිමාත්‍රාවක් ගැනීම , එහෙම නැත්නම් ප්‍රමාණයට වඩා ව්‍යායාම කිරීම , නැත්නම් ප්‍රමාණයවත් ආහාර නොගැනීමත් ( විශේෂයෙන්ම අදාල රෝගියා මධ්‍යසාර පානය කළේ නම් සිහි කල්පනාව දුර්වල වෙන්න ඉස්සර සීනි , පිෂ්ඨය අඩංගු ආහාරයක් ලබා ගැනීම හරිම වැදගත්) , මේ තත්ත්වයට හේතුවක්.
මොනවද රෝග ලක්ෂණ , මුලින්ම කියන්න ඕන මේ (හයිපෝග්ලයිසිමික් තත්ත්වය ඇති වන්න දියවැඩියාවෙන් පෙළෙන කෙනෙක්ට , ඒ කියන්නේ ඔහු හෝ ඇය දන්නවා තමන්නේ ලේ වල සීනි මට්ටම පිළිබඳ සැලකිල්ලෙන් ඉන්න එක වැදගත්බව . මුලින්ම එන්න පුළුවන් පොඩි හිසේ රුදාවක් ,බොඳ වෙලා පේන ගතියක් , බර ගතියක් එක්ක බඩගින්නක් , දියවැඩියාවට ප්‍රතිකාර ගන්න කෙනෙක් හුඟක් සැලකිලිමත් විය යුතු ඒත් හුඟ දෙනෙක් නොසලකා හරින රෝග ලක්ෂණ දෙකක්මේ . තවත් ටික වෙලාවකද ඇඟගැහෙන ගතියක් , වෙව්ලීමක් අසාමාන්‍ය විදියට දහදිය දැමීමක් ඇති වෙන්න පුළුවන් , ( මේක රෑ නිදා ගතිත්දි සිදුවුනොත් ඇඳ රෙදි තෙමෙන තරමට දාඩිය දාල තියෙන්න පුළුවන් ) දැන් හොඳ කල්පනාවෙන් කෑමට යමක් , විශේෂයෙන්ම සීනි සහිත කෑමක් බීමක් නොගත්තෝත තව ටිකකදි පපුව තදින් ගැහෙන බවත් එක්කම කල්පනාව ටිකක් අඩුවටව දැනෙන්ට ඉඩ තිබෙනවා , මෙතැනින් එහාට ගියාම රෝගියා ටිකක් නොසන්සුන් නැත්නම් කළබලකාරී හැසීරීමක් සමහර විට අපස්මාරය රෝගියෙක් වගේ ගැස්මක් පෙන්වන්නත් පුළුවන් . දැන් රෝගියා එක්ක කතා කළොත් ඔහු හෝ ඇය ලබා දෙන උත්තර තේරුම් ගන්න හරිම අමාරුයි , හරියට මත්පැන් වලින් පදම් වුනු කෙනෙක් දෙන උත්තර වගේ පැහැදිල නැති “බර හඬක් “ විතරක් ඇහෙන්න පුළුවන් . (නමුත් රාත්‍රියේ නින්දට ගිය වෙලාවකට නම් මේ සමහර ලක්ෂණ හදුනාගන්නට සිදුනොවන්න පුළුවන් , මක්නිසාද මොළයට අවශ්‍ය ග්ලුකෝස් නොලැබීමත් එක්ක දුර්වල වන , මොළයේ සෛල , නිදමතක් , කල්පනාව අඩු ගතියක් ඇති කරන නිසා ) .
මේ ලක්ෂණ දිහා වැඩි වෙලා බලා නොහිට ඉක්මන් ප්‍රතිකාරයක් ලබා දීමයි වැදගත් . විශේෂයෙන්ම රෝගියාට දැනෙනවා නම් තමන්ට දියවැඩියාව ඇති බව සහ මතුවන ලක්ෂණ ඔස්සෙ Hypoglycaemia තත්ත්වයක් දැයි සැක මතුවනවා නම් බව ඉක්මණින් ආරක්ෂිත තැනකට යන්න , (මේ රිය පදවන අතරේ නම් ඉක්මණින්ම ආරක්ෂිතව රිය නවතා ) වාඩි වෙන්න , තමන් සන්තකයේ ඇති “සිනි මේස හැදි දෙකක් “ විතර කටට හලා ගන්න , නැත්නම් හකුරු කෑල්ලක් , ටොෆියක් (වඩාත්ම හොඳ ග්ලුකෝස් ටිකක් තිබුණානම්) ඊට පස්සේ පුළුවන් නම් පළතුරු බීමක් , සීනි දාපු තේ ටිකක් බොන්න , ( බොන්න දෙන්න ) . බොහෝ විට විනාඩි කිහිපයකදි මතු වුනු ලක්ෂණ ක්‍රමයෙන් අඩුවන බවක් දැනෙනවා , නමුත් කළබල වෙන්න එපා , දැන්ම නැගිටල දුවන්න හදන්න එපා , වඩාත් හොඳයි තවත් කෙනෙක්ගේ සහයෝගය ඇතිව ටික වෙලාවක් රැඳී ඉන්න එක . ( තිබනවා නම් ග්ලුකගන් එන්නත සමට විදගන්නට අවස්ථාව ) මේ අතරේ තමන් ළඟ තිබෙනවා නම් ලේ වල සීනි මට්ටම මනින උපකරණය , පරික්ෂණය කරගෙන දැනට තිබෙන සීනි මට්ටම සටහන කර තබා ගන්න , මොකද තව ටිකකින් රෝහලට ගියාම ඒ දත්ත හුඟක් වැදගත් වන නිසා.
තත්වය යහපත් මට්ටමට පැමිණුනා නම් මේ අවදානම් අවස්ථාව අමතක වන්නට පෙර ළඟම තිබෙන රෝහලට ගිහින් වෛද්‍යවරයෙක් හමුවන්න , මක් නිසාම Hypoglycaemia තත්ත්වය එන්නට හේතු සාධක නැවත සොයා බැලීම හුඟක් වැදගත් නිසා තවත් කීවොත් Hypoglyceamic coma තත්ත්වයට පත්නොවී සිටිම හුඟක්ම වැදගත් නිසා . එතැනදි තමන්ට ඇති වුනු ලක්ෂණ , ඊට පෙර තමන් ඖෂධ ගත්තාද නොගත්තාද වල , කෑම වේල ගත්තාද මග හැරුනාද කියන එකත් වෛද්‍යවරයාට පවසන එක තමන්ගේ ජීවිතයේ ආරක්ෂාවට වැදගත්.
අවසානයේ කියන්න තියෙන දේ කෙටියෙන් කීවොත් ,
දියවැඩියාවෙන් පෙළෙනවා නම් නිසි ලෙස වෛද්‍ය සායනයට යන්න , ඖෂධ නියම වෙලාවට , නියමිත ප්‍රමාණයට ගන්න , පුළුවන් නම් ගන්නා ඖෂධ , ගත් වාර ගනණ , වෙලාව පොත් පිංචක සටහන් කර ලබා ගන්න. ලබා දෙන උපදෙස් වලට අනුකූලව නියමිත කාළ අන්තරයෙන් නොවරදවා ආහාර වේල ගන්න. හැම වෙලාවකම තමන් ළඟ ග්ලුකෝස් ටිකක් , සීනි ටිකක් ටොපියක් දෙකක් , (මාතෘකාවේ ඇටේ කීවේ මේකටයි හොඳේ ) බිස්කට් ටිකක් ළඟ ගන්න. ඒව තිබුණට මතක ඇතිව කට පරිස්සම් කරගන්න . වැදගත්ම දේ රෝගය ගැන , දියවැඩියාවේදි ඇතිවිය හැකි Hypoglycaemia වැනි සංකූල පිළිබඳව දැනුවත්ව ඉන්න , අන්තිමට යන හැම තැනකම තමන්ගෙ රෝග විනිශ්චක කාඩ් පතේ පිටපතක් අරගෙන යන්න . මේ රටවල නම් විශේෂිත අත්පලදනා , පච්චයන් පවා මේ සඳහා යොද ගන්නවා (මේ පව්ව ගැන මීට ඉස්සර කතා කළා වගේ මතකයි මෙන්න මේ ලිපියෙදි http://www.nursinglk.com/2013/07/138_15.html ) .
එහෙම නම් මේ සියල්ල නිවැරදිව කරගෙන ගියොත් දියවැඩියාවෙන් සහ මෙවන් සංකූල වලින් විය හැකි ආපදාවන් අවම කරගන්න පුළුවන් වේවි .
ලිපියේ නිමාවේ නැවතත් අපේ මධුර වයලීන ස්වරයෙන් සිත් සතන් සහනාලූ රුවන් වීරසේකර සංගීතවේදියාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි . ( මෙම ලිපිය තුල ඔහු පිළිබඳව සටහන් කළ ඔහු මේ විට රෝගාතුරව සිටින්නේ කිනම් තත්ත්වයක් නිසා දැයි මම නිසි ලෙස නොදනිමි , නමුත් සිංදු ඇනෝගේ මෙම ලිපියෙන් ඔබට තවත් තොරතුරු ලබා ගත හැකි වේවි , http://sinduano.blogspot.ca/2015/05/blog-post_14.html - ස්තුතියි සිංදු ඇනෝට )
ඔහු පිළිබඳ මේ විඩියෝවට ඔබේ නෙත සිත යොමුවනු ඇතැයි උදක්ම අපේකෂා කරමි .
![]() |
පිංතුරය ගත්තේ සිංදු ඇනෝ ගේ පිටුවෙන් |
මේ හේතුව ඔස්සේ යමින් , ඔහුට ඉක්මන් සුවය පතමින් දියවැඩියාවේ එක්තරා සංකූලයක් , නැත්නම් අපදාවක් ගැන ලියන්නටයි අද උත්සාහ කරන්නේ . ඒ Hypoglyemic coma හයිපෝග්ලයිසීමික් කෝමා (මේකේ නියම සිංහල වචනය දන්න කෙනෙක් එකතු කළොත් එය වටිනවා) .
එහෙම නම් තවත් වැල්වටාරම් නැතිව මාතෘකාවට ඇතුළු වෙමු. මුලින්ම මේ තත්ත්වයේ මූලය හෙවත් දියවැඩියාව ගැන පොඩ්ඩක් කතා කරල ඉමු.
“දියවැඩියාව“ කියූ පමණින්ම අපේ හිතට එන්නෙ මොනවද ? සීනි එක්ක තරහ වෙච්ච , තුවාල හොඳ වෙන්නෙ නැති , අැස් වල පෙනීමත් අඩුවෙන තව කරදර ගණනාවක් එක්ක දවස ගානේ පෙති ගහමින් හරි ඉන්ජෙක්ෂන් විදිමින් හරි ජීවත් වෙන්නට සිදුවෙන “කරදරකාර“ ලෙඩක් . අපේ රටේ හුඟ දෙනෙකුට දියවැඩියාව පිළිබඳ යම් අවබෝධයක් තිබෙන නිසා වැඩි පුර ඒ ගැන කියන්න යන්නෙ නැහැ. නමුත් සරළ මතක් කිරීමක් කළා කමක් නැහැනේ ?
පුංචි පහේ මං කාළේ ඉඳළම දන්න විදියට අපි ගන්නා ආහාර බඩට ගියාම දිරවන්න පටන් අරගෙන , අවසානයේ එහි තිබෙන පෝෂණ කොටස් ඉතාර සරළ මට්ටමට දිරෙව්වට පස්සෙ බඩවැල් ඕස්සෙ අපේ ලේ වලට උරා ගන්නවා . මේ විදියට උරා ගන්න පෝෂක කොටස් අතර ලොකු ප්‍රෝටින් හදන පුංචි එකා “ඇමයිනෝ අම්ල“ , බඩ තඩි කරන තෙල් කුට්ටිය හදන්න සහයෝගය දෙන මේද අම්ල වගේම “ඇන්ජිම දුවන්න“
![]() |
http://www.connecttoresearch.org/images/pubs/AZ_d0489-1.jpg |
හැබැයි දියවැඩියාවෙදි වෙන්නේ මොකක්ද ? නොම්මර එකේ දියවැඩියාව (Type I Diabetic mellitus) තත්ත්වයේදි ඇඟ ඇතුලේ “ඉන්සියුලින් ටැක්සි“ ඇඟ ඇතුලේ හැදෙන්නෙම නැහැ ( මොකද ඉන්සියුලින් හදන ෆැක්ටරි ඇත්තෙම නැහැ කියල කියමු ) , ඉතින් එයාලගේ ඇඟේ ග්ලුකොස් සෛල වලට ගෙනියන්න ක්‍රමයක් ඇත්තෙම නැහැ , ඒ කියන්නේ එයාගේ ඇඟේ සෛල වලට ජීවත් වෙන්න බැරිව යනවා . ඒ නිසා තමයි මේ රෝගීන්ට ඉන්සියුලින් විදිීම අනිවාර්ය , හුඟක් වෙලාවට මේ තත්ත්වය පුංචි දරුව කාළෙම මතුවෙනව . හැබැයි ටිකක් වයසට ගිහින් මතුවෙන්නත් පුළුවන් .
![]() |
http://news.bbcimg.co.uk/media/images/67032000/gif/_67032307_diabetes_types.gif |
මේ කෝක වුනත් අපි හිතමු ලෙඩාගේ ඇඟ ඇතුලේ ඉන්සියුලින් නැහැ , නැත්නම් හරියට වැඩ කරන්නේ නැහැ කියල. දැන් කෑමට ගන්න දේවල් ජීරණය වෙලා සාමාන්‍ය විදියටම ලේවලට ග්ලුකෝස් එකතු වෙනවා , ඒත් මේ ග්ලුකෝස් සෛල ඇතුලට ගෙනියන්න ක්‍රමයක් නැහැ , ලේ වල ගොඩගැහෙනවා , මෙන්න මේ තත්ත්වයේදි තමයි ලෙඩාට “සීනි වැඩි වෙලා“ කියල දොස්තර මහත්තයා දියවැඩියා පෙති හරි ඉන්ජෙක්ෂන් හරි නියම කරන්නේ . ඔන්න දැන් තමයි අපෙ කතාවට වැදගත්ම තැන .
අපි දැන් මෙහෙම හිතමු , අපෙ ලෙඩා දොස්තර මහත්තය කියන විදියටම දියවැඩියා බෙහෙත් ගත්ත , කියපු වෙලාවට කෑම බීමත් ගත්ත , දැන් මොකද වෙන්නේ ලේ වලට එකතු වෙන “ග්ලුකෝස්“ බෙහෙත් වලින් උනන්දු කරන ඉන්සියුලින් වල උදව්වෙන් ලේ වල අනවශ්‍ය තරමට ගොඩගැහෙන්නෙ නොදි සෛල වලට යනවා , ඒ කියන්නෙ සෛලත් හොඳට ජීවත් වෙනවා , ලේ වලත් ඕන කරන තරමට ග්ලුකෝස් තියෙනවා , ඒ එක්කම එහෙට මෙහෙමට දුවන ඉන්සියුලින් ටැක්සිත් තියෙනවා , හදිස්සියක් වුනොත් සෛලයට පුළුවන් ටැක්සියකට පොඩි කෝල් එකක් දාල ඕන කරන “ග්ලුකෝස් ටිකක්“ ගෙන්න ගන්න . ඒ කියන්නේ දැන් ලෙඩාට දියවැඩියාව තිබුණත් “හොඳින් පාළනය කරගෙන තිබෙනවා“ .
නමුත් ,
අපේ ලෙඩා දොස්තර මහත්තයා කියන විදියට හරියටම බෙහෙත් ටික බිව්වා , නැත්නම් විදගත්තා , හැබැයි වෙලාවට කෑම ගත්තේ නැහැ . දැන් මොකද වෙන්නේ. ඉන්සියුලින් තිබුනට දැන් සෛල වලට කන බොන දේවල් “ ග්ලුකොස් “ අඩුයි , ඒත් සෛල වලට කෑම ඕන, මොනව කරන්නද ? ඉන්සියුලින් දැනට ලේවල ඉතිරි වෙලා තියෙන “කෑම , ග්ලුකෝස්“ ටික අරගෙන ගිහින් සෛල වලට දෙනවා , වැඩේ තාවකාලිකයි , ඊළඟට ආයෙත් සෛල වලට බඩගිනි වුනාම කෑම ඉල්ලනවා , දැන් ඉතින් දෙන්නේ මොනවද ? වෙනද නම් අක්මාවේ තියෙන ගබඩාවෙන් හරි ගෙනත් දෙන්න පුළුවන් ,ඒත් අද ඒ ගබඩාවේ වැඩත් හරියට කෙරෙන්නෙ නැහැ . දැන් කෑම නැහැ , ඒත් සෛල කෑම ඉල්ලනවා , සෛල කිව්වට ඇඟේ අනිත් සෛල වලට කෑම නැතිව ටිකක් දුෂ්කර ක්‍රියාවක් කරගෙන ඉන්න පුළුවන් වුනත් (දැන් හයිපෝගල්යිසිමික් වුනත් තවම හයිපොග්ලයිසිමික් කෝමා තත්ත්වයට පත් වෙලා නැහැ ) , මොළයෙ සෛල වලට ඕන වෙලාවට කෑම නැති වුනොත් ජීවත් වෙන්න අමාරුයි , ඒ කියන්නේ මොළයෙ සෛල වලට අවශ්‍ය ග්ලුකෝ්ස් ප්‍රමාණය නොලැබුණොත් මොළයේ සෛල මිය යන්නට තිබෙන ඉඩ වැඩියි ,මොළයේ සෛල මිය ගියොත් , ඒ අඩුව පුරවන්නට අළුතිත් සෛල පැටවු හැදෙන්නෙ නැති නිසා ( ඒ කියන්නේ ඇඟේ අනෙක් දේහ සෛල මිය ගියත් අළුත් සෛල පැටවු ඇවිත් ඒ අඩුව පුරවනවා ) සිදුවෙන විනාශය විශාලයි , එ් වගේම නැවත නිවැරදි කරන්නට බැරි හානියක් සිදුවන්නේ .මෙන්න මේ විදියට මොළයට නරක බලපෑමක් කරන තත්ත්වය අපි වෛද්‍ය විද්‍යාවෙදි නම් කරන්නේ Hypoglycaemic coma කියලා ( Hype කියන්නේ “අඩුවීම“ , Glyca කියන්නේ “සීනි“ emia කියන්නෙ “ලේ වලට coma කියන්නේ සිහිමුර්ජාවට . )
දියවැඩියාවෙදි ඇතිවන්නට පුළුවන් ඉතාම භයානක හදිසි සංකූලයක් තමයි මේ Hypoglycaemic coma තත්ත්වය. මෙතැනි මම භයානක කියන වචනය යොදා ගත්තේ නිසි ලෙස ප්‍රතිකාර නොලදොත් “මරණීය“ වන්නට හෝ ජීවිත කාළය පුරාම පවතින දුබලතාවක් එක්ක සිටින්නට ඉඩ පාදන තත්ත්වයක් නිසා.
දැන් අපි මෙ Hypoglycaemic coma කියන තත්ත්වය පිළිබඳව තව දුරටත් සවිස්තරව කතා කරමු ,
ලේ වල සීනි ප්‍රමාණය , 70mg/dl (3.9 mmol/l) ට වඩා අඩුවුනු අවස්ථාව Hypoglycaemia විදියටයි නම් කරන්නේ , මෙහෙම වෙන්න ප්‍රධාන හේතුවක් මේ කතා කළ සිදුවීම , ඊට අමතරව අදාල රෝගියා දියවැඩියා ඖෂධ (හෝ ඉන්සියුලින්) අධිමාත්‍රාවක් ගැනීම , එහෙම නැත්නම් ප්‍රමාණයට වඩා ව්‍යායාම කිරීම , නැත්නම් ප්‍රමාණයවත් ආහාර නොගැනීමත් ( විශේෂයෙන්ම අදාල රෝගියා මධ්‍යසාර පානය කළේ නම් සිහි කල්පනාව දුර්වල වෙන්න ඉස්සර සීනි , පිෂ්ඨය අඩංගු ආහාරයක් ලබා ගැනීම හරිම වැදගත්) , මේ තත්ත්වයට හේතුවක්.
පටන් ගන්න හැටි |